ජපානයෝ යොකොහොමාහිදී පැවැති 2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය අවසන් වූයේ දකුණු අප්රිකාවට ජය අත්කරදෙමිනි.
අවසන් පූර්ව වටයේදී ලෝකශූර නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගත් ප්රභල එංගන්ත කණ්ඩායමේ සියලු බලාපොරොත්තු බිදදමමින් ලකුණු 32 – 12 ලෙස දකුණු අප්රිකාණු කණ්ඩායම ජයග්රහණය තමන් සතුකර ගත්තේය.
ඉතා උණුසුම් මුහුණුවරක් ගත් පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 6 – 12ක් ලෙස දකුණු අප්රිකාව ඉදිරියෙන් සිටිමිනි. දෙවැණි අර්ධයේදී උත්සාහක දිනුම් දෙකක් සමගින් දකුණු අප්රිකාව තම ලකුණු සටහන 32ක් ලෙස තම රට ඉදිරියේ සටහන් කරගත් අතර එංගන්ත කණ්ඩායමට තරගය අවසන් වන විට රැස්කරගත හැකි වූයේ ලකුණු 12ක් පමණි.
ඒ අනුව දකුණු අප්රිකාව 1995 සහ 2007 වසරවලින් පසුව මෙවර තෙවැනි වරට 2019 රග්බි ලෝක කුසලානයේ ශූරයන් බවට පත්විය.