එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික නිකුත් වීමක් සිදුවෙමින් පවතින බවට එම නැවේ කපිතාන්වරයා විසින් ශ්‍රී ලංකාවේ දේශීිය නැව් ඒජන්ත සමාගමට ‘ඊමේල්’ මාර්ගයෙන් දැනුම් දී ඇතත් එම සමාගම එකී දැනුම් දීම සගවා නැව ආරක්ෂිත ශ්‍රී ලංකා වරාය අධිකාරියට දැනුම් දී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
පසුව මෙම දේශීය ඒජන්ත සමාගම අදාළ ඊමේල් සියල්ල මකා දමා ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ තොට තිබිණ.
නීතිපති දෙපාර්තමේන්තුව මේ බව ඊයේ (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ ඊමේල් දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නැවේ දේශීය ඒජන්ත සමාගමට නියෝග කිරීමට පියවර ගෙන ඇත.
මෙම රසායනික නිකුත් වීම කපිතාන්වරයා විසින් දින 10කට පෙර නිරීක්ෂණය කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.










