සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ජනපති අපේක්ෂක ලෙස පත් කළ යුතු බවට වූ ලිපියක් සදහා අත්සන් තැබූ බව කියන මන්ත්‍රිවරුන් 5 දෙනකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇත.
ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ ඇතැම් පිරිස් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් දිගින් දිගටම තමන් මුණගැසී වදයක් වන තරමටම කරදර කළ බවත්, ඉන් ගැලවීම සදහා මෙසේ එම ලිපියට අත්සන් තැබූ බවත් මෙම මන්ත්‍රිවරුන් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
ඒ අනුව ඉදිරියේදී මෙසේ මන්ත්‍රිවරුන්ට බලපෑම් කළ ප්‍රේමදාස පිලේ මැතිඇමැතිවරුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බවද වාර්තා වේ.