ලබන 07 වැනිදා සිට 10 වැනිදා දක්වා යාපනයේ පැවැත්වෙන ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළමු දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙවර සහභාගී වීමට නියමිතව ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.
මෙතෙක් පැවැති වැඩසටහන් දෙකේම පළමු දවසේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති රනිල් වික්රමසිිංහ මහතා එක් වුවද මෙවර එය ජනාධිපතිවරයාට හිමිව තිබේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා පළමු දින උත්සවය විවෘත කිරීම සදහා යාපනයට පැමිණීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය කනස්සල්ල පළ කොට ඇති බවක් දැනගන්නට ඇත.
ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට කතා කොට ඇති මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා තමන්ට කතා කොටම මෙම උත්සවයේ පළමු දිනට පැමිණීමට අවශ්‍ය බව තමාට දැනුම් දුන් බවත්, ඒ අනුව ජනාධිපතිවරයා පළමු දිනයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගි කරවා ගැනීමට සිදු වූ බවත් දැනුම් දී තිබේ.