රජයේ බුද්ධි අංශ වහාම ස්වාධීන ආයතන බවට පත් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර ඇත.
පසුගිය කාලවකවානුව තුළ රජයේ බුද්ධි අංශවලට දේශපාලන ඉලක්ක සහ දේශපාලන බලපෑම් එල්ල වී තිබූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම දේශපාලන ඉලක්කවලින් සහ බලපෑම්වලින් බුද්ධි අංශ මුදා ගත යුතු බවද පෙන්වා දේ.
ඇතැම් දේශපාලන ප්‍රධානීන් ලබා දී තිබූ එවැනි දේශපාලන ඉලක්ක පසුපස යාම හේතුකොටගෙන බුද්ධි අංශවලට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට වේලාවක් නොතිබුණ බවට මේ වනවිට ආරක්ෂක අංශවලින්ම චෝදනා එල්ල වී තිබීම විශේෂ සිදුවීමකි.