‘ක්‍රිකට් ඒඩ්’ ගිණුම පරීක්ෂා කර බලා විගණනයක් සිදුකරන තුරු එහි මෙහෙයුම් අත්හිටුවන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක්‍රිකට් ආයතන නිලධාරීන්ට අද (03) නියෝග කළේය.
ක්‍රිකට් ඒඩ්හි 2016 වසරේ සිට මේ දක්වා සියළු ගිණුම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට බලය පැවරීමට තීරණය කළ කමිටුව එම ආයතනයේ විගණනයක් සිදු කර මාස දෙකක් ඇතුළත එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ද විගණකාධිපතිවරයාට දැනුම් දුන්නේය.