• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චන්න ජයසුමන කෑ ගහපු – සීඅයිඩියෙන් ප්‍රශ්න කරපු – මිනිස්සු මැස්සො වගේ මැරෙන බව කියපු කව්ද මේ අවිස්සාවේල්ල ‌රෝහලේ දොස්තර නජිත්!

August 25, 2021
in Exclusive, News, Politics
Reading Time: 3 mins read
A A
චන්න ජයසුමන කෑ ගහපු – සීඅයිඩියෙන් ප්‍රශ්න කරපු – මිනිස්සු මැස්සො වගේ මැරෙන බව කියපු කව්ද මේ අවිස්සාවේල්ල ‌රෝහලේ දොස්තර නජිත්!
Share on WhatsAppShare on Facebook

ඇවිළෙමින් තියෙනා කොව්ඩි අර්බුදයට විසඳුමක් තියෙනවාදැයි නොදන්නා සාමාන්‍ය මිනිසුන් ලෙස අපි මේ වෙලාවෙ බලා හිඳිමු. මරණ සිය ගණන් වාර්තා වෙන මොහොතකත් අපිට යන්නට වෙන තැනක් නැත. රෝහලක් මිසක වෙන ජීවිතේ බේරගන්නා දෙවි කෙනෙක් අපේ ඇහැ ගැටෙන මානෙක නැත. එහෙම තියෙනා තත්ත්වයක් යටතේ රෝහලක් ඇතුළෙන් මෙහෙම කතාවක් ඇහෙන විට අපි කාටද අපේ දුක කියන්නේ දැයි, අපි අපෙන්ම අසමු. මරණය බොහෝ තැන්වල හිඳ අතවනයි. ජීවිතය බේරාගෙන පැන දුවන්නට තැනක් නැත. ඔබ මේ කතාව කියවිය යුතුමය. මේ ෆේස්බුක් පිටුවකින් උපුටා ගත්තකි.

“අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුව පටන්ගත්තු දවසේ ඉඳන් මම වැඩ කරන්නෙ ඒකෙ. වෛද්‍යවරු විදියට අපි දොළොස් දෙනෙක් කොරෝනා වාට්ටු දෙකක වැඩ කරනවා.
මේ වෙද්දි ඒවා පිරිලා ඉතිරිලා ගිහින්. පුටුවලත්, බිමත් පොදිකකා ආසන්න වශයෙන් කොරෝනා රෝගීන් සීයක් වගේ ප්‍රමාණයක් දිනපතා ප්‍රතිකාර ලබනවා.
රැකියාව සම්බන්ධ මානසික ආතතිය කියන දේ අහල, කියවල තිබුණට ඒක ඇත්තටම මොන වගේ දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. ඒක කොච්චර අමාරු දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. මේ රස්සාවෙ අමාරුම කාලය කියල හඳුන්වන සීමාවාසික අවුරුද්ද ඇතුළත නම්, මේ ඊයෙ පෙරේදා ඉඳන් දැනෙන අමාරුකම දැනුණෙ නෑ කියන එක ස්ථිරයි.
මෙතෙක් ආව කොරෝනා රෝගීන් ප්‍රමණය, ඔවුන්ට අමාරුවෙන විදි, ඔක්සිජන් දියයුතු රෝගීන් සංඛ්‍යාවන්, අමාරු වෙන රෝගීන්ගෙ වයස් මට්ටම්, මේ හැම දෙයක්ම එක සතියකින් වෙනස් වෙලා ගියා.
ඒක ලොකු වෙනසක්. වාට්ටුවට ඇතුළත් වෙන රෝගීන් සංඛ්‍යාව හරියටම තුන් ගුණයකට වඩා වැඩිවෙලා. ඒ වෙනදට වඩා සෑහෙන්න තෝරා බේරාගෙන රෝගීන් ඇතුළත් කිරීම කරන තත්ත්වයක් ඇතුළෙ. ඉස්සර ටික ටික අමාරු වෙන අවුරුදු හැත්තෑවෙ අසූවෙ අම්මල තාත්තල වෙනුවට දැන් බලන් ඉද්දි අමාරු වෙන්නෙ අවුරුදු තිස් හතළිස් ගණන්වල අයට.
තවමත්, මතක තබාගන්න තවමත්, ඔක්සිජන් සැපයුම, ඒවාට අදාළ යන්ත්‍ර උපරිම සීමාව යටතේ හරි ක්‍රියාත්මක වෙමින් තියෙන තත්ත්වයක් ඇතුළෙත්, මිනිස්සු මැරෙන්නෙ බලන් ඉද්දී…
අවුරුදු හතළිස් ගණන්වල අම්මා කෙනෙක් තමන්ගෙ දුව ඉස්සරහ අමාරුවෙන් හුස්ම අදිමින් ඉඳල මැරෙද්දි, යන්ත්‍රයකට සවි කරල තියෙන නිසා, කතා කරන්න අපහසු බිරිඳක් තමන්ගෙ සැමියගෙ අතින් අල්ලන් ඇස්වලින් තමන්ගෙ සමුගැනීම ප්‍රකාශ කරල මැරෙද්දි, තමන්ගෙ බිරිඳ නිවුන් දරු උපතකට සූදානම් වෙන මේ වෙලාවෙම, අවුරුදු 27ක තරුණ සැමියෙක්, කරන්න තියෙන හැම දේම කරලත් බැරි වුණාම අමාරුවෙන් හොයාගත්තු දැඩිසත්කාර ඒකකයකට පටවල යවනව දකිද්දී,
මේ ඔක්කොම එකම දවසක වෙද්දි ඔළුවට දැනෙන බර, අමාරුව, ඇත්තටම අමාරුයි. කලින්ට වඩා වැඩකිරීම, වැඩ වැඩිවීම නිදිමැරීම නෙවෙයි ගැටලුව. ඔළුවට දැනෙන මේ බර වැඩිවීම.
ඒ ඔක්කොටම වඩා අමාරු දේ තමයි තමන්ගෙ ඇස් ඉස්සරහ වෙන අය මැරෙද්දි, තමන් අමාරුවෙන් හුස්ම ගනිද්දි, ‘අපි මොනව හරි කරල තමන්ව බේරගන්නව නේද’ වගේ එල්ලවෙන බැල්මවල්වලට මුහුණදීම.
දවස් දෙකකට එකක් වගේ පහුගිය කාලෙ සිද්ධ වුණු මරණ සංඛ්‍යාව, දවසකට හතරක් පහක් මට්ටමට සතියකින් වෙනස් වුණා.
තව සති දෙකක් මේ ශීඝ්‍රතාවයෙන් රෝගීන් වැඩි වුණොත්, මිනිස්සු ඔක්සිජන් ටැංකියක් නැතිකමෙන් පුටුවල, බිම, මිදුලෙ මැරෙන තත්ත්වෙට මේක පත්වෙනවා.
ඉතින් මේ ඔක්කොම දැකබලාගෙන ඊයේ ගෙදර ආවම තමයි දැක්කේ ෆෆෆෆෆෆෆ ෆෆෆෆෆෆෆෆෆ කියන ගස්ලබ්බා කියල තිබ්බ කතාව. “මොනව උනත් රට වහන්නෙ නෑ, ජීවිතේ එන්නතට හා දෙවියන්ට බාරදෙන්න” කියලා.
මේ ලියමන මෙතනින් නවත්තනවා. මොකද බ්ලොක් නොවන භාෂාවකින් මෙතනින් එහාට ලියන්න මම දන්නෙ නැහැ.
හැකි අයුරින් ප්‍රවේශම් වෙන්න… පුළුවන්කමක් තියේනම් සියලු වැඩ තාවකාලිකව නවත්තලා ගුහාගත වෙන්න.
මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ…”

ප.ලි.
කොරෝනා වාට්ටු දෙකේ වැඩකරන වෛද්‍යවරු 12න් එක් අයකුටත්, හෙදියන් 30කට ආසන්න ප්‍රමාණයෙන් 10ක් වගේ ප්‍රමාණයකටත් පහුගිය මාසයක කාලය ඇතුළත කොරෝනා වැලඳිලා තියෙනවා.

  • වෛද්‍ය නජිත් ඉන්දික
    අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල

ඉහත එල්ලූයේ අප ෆේස්බුක් පිටුවකින් උපුටා ගන්නා ලද සටහනකි. ඒ සටහන අප කියවූ පසු ඔබද කියවිය යුතුයැයි සිතීමු. ඒ නිසා මෙහි මෙසේ මෙය පළ කරනුයේ සුවහසක් පාඨක ඔබේ දැනගැනීම උදෙසාය. මීට ටික දිනෙකට පෙර මෙය කියැවූ ආණ්ඩුව කරනා මහත්වරුන්ද චිත්තප්‍රීතියට පත්ව මේ ලියමන ලියූ දොස්තර මහත්තයා සොයාගිය වගක් අපට දැනගන්නට ලැබුණේය.

එසේ මේ දොස්තර මහත්තයා සොයා කොළොඹ පුරේ සිට පිටත්වූ රාජ්‍ය දූතයන් දෙදෙනා, කොරෝනා දෙපිටින් ගියද කම්නැතුව සිතමින් දෝ හෝ අවිස්සාවේල්ල රෝහලේ බාහිර රෝගී අංශයට ගොස් එහිදී තමා සොයා ආ දොස්තර මහත්තයාගේ නම අඬගසා, ඉනික්බිති කොවිඩ් රෝගීන් උදෙසා ප්‍රතිකාර කරන්නට හුන් ඔහු මේ දෙදෙනා සමීපයට කැඳවා එවැන්නක් දැමීමේ සිට මානසික ආතතිය තෙක් ප්‍රශ්න කළ බවක් සැලය. එසේ ප්‍රශ්න කෙරූයේ කාගේ නියමයක් මතද හෝ කාගේ උවමනාවකටද කියන්නට අප දන්නේ නැත. නමුත් එසේ කිරීමෙන් පසු දොස්තර නජිත් ඉන්දිකගේ මානසික ආතතිය හිරු දුටු ගන අඳුරක් සේ පලාගියේ යැයිද කොවිඩ් රෝගීන් නිසා බලවත් අපහසුතාවට පත්ව උන් අනෙක් කාර්ය මණ්ඩලයේ මානසික පීඩාව පහව ගියේ යැයිද ස්තූති පූර්වක සඳහන් කරන්නට ඒ මහත්තුරු නෝනලා තවම කටයුතු කර නොමැත. හරි නම් කළ යුත්තේ හැරෙන තැපෑලෙන් එවැන්නක් සටහන් කිරීමය.

කොහොමත් මේ ප්‍රශ්න කරන්නට ඇත්තේ වෙන එකක් උදෙසා නොව, අවිස්සාවේල්ල රෝහලේ ඔය කියනා භයානක තත්ත්වය පහකරන්නටම විය යුත්තේය. එසේ නොමැතිව මෙවන් වූ තීරණාත්මක මොහොතක රාජ්‍ය නියෝජිත හේවායෝ රෝහලක කොවිඩ් වාට්ටුවක් සොයා යන්නේ නැත. එහෙම ගියේ නම් මේ කියනා කතන්දරය එක්කෝ ගල් පැළෙනා අසත්‍යයක් බව ඔප්පු කළ යුතුය. නැත්නම් ඒ කියන්නේ ඇත්තකැයි දැන හැඳින ඒ තත්ත්වයට විසඳුම් සෙවිය යුතුය. ඇඳන් යට වූ රෝගීන්ට අලුත් ඇඳන් හැරෙන තැපෑලෙන් ලැබෙනු ඇත. පෙර දිනෙක කළුතර පැත්තේ තැනක කොවිඩ් රෝගීන්ට යැයි රෑ දෙගොඩ හරියේ පවා හදමින් උන් අයි.සී.යූ. ඇඳන් හෙට අවිස්සාවේල්ල රෝහල් දොරකඩට එන්නට ඉඩ තිබේ.

එසේ නොමැතිව කොවිඩ් හා සටනට වැද වෙහෙස බව කියනා දොස්තර මහත්‍තයකු ඒ බව කියා සටහනක් තැබූ පමණට ඔහු තවත් වෙහෙසට පත්කරන්නට මේ රාජ්‍යය අමානුෂික යැයි අපි විශ්වාස නොකරමු. කොවිඩ් පරදන්නට නායකයෝත්, පාලකයෝත් ඇතුළුව සිය ජනතාවෝ සියලු භේද පන්නා දමා සටන් කරනවා යැයි අපේ විශ්වාසයයි. එසේ නොමැතිව රාජ්‍ය විරෝධීන් යැයි කියා හංවඩු ගසා, නිලධාරීන් යවා රාජකාරියේ යෙදෙනා දොස්තරලාගෙන් ප්‍රශ්න කරන්නට තරම් තත්ත්වයකට මේ රට වැටී ඇතැයි අපට නම් කවුරු කොහොම කිව්වද නිකමටවත් නොහිතෙනා බව ඇත්තම කතාවය.

SendShareShare
Previous Post

ගැසට් එක රිවස් කරලා ගජමිතුරු සමාගමකට බිලියන 10ක කෘෂි රසායන ගේන්න දෙන්න හදනවා! මනූෂගෙන් හෙළිදරව්වක්! (VIDEO)

Next Post

සතියක් ඇතුළත සීනි රුපියල් 50කින් නගී! දැන් කිලෝව 210යි! ඇමැතිට කරන්න දෙයක් නැතිලු!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.