• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ලෝකෙන් උතුම් රටේ වෙච්ච පාස්කු ප්‍රහාරයේ ‌අමනුස්ස කතාවක්!!!

April 27, 2021
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
ලෝකෙන් උතුම් රටේ වෙච්ච පාස්කු ප්‍රහාරයේ ‌අමනුස්ස කතාවක්!!!
Share on WhatsAppShare on Facebook

2019 අප්‍රේල් 21 ඉතිහාසගත වන්නේ ඉතා අමිහිරි මතක රැසක් ඉතිහාසයට එක්කළ දිනයක් ලෙසටය. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථාන හා ෂැංග්‍රිල්ලා, කිංස්ග්බරි, සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර මාලාව හමුවේ ක්ෂණයකින් මුළු ලෝකයම සලිත විය. ප්‍රහාර මාලාවෙන් 270කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. අද වන විට එම ප්‍රහාර එල්ලවී වසර දෙකක් ඉක්ම ගොස් හමාරය. ඒ පිළිබඳව රජය පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වැඩකටයුතු මේ වන විට නිමවී ඇතත්, එහි වරදකරුවන් කවුරුන්ද යන්න තවමත් හෙළිදරව් වී නැත. එමනිසා එයින් වැරැදිකරුවන් වන්නේ කවුරුන්ද, වින්දිතයන්ට එයින් සිදුවන සාධාරණය කුමක්ද යන්න කීමට තවමත් කල් වැඩිය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ප්‍රහාරය එල්ල වන්නේ වසර තිහකට ආසන්න කාලයක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් බැටකෑ යුද්ධයේ අසුන්දර මතකයන් අමතක කරමින් සිටි ජනතාවකට වීමය. මේ ආකාරයේ යම් යම් ආගමික අන්තවාදී කණ්ඩායම් විසින් අහිංසක මිනිසුන් ඉලක්ක කරගෙන එල්ල වන ප්‍රහාරවලට උදාහරණ අපට ඕනෑ තරම් ලෝකය දෙස බැලීමෙන් සොයාගත හැකිය. නමුත් මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් අපට ආගන්තුකය. මෙහිදී සිදුවන්නේ මිනිසෙක් හෝ කණ්ඩායමක් කිසියම් අරමුණක් වෙනුවෙන් තවත් මිනිසෙක් හෝ තවත් මිනිසුන් කණ්ඩායමක් මත ප්‍රචණ්ඩත්වය මුදාහැරීමය. එහිදී යම් ආගමක් අදහන මිනිසුන් පිරිසක් මියගියද, ඊට එහා ගියා මානුෂීය බැඳීම් රාශියක් ඔවුන් වටා තිබෙන්නේය. කුමන ආගමක් ඇදහුවද ඔවුන් කාගේ හෝ දරුවන්ය, දරුවන්ගේ දෙමව්පියන්ය. සහෝදරයන්ගේ සහෝදර සහෝදරියන්ය. යහළුවන්ගේ යහළු යෙහෙළියන්ය. හොඳින් දන්නා හඳුනන අසල්වැසියන්ය. ඔවුන් අප ජීවත් වන සමාජයේම මිනිසුන් සේම රටේ පුරවැසියන්ය. අපට නැතිවූයේ අපේම එවැනි පිරිසක්ය.

මේ ප්‍රශ්නයට මුළු ලෝකයම විසඳුම් සොයමින් සිටියද ලොව ආගම් පවතින තාක් ආගමික අන්තවාදය හරහා ගොඩනැඟෙන ප්‍රචණ්ඩත්වය නොවැළැක්විය හැකි කාරණයක් වනු ඇත.

මේ ආකාරයට නැවතත් පාස්කු ප්‍රහාරය කරළියට එන්නේ එය සිදුවී වසර දෙකක් ඉක්ම යන මේ මොහොතේදීය. ඒ අතර එම අත්දැකීමට මුහුණදුන්, ඉන් දිවි බේරාගත් පුද්ගලයන්ගේ අත්දැකීම් ඉතා ශෝකජනකය. හද කකියවන සුළුය. ඒ අතර ප්‍රහාරයෙන් පසුව තමාට අත්දැකීමට සිදුවූ ඉතාමත් කටුක සිදුවීමක් ගැන හද කම්පාකරවන හෙළිදරව්වක් කරන්නේ තම නැගෙනිය හා පියා සමඟ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගොස් නැවත පියා පිළිබඳව මතකයන් පමණක් රැගෙන ගෙදර යෑමට සිදුවූ ග්ලෝරියා ජෝර්ජ් නමැති තරුණියය. ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡත්වය පිළිබඳව අපට නැවත නැවත කියා දීමට අවශ්‍ය නැත. නමුත් ත්‍රස්තවාදීන් නොවන අප සමාජයේ අපත් සමඟ ජීවත් වන මිනිසුන් ත්‍රස්තවාදීන්ට එහා ගොස් හැසිරෙන ආකාරය පිළිබඳව ඇය බී.බී.සී. සිංහල සේවය ඔස්සේ රටට හෙළිදරව් කරන්නේ මේ ආකාරයටය.

“දේවස්ථානයට ගියේ මායි, තාත්තයි, නංගියි. බෝම්බෙ පිපුරුණාට පස්සෙ මම බිම වැටිල හිටියෙ. මම නැගිටිනකොට නංගි මං ළඟට දුවගෙන ආව. ඊට පස්සෙ මං තාත්තව හෙව්ව. තාත්ත තුවාල වුණ, මැරිච්ච මිනිස්සුන්ට යටවෙලා හිටියෙ. මම කෑගහල, මිනිස්සුන්ගෙ කකුල්වලින් අල්ලල වැඳල ඉල්ලුව අපිට උදව් කරන්න කියල. ඒත් කවුරුවත් අපේ උදව්වට ආවෙ නෑ. ඔක්කොම කරේ ෆොටෝ ගහන එකයි, වීඩියෝ කරන එකයි. ඊට පස්සෙ මමයි නංගියි බොහොම අමාරුවෙන් තාත්තව එළියට ඇදගෙන ආව. තාත්තගෙ කඩාගෙන වැටෙන ඔළුව උස්සන් ආවෙ නංගි. ඇවිල්ල ත්‍රීවීල් එකක දාල ඉස්පිරිතාලෙට යවන්න හදනකොට එක්කෙනෙක් අපේ උදව්වට ආව. මට එතකොට සතුටු හිතුණ එක්කෙනෙක් හරි අපේ උදව්වට ආවනෙ කියල. තාත්තව ඉස්පිරිතාලෙ යවල මමයි, නංගියි ගෙදර ආව. පස්සෙ තමයි දැනගන්න ලැබුණෙ ඒ උදව්වට ආපු මනුස්සය ත්‍රීවීල් එකේ යනකොට අපේ තාත්තගෙ රත්තරං බඩුයි, සල්ලියි ඔක්කොම හොරකම් කරල.”
ඇය අපව නතර කරන්නේ අපි සමාජයක් වශයෙන් නැවත අප ගැනම සිතිය යුතු තැනකය. අප මෙවැනි තැනකට වැටුණේ කාගේ වරදින්ද? අනෙකාගේ දුකේදී සංවේදී නොවන්නට තරම් අප සිත් මනුෂ්‍යත්වයෙන් තොරවූයේ කෙසේද? අපට නැවත අපගෙන්ම අසන්නට ඇත්තේ එයය.

කෙසේ වෙතත් අතීතයේ සිටම ලංකාව ලොව ප්‍රසිද්ධ වී ඇත්තේ ආගන්තුක සත්කාරයන් ඉහළින්ම ලබාදෙන මිනිසුන් සිටින රටක් ලෙසටය. විදේශිකයන් අතර පවා ලාංකිකයන් ප්‍රසාදයට ලක්වී ඇත්තේ අන්‍යයන් කෙරෙහි දක්වන ආදරය, කරුණාව, පරිත්‍යාගශීලීත්වය නිසාය. ව්‍යසනයක් පැමිණි විට සියලුම දෙනා ජාති, ආගම්, කුල භේදයකින් තොරව එකට එක්වන්නේ අසරණ වූ මිනිසුන්ට පිහිට වන්නටය.

ඒ පිළිබඳව හොඳම උදාහරණය වන්නේ 2004 වසරේ අප රට මුහුණදුන් සුනාමි ව්‍යසනය. එහිදී අපේ රටේ ජනතාව හැසිරුණු ආකාරය මුළු ලෝකයේම ප්‍රසාදයට ලක්විය. සෑම කෙනෙක්ම තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් අසරණ වූවන්ට පිහිට විය. ආහාර, අත්‍යවශය ද්‍රව්‍ය, ජලය, ලොරි ගණන් අවනත් කඳවුරුවලට යවන්නට තරම් අපේ මිනිස්සු පරිත්‍යාගශීලී විය. හදිසියකට ඉතුරු කරගත් අවසන් රුපියල පවා අනුන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීමට නිර්ලෝභී විය. පන්සල්, පල්ලි, කෝවිල් සෑම තැනක්ම අසරණ වූ මිනිසුන්ට පිහිට වන මධ්‍යස්ථාන බවට පත්විය. සහෝදරත්වයේ දෑත් ජාති, ආගම්, කුල භේද නොසලකා සෑම කෙනා කෙරෙහිම දිගු විය.

නමුත් ඒ අවස්ථාවේදීත් මනුෂ්‍යත්වයට නිගා දෙන යම් යම් සිදුවීම් මාධ්‍ය වාර්තා කර තිබුණේය. අසරණ වූ මිනිසුන් කොල්ලකන, ඔවුන්ට ඉතිරි වූ එකම දේ පවා සොරකම් කරන, ඔවුන්ට ලැබෙන ආධාර යටිමඩි ගසන කණ්ඩායම්, පුද්ගලයන් ගැන ඕනෑ තරම් වාර්තා එකල මාධ්‍යවල පළ විය. අප සිතුවේ එයින් හෝ යම් පාඩමක් ඉගෙනගෙන නැවත එවැනි අමානුෂික සිදුවීම් අපගේ දෑසට පෙනෙන්නට, කනට නොඇසෙන්නට ලැබේවි යැයි කියාය. නමුත් අපි තවමත් පාඩම් ඉගෙනගත් ආකාරයක් පෙනෙන්නට නැත.

පාස්කු ඉරිදා දින පවුලේ ආදරණීයන් සමඟ දේවස්ථානයට ගිය පිරිසකට නතර වන්නට වූයේ දෙව්මව් තුරුල්ලේය. සමහරක් සදාකාලික ආබාධිත හෝ අංගවිකල තත්ත්වයේය. තම පවුලේ සාමාජිකයෙක් වෙන්වීමේ අඩුව පුරවාලීමට සමත් කිසිවක් මේ මිහිමත නොමැත්තේය. දුක තුරුළු කර නැවැත ජීවිතයට මුහුණදෙන ඔවුන්ගේ හදවත් තුළ හොල්මන් කරන්නේ අඳුරු මතකයන්ය. එම මතකයන් තව තවත් අඳුරු කරවන ඒ ආකාරයේ සිදුවීම් ඕනෑ තරම් ඒ පිළිබඳ හෙළිදරව් වන තොරතුරුවලින් අපට සොයාගත හැකිය. දුෂ්ඨත්වය පිළිබඳව, ම්ලේච්ඡත්වය පිළිබඳව, කෲරත්වය පිළිබඳව පාඩම් ඕනෑ තරම් අප ඉගෙනගෙන ඇත්තේය. අපිට අසන්නට ඇත්තේ ඒ පාඩම් තුළින් අපි ඉගෙන ගන්නේ කවදාද කියාය.

ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

ප්‍රයිම් ලෑන්ඩ්ස් කොටස් වෙළෙඳපොළට යයි: කොටසක් රු. 11යි

Next Post

තානාපතිවරු හමුවේ සිදුවූ දේ සජිත්ම රටට කියයි (VIDEO)

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.