ලෝක කුසලාන රග්බි තරගාවලියේ දකුණු අප්රිකාව හා වේල්සය අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් තියුණු තරගයක් පසු ලකුණු 16 – 19ක් ලෙස තරගය ජය ගැනීමට දකුණු අප්රිකාව සමත් විය.
තියුණු තරගයක් වූ මෙම තරගයේදී පළමු අර්ධය අවසන් වන විට දෙපිළම ලකුණු 9 බැගින් රැස්කරගෙන සිටියේය.
ඉතා තරගකාරී මුහුණුවරක් ගත් දෙවැනි අර්ධයේදී දෙපිළම උත්සාහ දිණුම් වාර්තා කරමින් ලකුණු 16 බැගින් ලබාගත් අතර, තරගයේ 75 වැනි මිනිත්තුවේ ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගත් දකුණු අප්රිකානු කණ්ඩායම තවත් ලකුණු 3ක් තම පිළිට එක්කර ගනිමින් තරගය ලකුණු 19 – 16ක් ලෙස ජයගත්තේය.
ඒ අනුව දකුණු අප්රිකාව එංගලන්තය සමග නොවැම්බර් 02 වැනිදා අවසන් මහා තරගයට තරගවදිනු ඇත.