• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

හමුදාවෙත් නම කැත කරමින් අනියම් පෙමකින් එළියට ආ තොටළග භීෂණය! බුද්ධි අංශ නිලධාරියා සියල්ලන්ම නොමග යවලා! CID SPECIAL

October 3, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
හමුදාවෙත් නම කැත කරමින් අනියම් පෙමකින් එළියට ආ තොටළග භීෂණය! බුද්ධි අංශ නිලධාරියා සියල්ලන්ම නොමග යවලා! CID SPECIAL
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

තොටළග අරුණ එල්ලේ ක්‍රීඩා සමාජය එල්ලේ ක්‍රීඩාවේ නිරත ක්‍රීඩකයන් අතර නම් ඉතා ජනප්‍රිය නාමයකි. එහි නායක අකිල සම්පත්ද ඒහා සමාන ලෙසින් ජනප්‍රිය චරිතයකි. අකිලව පසුගිය අගෝස්තු 16 වැනිදා රාත්‍රියේ පැහැර ගැනීමකට ලක්වන්නේ හමුදාවේ කණ්ඩායමක් විසිනි. ඒ, ඔහු මෝදර සිට රාගම බටුවත්තේ පිහිටි සිය මහ ගෙදරට යතුරුපැදියකින් යමින් සිටියදීය. කැබ් රථයක නංවාගන්නා ඔහුව හමුදා කණ්ඩායම රැගෙන යන්නේ මාදම්පිටිය සුසාන භූමිය කිට්ටුව පිහිටි කොළඹ මහා නගර සභාවේ කසළ අංගනයටය. එහිදී ඔහුට හොඳ හැටි පහරදී මරා දැමීමෙන් පසු වෙනත් කැබ් රථයක් එතැනට ගෙන්වාගෙන කළුගල් සමග උරයක බහා මළ සිරුර රැගෙන ගොස් අතහරින්නේ කැලණි ගඟටය. ඒ, තොටළඟට කිට්ටුව පිහිටි කළු පාලමිනි. ගඟේ ගිලී ටිකෙන් ටික පාවෙමින් මළ සිරුර දින කිහිපයක් තිස්සේ ඇදෙන්නට වූයේ මෝදර මෝය කට දෙසටය. බෑගය ඉරී යාමත් සමග මළ සිරුර දිය මතුපිට පාවෙමින් කාක දූපත දෙසින් ගං ඉවුරට ගොඩ ගසන්නේ 20 වැනිදාය. ඒ වන විටත් මළ සිරුර හොදටෝම නරක්ව හඳුනා ගැනීමටද බැරි තත්වයක විය.

අකිලගේ බිරිය ග්‍රාම නිලධාරිනියකි. ඇය සේවය කළ වසම වූයේ මට්ටක්කුලියේ සමිට්පුරය. අකිල ගැන දින කිහිපයක් තිස්සේ කිසිදු තොරතුරක් නොමැති වූ තැන ඇය ඒ ගැන පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණාය. ඒ අනුව අකිලගේ ශරීර ලක්ෂණ එම පැමිණිල්ලෙහි සඳහන්ව තිබීම නිසාම කාක දූපතේ ගොඩ ගසා තිබුණු මළ සිරුර හඳුනා ගැනීමට පොලීසිය ඇයවද කැඳවනු ලැබීය. ඒ අනුව එලෙස මියගොස් සිටින්නේ අකිල බව තහවුරු කරන්නේ ඇයය.

පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා සිරුර අධිකරණ ‍වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කෙරන්නේ අනතුරුවය. එහිදී අධිකරණ වෛද්‍යවරුන් තහවුරු කරන්නේ අකිලගේ මරණය ඝාතනයක් බවටය. පහරදී ගෙල සිරකර එම මරණය සිදුකර පසුව සිරුර ගඟට දමා ඇති බව විද්‍යාත්මක සාක්ෂි සහිතව අධිකරණ වෛද්‍යවරුන් විසින් තහවුරු කළේය. පොලීසියට වැඩ වැඩිවන්නේ ඒත් එක්කමය. අකිලව මරාදැමුවේ කවුරුන්දැයි සොයාගැනීම පොලීසියට එල්ලවුණු අභියෝගයකි. ඒ අභියෝගය ජය ගැනීමට කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න විසින් පවරන්නේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයටය.

දුරකතන දත්ත සහ ආරක්ෂක කැමරා දර්ශන විශ්ලේෂණ තුළින් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සැකය මේ ඝාතනය කෙරෙහි එල්ල වන්නේ අකිලගේ බිරිය සහ ඇය අනියම් සම්බන්ධයක් පැවැත්වූ යුද හමුදා බුද්ධි අංශයේ කෝප්‍රල්වරයෙක් කෙරෙහිය. දීර්ඝ ලෙස කරුණු විශ්ලේෂණයකින් අනතුරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අකිලගේ බිරියව ප්‍රශ්න කිරීමට සිය භාරයට ගන්නේ ඇයට බොරු කියා පැන යන්නට බැරි තරමට සාක්ෂි ගොන්නකින් සන්නද්ධවය. ඒ නිසාම ඇයට සත්‍ය වසංකරගෙන සිටීමට කිසිසේත්ම ඉඩක් නොවූවාය. ඇය සියල්ලක්ම වමාරන්නට ගත්තාය.

බුද්ධි අංශයේ ‍කෝප්‍රල්වරයාව ඇය දැන හඳුනා ගන්නේ සමිට්පුර වැසියන් ගැන තොරතුරු ලබා ගන්නට ග්‍රාමසේවා කාර්යාලයට නිතර පැමිණෙන්නට වූ නිසාය. ඒ වන විට අකිල අයිස් නමැති මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටියේය. ඇය කෙරෙහි සැලකිල්ලද අකිලගෙන් ඈත් වෙමින් තිබුණේය. ඒ නිසාම ඇය කෝප්‍රල්වරයාට සමීප වී තිබුණාය. එය අනියම් ඇසුරක් බවට පත්වන්නේ ඇයටද නොදැනීය.

මේ දෙදෙනා අතර පැවැති සම්බන්ධය සමිට්පුර වැසියන් අතර ප්‍රසිද්ධ රහසක් වූවත් අකිලට නම් එය සැබෑම රහසක් විය. ඒ, ඔහු ඒ කිසිවක් නොදැන සිටි නිසාය. එහෙත් අහඹු ලෙස දිනක් දෙදෙනාව අකිලගේ අතටම හසුවීමත් සමග ඇතිවන්නේ ගිනි විජ්ජුම්බරයකි. එදා අකිලගෙන් පහරවල් කිහිපයක්ද බිරියට එල්ලවී තිබුණේය. ඒ ගැන ඇය සිය අනියම් පෙම්වතා වූ කොප්‍රල්වරයාටද කීවේය.

‘දවසක් දෙකක් ඔහොම ඉවසගෙන ඉන්නකෝ. මම හොද වැඩක් කරන්නම්’ ඇයට ඔහු කීවේය.

අකිල පැහැරගැනීමකට ලක්ව ඝාතනය වන්නේ ඒ අනුවය. සියල්ල සිදුවන්නේ මෝදර කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටි බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමකගේ සැලසුමකට අනුවය. ඊට කඳවුරේ අණදෙන නිලධාරියා වූ ලුතිනන් කර්නල්වරයාගෙන්ද සහායක් ලැබී ඇති බව විමර්ශනයේදී පෙනී ගියේය. ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එම සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන විට කඳවුරේ දොරගුළු පොලීසියට වැටෙන්නේ පොලීසියට අවශ්‍ය වූ හමුදා සාමාජියන් යුද හමුදා පොලිස් භාරයේ තබා ගනිමිනි.

පොලීසියේ ඉහළම නිලධාරීන් මට්ටමින් අකිලගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් භාරදෙන ලෙස හමුදාවෙන් ඉල්ලා සිටියත් ඒ මොහොතේ හමුදාව පැත්තෙන් ඊට දැක්වූයේ උදාසීන ප්‍රතිචාරයකි. ඒ, ඇතැම් විට ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භයට දින කිහිපයක් තිබුණු බැවින් දෙතුන් දෙනකුගේ වැඩක් නිසා හමුදාවට කැත නාමයක් එල්ලවෙතැයි අනුමාන කරමින් වන්නට පුළුවන. එහෙත් මේ කතාව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන්නට වූ නිසාම තවදුරටත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු අවසන් වන තුරු සියල්ල සිරකරගෙන සිටීමට හමුදාවට ඉඩක් නොවීය. විමර්ශනවලට සහාය දක්වමින් මුලින්ම කෝප්‍රල් සමග සිව් දෙනෙක් පොලීසියට භාරදුන්නේය. අකිලව පැහැරගෙන ඝාතනය කරන්නේ යැයි කියන්නේ ඔවුන් සිව් දෙනාය. හැබැයි අකිල පදවාගෙන ගිය යතුරුපැදිය රැගෙන ගියේ වෙනත් සෙබළෙකි. යතුරු පැදිය කෙළින්ම රැගෙන යන්නේ මෝදර කඳවුරටය. එහිදී එය කොටස්වලට ගලවා ඒවාද විසිකරන්නේ කඳවුරට යාබද ස්ථානයකින් කැලණි ගඟටය. මේ සියල්ලක්ම සිදු වූයේ කඳවුරේ අණදෙන නිලධාරියාගේ අනුදැනුම මතය. ඔහුව මේ කටයුත්තට සම්බන්ධකර ගන්නේ ග්‍රාමසේවා නිලධාරිනියගේ අනියම් සැමියා වූ කෝප්‍රල්වරයාය. අණදෙන නිලධාරියා හමුවේ ඔහු පෙන්වා දෙන්නේ අකිල මත්කුඩු ජාවාම්කරුවෙක් ලෙසිනි. අකිල සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ගොන්නක්ම අණදෙන නිලධාරියා හමුවේ ඔහු රැස්කරගත් බුද්ධි තොරතුරු ලෙස ගෙනහැර පෑවේය. අනතුරුව ඔහු අණදෙන නිලධාරියාට කියන්නේ අකිලගෙන් හමුදාවේ තමන් ඇතුළු පිරිසට දැන් තර්ජනයක් එල්ලවී ඇති බවය. එහිදී ඔහු යෝජනා කරන්නේ අකිල නිහඬ කරන්නටය.

අණදෙන නිලධාරියාගෙන් ඊට මුලින් යහපත් ප්‍රතිචාරයක් නොවූවත් සිය සගයන්ගේ ජීවිතවලට තර්ජනයක් වූ අකිලගේ කතාව අවසන් කරන්නට ඉඩක් දෙන්නේ එය කිසිවකුටත් හසුනොවන ලෙසට සිදුකරතැයි වූ විශ්වාසයද ඇතිවය. ඒ වන තුරුත් අණදෙන නිලධාරියා කෝප්‍රල්වරයා මේ සිදුකරන්නේ පුද්ගලික උවමනාවක් බවට හාන්කවිසියක් දැන සිටියේ නැත. එසේ වී නම් බොහෝ විට එවැන්නක් සිදු කිරීමට ඔහුගෙන් ඉඩක් නොලැබෙනු ඇත.

මේ කාරණා එකින් එක හෙළිවන්නේ යුද හමුදාවෙන්ම භාරදුන් කෝප්‍රල් ඇතුළු සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්නකිරීම් හමුවේය. හැබැයි මුලින් නම් ඔවුන් සූදානම් වූයේ පොලීසිය වටේ යවන්නටය. ඒ කට පාඩම් කරගත් ප්‍රබන්ධයක් ඉදිරිපත් කරමිනි. එම ප්‍රබන්ධයට අනුව මේ සිව්දෙනා හැරුණු කොට එම ඝාතනයට වෙනත් කිසිවකුගේ සම්බන්ධයක් නොවීය. එහෙත් වෘත්තිමය විමර්ශකයන් හමුවේ ප්‍රබන්ධ වෙනුවට එළියට එන්නේ සැබෑවය. ඒ අනුව විටෙන් විට හමුදාවේ තවත් කිහිප දෙනෙක්ම පොලීසියට භාරදෙන්නට හමුදා බලධාරීන්ට සිදුවිය. අවසානයට ඉකුත් සතියේ භාරදෙන්නේ කඳවුරේ අණදෙන නිලධාරියාවය. ඔහුත් සමග හමුදාවේ 14 දෙනෙක් අකිලගේ ඝාතනයට ඒ වන විටත් පොලීසිය අත්අඩංගුවට ගෙන සිටියේය. කඳවුර පිටුපසින් කැලණි ගගේ කිමිදුම්කරුවන් යොදා අකිලගේ යතුරු පැදියේ කොටස්ද සොයාගත්තේය. පැහැරගැනීමට යොදාගත් හමුදා කැබ් රථය මෙන්ම අකිලගේ මළ සිරුර කසළ අංගනයේ සිට ගඟට විසිකිරීමට කළු පාලම අසලට රැගෙන ගිය තවත් හමුදා කැබ් රථයක්ද පොලිස් භාරයට ගත්තේය. දැන් එම කැබ් රථ දෙකම ඇත්තේ රස පරීක්ෂකවරයාගේ භාරයේය.

අනියම් ඇසුරක් නිසා කළ ඒ අමනෝඥ ක්‍රියාව මුළු මහත් හමුදාවටම නිගාවකි. එසේම මෙය හමුදාවේ නිලධාරීන්ට ගෙන දුන්නේද පාඩමකි. ඒ කොතරම් විශ්වාසවන්ත වූවත් ඔවුන් ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලීමටය. මේ සියලු තොරතුරු දැනට සිදුකර ඇති විමර්ශනවලදී පොලිසියට ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව අනාවරණය වූ ඒවාය. ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලදී මෙම කරුණු වෙනස්වීමට ඉඩ නැතුවාද නොවේ.

රුවන් වෙඩිවර්ධන

Share357Tweet223SendShare89
Previous Post

තෙල් ණයට ගන්න ලංකාව චීනෙ එක්කත් කතා කරයි!

Next Post

මුස්ලිම් රටක් අන්තිමේදී ආණ්ඩුවට ණයට තෙල් ගන්න උදව්වට එයි!

MORE NEWS

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Exclusive

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)
Exclusive

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!
Exclusive

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Exclusive

ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version