• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1815 දළදා පෙරහරට වෙච්ච දේම 2021ත් වුණේ කොහොමද?

August 17, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
1815 දළදා පෙරහරට වෙච්ච දේම 2021ත් වුණේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

හන්තාන කඳු පන්ති මන්දාරම් වලා සළු අතරින් එබි එබී බලයි. රෝස සළු උනාදැමූ රොබරෝසියා යාය නිසොල්මන්ය. බහිරව කන්දේ සමාධි පිළිමය වැඳ එන අලුත් හුළං රැල්ලක් රජ වීදියෙන් දළදා වීදියට බැස එයි. වලාකුළු බැම්මෙන් වට කළ වෑදිය නිල්ලේ රත්තරන් පාට පහන් එළි සිතුවම් අඳී. ක්වීන්ස් හෝටලයට එපිටින් මාලිගා පිවිසුම අසබඩ පරෙවි රංචු සට සට ගගා පියඹා යයි. නුවර අහසෙන් බට වැහි කෝඩයක සෙනෙහස මැද නැදුන්ගමුවේ රාජා මාලිගාවට පැමිණියේය. තම්මැට්ටම් බෙර හේවිසි රැගත් මහ නඩයකට නුවර ඉඩ හැදෙමින් තිබේ. හැන්දෑවට රත්තරං පාට වෙන නුවර අහස යට අලුත් මංගල සිරියකි. ඒ ඇසළ මංගල්ලය නිසාය.

මේ ලියනා දින සිට දවස් කිහිපයකින් නුවර ඇසළ මංගල්ලය ඇරඹෙනු ඇත. වෙනදා නුවර වීදි ලක්ෂ ගණනක දෙස් විදෙස් මිනිසුන්ගෙන් පිරී ඉතිරෙන මේ කාලයට නුවර හැඩවෙයි. නුවර ගහකොළ අතරින් එල්ලෙන පාට පාට විදුලි එළි හරියට තෝඩු යායක් වගේය. උඩවත්ත කැලේට එපිටහ අහසේ අලුත් ඇහැළ හඳ උඩරට කන්දේ වලව්වල ඉන්නා අහංකාර කුමාරි හාමිනේ කෙනෙක්ගේ මූණ වගේ ලස්සනය. වැව රවුමේ වලාකුළු බැම්ම ඇගේ ඉණ බැඳි රත්තරන් හවඩිය වගේම දිළිහෙයි. ඈ ඇඳි සේලය සේ වැවේ රැලි සෙලවෙයි. ඇඟිලි වැඩවලින් හැඩවුණු ලාක්ෂා ගෑ ලී කණු උස්සා ඉන්නා පලා පෙතිවලින් සැරහූ වඩිම්බු ඇති සිංහල උළු වලව් ගෙවල් නුවර සරසයි. බිත්ති, කන්දේ සිට සොහොන් ගේ තෙක්ම නුවරට හැඩයක් තිබේ. ඒ හන්දාම පෙරහැර සන්දියේ නුවර තිරිහං වෙයි. සුද්දාගේ කාලයේ සිටම ඇති ගොඩනැගිලිත්, ඊට එපිටහ සන්දියේ ඇහැලේපොළ, ඇල්ලේපොළ, කැප්පෙටිපොළ ගෙවල්වලත් රාජරාජ මහ ඇත්තන්ගෙන් මැඳුරුවලත්, සීමැඳුරු කවුලු පෙරහැර කාලයට තරුණ පාට වෙයි. කොරෝනාවෙන් විලංගු ඇතිමුත් මෙදා පෙරහැරට යන්න වෙන්නේ පාළු නුවරකටය. ඒත් මෙදාත් පෙරහැර නතර නොකරන්නට ඒවායේ තේරුම් බේරුම් ඇති ඇත්තෝ තීන්දු කර තිබේ.

මේ ඒකෙ හොඳ නරක ගැන කතා කරන ලිපියක් නොවන වග කියවන ඔක්කොම තෝරුම් බේරුම් කරගත යුතුය. මේක නරක කාලයක් බව හැබෑය. නුවර ඉස්පිරිතාල ලෙඩවෙන උන් තරමටම මියැදෙනා උන්ද දරාගන්නට බැරි ගානට ඇවිත් අවසන්ය. එහෙව් සමයක පෙරහැරක් හා ඔට්ටුවෙන්නට නුවර පුළුවන්ද කියනා ප්‍රශ්නය මේ ලියනා තත්පරය වෙනකල්ම එහෙමය. හැබෑවටම ආරක්ෂාව තරම් වෙන මොනවත් මේ වෙලාවේ වැදගත් නැත. විiාවටත්, විiාවට හසු නොවනා සීමාවේ ඒවාටත් අහුකරගන්නට බැරි හිංචි තක්කඩියෙක් යළි මුළු ලෝකෙම ගිලගනිමින් තිබේ. එහෙම කලක නුවර හැඩ වුණාය කියා පෙරහැරක දිගට ඉඩ තිබේදැයි ප්‍රශ්න එමටය. ඒවාට උත්තර දෙන්නට තරම් දැනුම් තේරුම් ජගතෙක් දන්නා තුන් ලෝකයක නම් තවම නැත. ඒ නිසා ආරක්ෂාවට මුල් තැනක් දීමට සියලු රාජරාජ මහාමාත්‍යාදීන් කටයුතු කළ යුතුමය. ඒ ආරක්ෂාවට සියලුම ඉඩකඩදී මෙවරත් පෙර පරිදි පෙරහැර කන්ද උඩරට අසිරි සිරි මැද මඟට බසිනු ඇත.

ඒත් මේ ලියන්නට තනන්නේ මීට බොහෝ කලකට පෙර වංගියක සිදුවීමක් ගැනය. එදාවත් කන්ද උඩරටත්, පාතරටත් දෙක අයිති කරගෙන උන්නේ සුද්දෝය. අපේ නිලමෙලා කඩවත්රැක, මංකඩවල මැහි මත රැක හිඳ අවසන මඟුල් මඩුවේදී ඔප්පු තිරප්පු ලියා රටම පාවාදුන්නේය. එතැන් පටන් සුද්දා බයිනෙත්තු ගෙන රැක උන් නුවර වීදිවල අපේ උන් බයේ ගැහෙමින් යායුතු විය. පරම්පරා ගානක් රැකබලා උන් තේවා සිරිත් විරිත්වලට තහංචි වැටුණේය. හැංගි හොරා කළ කී දෙයක් මිසක්ක පුද පූජාවකට කලින් වගේ පිළිවෙළක් තිබුණේ නැත. ඒත් එව්වා නොතැකුණේය කියා වරදවාගත යුතු නැත. කෙරෙන්නේ මුත් සාර සොබාවක් තිබුණේ නැත. එහෙව් වංගියේ කන්ද උඩරට මහා මංගල්ලයට සුද්දෝ තහංචි දැමුවේය. නුවර නිලමක්කාරයෝ දත්මිටි කාගෙන ඉවසා උන්නේය. මේක එහෙව් වංගියේ කතන්දරයකි.

එක්දහස් අටසිය පහළොවේ ලංකාව සම්පූර්ණයෙන්ම සුද්දන්ට යටවිය. එදා සිට සිංහලේ සිරිත් විරිත් ආදියට තහංචි වැටුණේය. එකදස් අටසිය දහඅටේ කැරැල්ල වගේ එව්වා මෙව්වා නිසා මේ තහංචි නම් රළු‍ පරළු‍ විය. අපේ උන්දලාට ඔළුව උස්සාගැනිල්ලක් ගැන හිතන්නටවත් බැරි විය. මේ කාලයේ කැරැලි කෝලාහල අස්සේ වඳුරු වසංගත ගෙට ගොඩ වුණේය. සුද්දෝ කන්ද උඩ මැඳුරුවල මැරි මැරී යන්නට වූහ. සිංහල වෙදමහත්තුරු බේතක් හේතක් කළේ නැත. නිතරෝම මන්දාරමක් යන එන කන්ද උඩරටට වැහි බිඳිත්තක් නැතිව වසර ගානක් ගෙවා දමනන්නට සිදුවිය. සුද්දන්ට කරකියා ගන්නට දෙයක් තිබ්බේ නැත. එහෙට මෙහෙට පයින්ඩ යැව්වා මිස උත්තරයක් නැත. නුවර ලේසි පාසු නගරයක් නොවනා වග සිංහලයෝ දැන උන්නෝය. අදටද ඔය කතාව එහෙම්ම වලංගුය.

නුවර ගැන දැනමුත්තෝ අදද කියන්නේ ඔය කතන්දරයමය. අදත් නුවර රාත්‍රිය පුදුමාකාරය. නුවර සාමාන්‍යයෙන් රාත්‍රියට ව්‍යාපාරයක්වත් සාර්ථකව කරගෙන යා නොහැකි බව සාමාන්‍ය විශ්වාසයයි. නුවර රාත්‍රිය විසිතුරුව යන්නේ පෙරහැර කාලෙට විතරයි. ඒ කාලෙට නුවර පහන් ආලෝකය වැඩිවෙන බව අදත් නුවර මිනිස්සු විශ්වාස කරනවා. ඒ සියල්ල එක්ක බැඳුණු කතන්දර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැන අපි පස්සෙ කතාකරමු. මොකද මේ වෙලාවෙ කතාකරන්‍ට තියෙන අපූරු කතන්දරයක් තවමත් එහෙම්මමයි.

මේ කතන්දරය වෙන වංගියෙම තැබූ සටහනක් තවම ඉතිරියි. ඒ සටහන තියලා තියෙන්නෙ එදා පෙරහැර රාජකාරි බාරව උන්න නිලමක්කාර උන්නැහැ. මේ ඒ සටහනේම උපුටා ගැනිල්ලක්. පසුව දිවංගත ඩී.ඩී. රණසිංහ පාඨශාලාචාර්යතුමන් 1928දී මේ ගැන සටහන් ඉතිරිකරලා තිබ්බා. මේ ඒ සටහනෙන් උපුටනයක්. මේ එදවස පෙරහැර ලේකම් මිටියෙ තිබුණ විත්තිය.

‘කුඹයට අනගි මැණික් බඳනා ලද ස්වර්ණමය වූ ලක්ෂ්මී රූපයක්ද නොයෙක් ප්‍රකාරයෙන් කැටයම් වැඩ කළ රත්රන් නෙත්ති මාලයක්ද ද‍ල දෙකට කොණ්ඩායම් එල්වන ලද ගල් බැඳි රන්කොපු දෙකක්ද, කර්ණ යුගලයට රත්රන් මිටි සහිත සුදු පැහැති සෙමෙරවලින් කළ වල්විදුනා දෙකක්ද ඉදිරියේ කකුල් දෙකට ගිගිරි වළලු‍ දෙකක්ද, රන් සැත් රන්පොරොදු ආදී හස්ත්‍යාභරණද යන මෙයින් සැරසූ සියලු‍ හස්ති ලක්ෂණයෙන් සම්පූර්ණ වූ හතළිස් පහේ ඇත් නාම්බා පිට වත පුටුව බැඳ, ඊපිට රන්හිළි ගෙයක් පනවා ඒ තුළ රිදී දම්වැල්වලින් එල්ලූ තොටිල්ල මැද පේශ ලේන්සු පහක් අතුරා ඊට පිට දහස් ගණන් අගනා මැණික් බැඳි නොයෙක් රන්දමින් සැරසූ නවරත්‍නයෙන් බැබලූ රන්දළදා කරඬුව වැඩමවා ඒ පෙළහර කරන ඇත් නාම්බාගේ මස්තකයට විසිතුරු මල් වියනක් අල්වාගෙන එම ඇතාගේ අවට දළදා මාලිගාවේ වට්ටෝරුකම් කරන අයවල් වඩන තලාතු අරගෙන බිමින් ගමන් කළෝ ඊට දකුණු පැත්තෙන් දෑසමන් මල්පිරූ රන් තැටියක් අතින්ගෙන මහගබඩා නිලමේ කරවන දුනුවිල රාජකරුණාධාර ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත මුදියන්සේ රාළහාමිද, රන්කම් කළ රතුවිල්ලෝඩි සේසතක් අතින්ගත් පස්ගම දේවාලයේ බස්නායක නිලය කරවන වෑගොඩපළ නිලමේද, රන් පළිහක් අතින් ගත් නානායක්කාර ලේකම කරවන කඩිගමුව් තිලකරත්න මුදියන්සේ රාළහාමිද යන මේ තුන් පළ රත්රන් වැඩ ඇති කාප්ප සැට්ටයක් පොරවාපු කෙන්ගල්ලේ කුඩා ඇත් නාම්බා පිටද, ඊට වම් පැත්තෙන් දෑසමන් මල් පිරූ රන් තැටියක් අතින්ගත් උඩ ගබඩා නිලමේ කරවන දෙහිගම නවරත්න අතපත්තු වාසල මුදියන්සේ රාළහාමිද, රන්කම් කළ පට විල්ලෝඩි සේසතක් අතින් ගත් කතරගම‍ දේවාලයේ බස්නායක නිලය කරවන දොඩම්තලේ කඳුරේ මුදියන්සේ රාළහාමිද, රන් පළිහක් අතින්ගත් වහල‍ගොඩ දේවාලයේ බස්නායක නිලය කරවන දිවෙල්ගම නිලමේ ද යන මේ තුන්පළ රන්වැඩ ඇති රතු කාප්ප සැට්ටයක් පොරවාපු ඇම්බැක්කේ ඇත්නාම්බා පිටද, ඊළඟට කවිකාර මඩුවේ ඇත්තෝද, සවිසිවැනුව රත්රන් වැඩ ඇති රතු විල්ලෝඩි සේසතක් ගත් ජන්තුරේ දේවාලයේ බස්නායක නිලය කරවන වේරගොඩ වික්‍රමසිංහ මුදියන්සේ රාළහාමිද, රිදී සේසතක් අතින් ගත් කැන්දවල දේවාලයේ බස්නායක නිලය කරවන මුල්ලේගම හේරත් දවුණ්ඩ වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් පණ්ඩිත රාජපක්ෂ මුදියන්සේ රාළහාමිද රිදී පළිහක් අතින්ගත් මහබද්ද ලැබී තිබුණු වට්ටාරන් තැන්නේ මොලගොඩ රාජපක්ෂ අතපත්තු වාසල රාළහාමිද යන මේ තුන්පළ රත්රන් වැඩ ඇති රතු කාප්පු සැට්ටයක් පොරවාපු නැලිගමයා යන ඇත්නාම්බා පිටද, ඊට දකුණු පැත්තෙන් රන් සේසසත් අතින් ගත් ගබඩා නිලය කළ මුල්ලේගම නිලමේද රිදී පළිහක් අතින්ගත් නානායක්කාර ලේකම කළමත්තගොඩ නිලමේද, සුදු සෙමෙර වල්විදුනාවක් අතින් ගත් නුවරකලාවියේ දිසාව කළ නුගවෙල නි‍ලමේද, ඊට වම් පැත්තෙන් රන් සේසතක් අතින් ගත් මහ දේවාලයේ බස්නායක නිලය කරවන උනම්බුව රාජකරුණා රාජපක්ෂ තෙන්නකෝන් වාසල මුදියන්සේ රාළහාමිද, රිදී පළිහක් අතින් ගත් කතරගම දේවාලයේ බස්නායක නිලය කළ මඩුගල්ලේ බස්නායක නිලමේද සුදු සෙමෙර වල්විදුනාවක් අතින්ගත් විල්බාවේ දේවාලයේ බස්නායක නිලය කරවන අංගමම්න රන්පන්හිඳ දිවාකර මුදියන්සේ රාළහාමිද යන මේ තුන්පළ රිදී වැඩ ඇති රතු පච්ච වඩම් සැට්ටයක් පොරවාපු ගෝඹරයා යන ඇත්නාම්බා පිටද, සත්විසිවැනිව දකුණු පැත්තට මහ ලේකමේ ඇත්කඳ ලිහිණියා ඇති කොඩිය සහ එම ලේකම පයිඬ තිබෙන අයවල් සහිත හමුදාවද, අටවිසිවැනිව මල්වත්තේ විහාරයේ සහ අස්ගිරි විහාරයේ මහානායක, අනුනායක, කාරක මහා සංඝයා ඇතුළු දොළොස් නමක්ද, විසිනවවැනිව, වෙඩික්කාර ලේකම් මහත්මයා සහ එම ලේකමේ රතු පාට කොඩිය ඇතුළුව එම පේරුවේ පයිඬ තිබෙන අයවල් සහ හමුදාවද, තිස්වැනිව, නානායක්කාර ලේකමේ පයිඬ තිබෙන අයවල් සහ හමුදාවද, එක්තිස්වැනිව, වඩන තුවක්කුකාර ලේකමේ සුදු පටකොඩි ඇතුළුව එම ලේකම් පයිඬ තිබෙන අයවල් සහ හමුදාවද, දෙතිස්වැනිව, පඬිකාර ලේකම් මහතා ඇතුළුව එම ලේකම් රතු පටකොඩියා සහ එම පේරුවේ පයිඬ තිබෙන අයවල් සහිත හමුදාව දයන මෙකී රදළවරු සහ හමුදාවත්, මෙකී පිළ‍ිවෙළින් පෙරහැර කිරීමට මාලිගාවේ වාහල්කඩ ගාවින් නික්ම ස්වර්ණ කල්‍යාණ වීථිය, යටිනුවර වීදිය, රිදී වීථිය, නාගහ වීථිය, උඩුනුවර වීථිය යන මේ වීථිවල පෙළහැර කර දෙවනුව මළු‍වේ මණ්ඩපයට පැමිණ දළදා කරඬුව රන්හිළිගෙයට වැඩම වූ පළමු කී රදළවරුන් දෙපළ විසින් නැවත දළදා කරඬුව මුදා ඇතු පිටින් රැගෙන මහ නිලමේ අතට වැඩම වූ පසු මහ නිලමේ විසින් මණ්ඩපයේ දොරකඩ ළඟට ගෙනගොස් එහි පොරොත්තුව සිටි ගරුතර උතුමාණන්වහන්සේගේ ශ්‍රී හස්තයට වැඩමවනවා සමගම පළමු කී පරිද්දෙන්ම පඤ්චතූර්ය ඝෝෂාව ඇතුළු වූ මහජනයාගේ සාධුකාර නාදයද කාලතුවක්කු සහ කොඩි තුවක්කුවල මහත්වූ වෙඩි හඬද යන මෙයින් එකකෝළාහල විය.”‍

“ඌවේ කම්බාකාරියෝද, කඩු පලිස් හරඹද, ලී කෙළිද යනාදී නොයෙකුත් නැටුම් ගැයුම් මේ දවස්වල පැවැත්තුවෝය. මේ පූජෝත්සවය පිණිස රැස්වෙන්නට යෙදුනාවූ උඩපාත දෙරටෙහි සෙනගින් බැලූ බැලූ දිසාවෝ අතුරු සිදුරු නොව මහ වතුරක් මෙන් ගලාගොස් තිබුණාහ. ඒ ඒ පැත්ත අත්පොළසන් සාධු නාදාදියෙන් පිරී තිබුණෝය. මෙසේ ජූලි මස තුන්වැනි කුජ දින වනතුරු මහ මළුවට දළදා වහන්සේ වැඩමකරවා සියලු‍ දෙනාටම කැමැති අන්දමකින් වැඳපුදා ගැන්මට ඉඩහැර තිබී එම දින පෙරවරු එකොළොස් පැයට නැවතත් පළමුකී පරිද්දෙන් මනෝහර පෙළහරින් දළදා වහන්සේ සහිත රුවන් කරඬුව මාලිගාවට වැඩමවා එහි හේවිසි මණ්ඩපයෙහි පැනවූ මාහැඟි විසිතුරු ආසනය පිට තිබෙන රන්කමින් සැරසූ රන්හිළිගෙයි එල්වා තිබුණු පාලා පෙත්ත පිටට ධාතූන් වහන්සේ වැඩම වූයේ ය. පසු වූ දවස්වල වැස්සා වූ මහ වැස්සෙන් ගංගා ඇළදොළ ඔයවලින් මෙතෙරවිය නොහී නැවතී සිටි සෙනඟට ඇවිත් වැඳ පුදා ගැන්මට ඉඩහැර තිබී ජූලි මස දහ අටවෙනි බුධ දින දළදා වහන්සේ මාලිගාවේ උඩුමහල් තලයේ මහා කරඬුව තුළට වැඩමවා මේ පූජෝත්සවය මෙතෙකින් හමාර කරන්නට යෙදුණේය.”

ඉනික්බිති අවුරුදු ගානක් නියං සාය නිමා කොට මහ වැහි වැස්සා. කිරි මුහුද පිටාර ගැලු‍වා. වලාකුළු බැම්මෙන් පිටට පැන්න වතුර නුවර ටවුමෙ රවුම් ගැහුවා. මාලිගා පිවිසුමෙන් එපිට වඳුරු වසංගත පන්නලා දාලා ආයෙත් හොඳ කලක් උදාවුණාය කියනවා. මේ වෙලාවෙත් එහෙම ආශ්චර්යයක් වේවායි කියලා ඕන්න අපි ප්‍රාර්ථනා කරනවා.‍

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොරෝනා!

Next Post

එක ආසාදිතයෙක් හමුවෙයි! නවසීලන්තය දින 3කට වහයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.