සහල් මෙට්ට්‍රික් ටොන් 6,000 ක් පාකිස්තානයෙන් ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
දැනට වෙළඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස එම සහල් තොගය කඩිනමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.
පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ එම සහල් තොගය මෙරටට ආනයනය කිරීම නියමිත බවද එහිදී වැඩි දුරටත් සඳහන් කෙරිණ.










