රනිල් හමුවන්න කලින් සජිත් මුදල් අමාත්‍යංශයේ මීටිමක් තියලා

අගමැතිවරයා සමග ඊ‌යේ (10) රාත්‍රී පැවැත්වුණු සාකච්ජාවට ප්‍රථම සජිත් කණ්ඩායම මංගල සමරවීර මහතා සමග මුදල් අමාත්‍යංශයේදී රහස් සාකච්ජාවක නිරතව සිට පැමිණ ඇති බව වාර්තා ‌වේ.

මෙම සාකච්ජාවට සජිත්-මංගල-එරාන් -හර්ෂ-කබීර්-මලික්-රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමැතිවරුන් සහභාගිව සිට ඇති බව දැනගන්නට ඇත.

අගමැතිවරයා සමග සාකච්ජාවට සජිත් පමණක් සහභාගි ‌නොකොට තවත් පිරිසක් සහභාගි කළ යුතු බවට තීරණය ‌ගෙන ඇත්තේ එහිදී බව දැනගන්නට තිබේ.

මීට අමතරව සජිත් ඊ‌යේ (10) උදෑසන සිටම ජනාධිපතිවරයා සමග අවස්ථා කිහිපයකදීම ‌මෙම හමුව මුල්කරගෙන සාකච්ජා පවත්වා ඇති බවද දැනගන්නට ඇත.

Exit mobile version