• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්ටනෙට්වත් හරියට නෑ: කොරෝනා නිසා ගෙදර ඉන්න සිසුන්ට අඩු ගානෙ ‘ටැබ්’ එකවත් තිබ්බා නම්..

June 17, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ඉන්ටනෙට්වත් හරියට නෑ: කොරෝනා නිසා ගෙදර ඉන්න සිසුන්ට අඩු ගානෙ ‘ටැබ්’ එකවත් තිබ්බා නම්..
Share on WhatsAppShare on Facebook

අද මේ වෙනකොට මේ රටේ විශාල කතාබහකට ලක්වෙලා තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔන්ලයින් අධ්‍යාපනය. රටේ අධ්‍යාපනයට බරපතළ විදිහේ අර්බුදයකට මුහුණ දෙන්න තියෙන වෙලාවේ ඒකට ආපු එකම එක ගැලවුම්කාරයා තමයි ඔන්ලයින් අධ්‍යාපනය කියන්නේ. මොකද කොවිඩ් අර්බුදය නිසා පාසල් වහලා තියෙන්නේ හිතාගන්නත් බැරි විදිහට. කවදා අරීද? කවදා අරින්න පුළුවන් වෙයිද? කියන විසඳුමක්වත් අපට පේනතෙක් මානයකවත් නෑ. ඒ අතරතුරේ තමයි ඔන්ලයින් අධ්‍යාපනය එන්නේ. හැබැයි ඔන්ලයින් අධ්‍යාපනය අද ප්‍රවෘත්ති මවන දෙයක් බවට පත්වෙලා තිබෙනවා.අපි දකිනවා රූපවාහිනියේ සමහර අවස්ථාවල පැල්වලට වෙලා ඔන්ලයින් ඉගෙන ගන්න ළමයි, ගස් නැඟලා ඔන්ලයින් ඉගෙන ගන්න ළමයි, වහලෙට නැඟලා ඔන්ලයින් ඉගෙන ගන්න ළමයිනුත් පෙන්නනවා.

එතකොට ඇත්තටම අපට දුක හිතෙනවා. මේ අධ්‍යාපනය බරපතළ අර්බුදයක නේද කියලා අපට දැනෙනවා. හැබැයි මේ කියන්න යන කතාව ඔබට කිව්වම ඔබට සමහර විට පුදුමාකාර විදියට දුකක් හිතේවි. ඒ වගේම පසුතැවිල්ලකුත් ඇතිවේවි. හැබැයි දැන් අස්සයා පැනලා ගිහිල්ලා ඉවරයි. දැන් ඉස්තාලේ වහලා වැඩක් නෑ. ‘ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැක ගන්නේ’ කියලා අපේ ගම්වල මිනිස්සු කියපු කතාව මේ මොහොතේ ආයෙත් කියලා කතාව පටන්ගන්නම්.ඔබට මතකද දන්නෙ නෑ පහුගිය ආණ්ඩුව සූදානම් වුණා, ඔබේ දරුවාට ටැබ් එකක් දෙන්න. මේ ටැබ් එක දෙන්න හදපු හැම අවස්ථාවකම දේශපාලන වශයෙන් ආපු තර්කයක් තමයි ටැබ් එක විතරයි අපට අඩු කියන එක. ඒ අවස්ථාවේදී මේ සැලසුම හැදුවේ එවකට අග්‍රාමාත්‍යවරයාව හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා. සැලසුම ක්‍රියාත්මක කරන එක භාරදීලා තිබුණේ එවකට අධ්‍යාපන ඇමැතිව කටයුතු කරපු අකිල විරාජ් කාරියවසම්ට. හැබැයි මේ කිසිම කෙනෙක් මේ සැලසුම හරියට දියත් කළේ නෑ කියලයි අපි මේ වෙලාවේ දකින්නේ. නමුත් මේ ටැබ් එක දුන්නා නම් මොකක් වෙයිද කියලා අපි නිකමට කියන්න හිතුවේ ඒ වෙලාවේ ටැබ් එකට විරුද්ධව හඬ නඟපු ලක්ෂ ගණනක් මිනිස්සු අද වෙනකොට ඔන්ලයින් අධ්‍යාපනය නිසා අසරණ වෙලා ඉන්න නිසා. මේ ටැබ් එක ලබාදීම සඳහා සියලු කටයුතු ඇත්තටම මූලිකවම සූදානම් කරලයි තිබුණේ. ටැබ් අනූදහක් ලංකාවට එවන්නත් සැලසුම් කරලා තිබුණා. ඒ, පළමු වැනි අදියර විදිහට. පළමු අදියරේදී උසස් පෙළ අධ්‍යාපනයට සූදානම් වෙලා හිටපු ළමයින්ට මේ ටැබ් එක ලබාදෙන්නයි සූදානම් කරලා තිබුණේ. ටැබ් එක දුන්නා නම් අද වෙනකොට අඩුම තරමේ ළමයි අනූදාහකටවත් මේ ටැබ් එක ලැබිලා තියෙන්න තිබුණා. කොහොම නමුත් මේ පළමුවැනි ටැබ් අනූදාහ ජාතික පාසල්වල උසස් පෙළ ළමුන්ට ලබාදීලා, හැකි ඉක්මනින් අනිත් අයට ලබාදීම සඳහා සැලසුම් සකස් කරමින් ඉන්නකොටයි ආණ්ඩුවට ගෙදර යන්න වුණේ. ආණ්ඩුවට ගෙදර යන්න වුණා, කෙසේ වෙතත් ගෙදර යන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වුණා. ඒකට කවුරු වැරදිද කවුරු වගකියන්න ඕනේද කියන එක අපි දන්නේ නෑ. මේ ටැබ් එක ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළෙන්වත් ලොකු සහයෝගයක් ලැබුණේ නෑ. ඊට අදාළ කාර්යාංශවල අයට සමහර වෙලාවල තමන්ගෙ ප්‍රධානියාගේ නම හරියට තියෙන ලියුමක් ගහගන්න ලියුම් තුනහතරක් ගහන්න සිද්ධ වුණා. ඒ සියලු දේවල් අපි ඇස් දෙකෙන් දැක්කා. ටැබ් එක ලබාදුන්නාට පස්සේ සැලසුම තිබුණේ මේ විදිහට. ටැබ් එක තියෙන්නේ මුල් කාලයේ ඉස්කෝලයේ. ඒ කියන්නේ සති කිහිපයක් පාසලේ තියෙනවා. පාසල් මට්ටමින් ටැබ් එක චාර්ජ් කරලා ටැබ් එකට අවශ්‍ය කරන මූලික පහසුකම් ටික ලබාදෙනවා. ටැබ් එකේ කැමරාව ක්‍රියාත්මක කිරීම නතර කරන්නයි තීරණය කරලා තිබුණේ. ඒ ටැබ් එක වෙනමම ආකාරයකින් සකස් කරපු විශේෂ ටැබ් එකක්. ඒ ටැබ් එකෙන් ඔන්ලයින් අධ්‍යාපනය තමයි වඩාත්ම පහසුවෙන් කරන්න පුළුවන්කම තිබුණේ. මේ ඔන්ලයින් අධ්‍යාපනයේදී වැදගත්ම කාරණාව වෙන්නෙ අද වෙනකොට දරුවන් මූණදීලා තියෙන බරපතළ අර්බුදය තමන්ගේ ගෙවල්වලට සිග්නල් නැති වීම.

හැබැයි මේ ටැබ් එකේ කනෙක්ෂන් ලබාදීමට සූදානම් වෙලා තිබුණේ ‘ගූගල් ලූන්’ හරහා. ඒ කියන්නෙ චන්ද්‍රිකා තාක්ෂණය හරහා එන ඉන්ටනෙට් සිස්ටම් එකක් තමයි මේකට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේක ලංකාවට අදාළ කිසිම දුරකතන සමාගමකින් ගනුදෙනු කරන අවස්ථාවක් නෙමෙයි. ඒ සැලසුම හදලා තිබුණේ මේ විදිහට කනෙක්ෂන් අර්බුදය ලංකාවට බලපාන්න ඉඩ තියෙන නිසා. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල ඉතා නොදියුණු පැතිවලත් මේ විදිහට ටැබ්වලින් අධ්‍යාපනය හදාරනවා අපි පහුගිය දවසක ඒ ගැන හොයා බලද්දී දැක්කා. ඒ නිසා මේ විදියට ටැබ් එකක් ලබාදෙන සැලසුමේදී විශේෂයෙන් මූලිකත්වය දුන්නේ ලංකාවේ දුෂ්කර පැතිවලට වුණා නම් අද වෙනකොට මේ ගස් නඟින දරුවන්ට, වහලට නඟින දරුවන්ට ගෙදරට වෙලා අධ්‍යාපනය හදාරන්න තිබුණා. ඒ වගේම මේ ටැබ් එක රජයෙන් ලබාදෙන නිසා රජයෙන් ලබාදුන්නු ටැබ් එක ඊළඟ ව්‍යාපෘතියක් විදිහට තවදුරටත් මිනිසුන්ට, දරුවන්ට ලැබෙන විදිහේ සැලසුම් මේ ආණ්ඩුවටත් හදන්න වෙනවා ඒ ආණ්ඩුවට මේකට මුලපුරන්න ලැබුණා නම්. කොහොම නමුත් මේ ටැබ් එක සියලු පහසුකම් සහිතවයි දරුවන්ට දෙන්න සූදානම් වෙලා තිබුණේ.

ටැබ් එක හරහා ඔන්ලයින් අධ්‍යාපනය කරන්න ගුරුවරයාට විශේෂ ටැබ් එකක් ලබාදෙන්නත් සැලසුම් කරලා තිබුණා. ගුරුවරයාගේ ටැබ් එකේ පහසුකම් ප්‍රමාණය මේ දරුවන්ට ලබාදෙන ටැබ් එකට වඩා ටිකක් වැඩියි. ඒනිසා අද වෙනකොට ගුරුවරුත් මුහුණ දීලා තියෙන බරපතළ අර්බුදයට මේ ටැබ් එක ලබාදුන්නා නම් උත්තරයක් වෙනවා. මොකද මේ වෙනකොට ලංකාවේ තියෙන දුරකතන සමාගම් කොයි තරම් උත්සාහ කළත් ඔවුන්ට මුළු රටම ආවරණය වන පරිදි තමන්ගේ සේවය ලබාදෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එසේම කොළඹ නගරය, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ පවා තියෙනවා නිවැරදිව සිග්නල් ලබාදිය නොහැකි තැන්. ඒ වගේම වැස්ස වෙලාවක කරන පන්තියකදී දරුවෝ විශාල ප්‍රමාණයක් බරපතළ අර්බුදයකට මුහුණ දෙනවා. ඒ බරපතළ අර්බුදය දරුවන්ට වගේම ගුරුවරුන්ටත් තියෙනවා. ඒකට හේතුව දරුවෝ කිහිපදෙනෙක් පාඩම ඇහුණේ නෑ කිව්වම ගුරුවරයාට සිද්ධවෙන්නේ ආයෙත් ඒ පාඩම පැහැදිලි කරන්න. විභාග ළඟ එනවා. විභාග පිළිබඳ තොරතුරක් දන්නේ නැහැ. විභාග කවදා පැවැත්වෙයිද කියලා දන්නේ නැහැ. මේ වගේ අනියත තත්ත්වයක් යටතේ දරුවන්ට තියෙන එකම උත්තරේ වෙන්න තිබුණේ මේ ටැබ් එක. ටැබ් එක ලබාදීම සඳහා ඒ වෙනකොට රජයෙන් සියලු මුදල් වෙන්කරලා ඒ සඳහා අවශ්‍ය කරන සැලසුම් හදලා තිබුණා.

නමුත් අපි පැහැදිලිව දැක්ක කාරණයක් තමයි ඒ රජයේ හිටපු නිලධාරීන් පවා අවශ්‍ය වෙලාවට, අවශ්‍ය විදිහට නිවැරැදිව වැඩ කළේනෑ කියන එක. හැබැයි අද බලයට පත්වෙලා තියෙන එවක සිටි විපක්ෂය මේ ටැබ් එක ලබාදීමට එරෙහිව කරන්න පුළුවන් හැම දහංගැටයක්ම ගැහුවා අපි දැක්කා. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ ටැබ් එක දරුවන් අතට පත්වෙන එක නතර කිරීම. පළවෙනි ටැබ් එක දරුවා අතට පත්වීම නතර කරපු නිසා මේ ටැබ් එක අදටත් දරුවන්ට හීනයක් බවට පත්වෙලා. රටක රජය මොකක් වුණත්, පාට, පක්ෂ භේද මොනවා වුණත් රටේ අනාගතය සම්බන්ධව සැලසුම් හදනවා නම් අන්න ඒක හරියට තේරුම් ගන්න බැරි රටකට මේක හිතාගන්න බැරි තරම් අර්බුදයක්. මොකද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හිටපු කාලයේ වයි ෆයි දෙනවා කිව්වම අපි හිනා වුණා, වයි ෆයි කන්නද කියලා. ඒත් අද අපි දුක්විය යුතුයි. වයි ෆයි තිබුණා නම්, රට වයි ෆයි සෝන් එකක් වුණා නම්, මේ ඔන්ලයින් අධ්‍යාපන ප්‍රශ්නය තවදුරටත් ගැටලුවක් වෙන්නෙ නැහැ. ලෝකය ගෝලීය තාක්ෂණයත් එක්ක ඉදිරියට යනකොට අපි හිතුවේ පාසලේ ටොයිලට් එක හදාගන්න ඕනේ, පාසලට තියෙන පහසුකම් ටික හදාගන්න ඕනේ, අපේ ඉස්කෝලවල සමහරු ඉගෙනගන්නේ දරමඩුවල, සමහරුන්ගේ පන්තිවලට කොන්ක්‍රීට් දාලා නෑ, සමහරුන්ගේ පන්තිවලට හරියට බිත්තියක් නෑ කියලයි අපි හිතුවේ. හැබැයි දැන් පාසල්වල හදපු වැසිකිළි, පාසල්වල හදපු පන්ති කාමර පාසල්වලම දාලා ළමයි ගෙවල්වලට ඇවිල්ලා. පැල්වලට නැඟලා, ගස්වලට නැඟලා, වහලවල්වලට නැඟලා ඉගෙනගන්නවා. ටැබ් එකක් පිළිබඳ හීනයක් තිබ්බා කියලා කාටවත් මතකයක් නෑ.

හැබැයි මතක තියාගන්න නෝනාවරුනි, මහත්වරුනි, ඔබේ දරුවන්ට ලැබෙන්න තිබුණු ටැබ් එක ඔබේ දරුවාගේ අතට එන්න කලින් ඔබ තමයි සටන් පාඨ කිව්වේ, “අපිට ටැබ් එකක් විතරයි අඩු” කියලා.

දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි මේ නිකමට මතක් කළේ, අපි ලස්සන හීනයක් දැක්කා කියන එක. මේ ටැබ් එක ඔබේ දරුවාට ලැබෙන්නම තිබුණු එකක්. ඒත් දැන් මේ ටැබ් එක ඔබේ දරුවාට නොලැබෙනම එකක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඔන්ලයින් අරක්කු බෙදිල්ලට ආණ්ඩුවෙන්ම විරෝධය!

Next Post

විශ්වාසභංගය හෙට කතානායකට!

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.