• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අල්ලන කුඩු වාෂ්ප වෙනවද! කුඩු නඩු සහ මරු බඩු!

August 4, 2021
in Exclusive, News, Politics
Reading Time: 3 mins read
A A
අල්ලපු කුඩු කෝ: දැන් කුඩු නැද්ද: කළ මෙහෙයුම් බොරුද: ඊළග මෙහෙයුම මොකද්ද? EXCLUSIVE

Sri Lankan police officers in protective costumes prepare to destroy a haul of seized cocaine during a ceremony at an industrial facility in Katunayaka, outskirts of Colombo, Sri Lanka, Monday, Jan. 15, 2018. Sri Lankan authorities have destroyed more than 900 kilograms of cocaine that was part of the country's largest single seizure of the illegal drug. (AP Photo/Eranga Jayawardena)

Share on WhatsAppShare on Facebook

‘අහරෙ කුඩු අල්ලනවා’

‘මෙහෙ කුඩු අල්ලනවා’

‘අන්න කුඩ්ඩෙක් ඇල්ලුවා’

‘මෙන්න කුඩ්ඩෙක් ඇල්ලුවා’ කිව්වම හෙන චූන් නේද? මේ ලියන්න යන්නෙ අන්න ඒ චූන් එක ගැනම තමයි. ඔබ කුඩු බිස්නස් එකට සම්බන්ධ කෙනෙක් නෙවයි නම් මේ ලියමන කියවන කොට ඔබට මාර කුතුහලයක් ඇති. ඒත් ඔබ කුඩු බිස්නස් එකට සම්බන්ධ නම් හිනා වෙන්නෙ කටින් නෙවෙයි, මේකෙ ලියන්න බැරි තැනකින් කියලා අපි ඉන්තේරුවෙන්ම දන්නවා. මොකද ඔය අල්ලන අල්ලන තරමට කුඩු බිස්නස් එකට හානි වෙනවද නැද්ද කියන එක අපි නොදැන හිටියට කුඩ්ඩො දන්නවා. මොකද ඔය කියන තරමට කුඩු ඇල්ලුවා නම් රටේ කොහෙද ඔය තරමට කුඩු?
ඇත්තටම ලංකාවෙ ඔය කියන තරමට කුඩු අල්ලනවද? ඔව්. ඇත්තටම එහෙම කුඩු අල්ලනවා ඇති. අපි නෑ කියන්නෙ නෑ, සමහර විට අල්ලන්නෙ ලංකාවෙ ලොකුම කුඩු තොගය. සමහර විට ආසියාවේ ලොකුම කුඩු තොගය. මේවා අල්ලන්නෙ ලේසියෙන් නෙවෙයි. ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් ගන්නවා. අපි දන්නවා නිලධාරි මහත්තුරු තමන්ගෙ ජීවිතේ පවා පරදුවට තියලා වැඩ කටයුතු කරන්නෙ. අපි ඒ කිසිම කෙනෙක්ගෙ වෙහෙස අවතක්සේරුවට ලක්කරන්නෙ නෑ, ඒත් ඒ අල්ලන කුඩුවලට ඇත්තටම මොකද වෙන්නෙ කියලා අපි ආසයි දැනගන්න. මොකද ලොකුම කුඩු තොගය ලංකාවට ආවාම ඒ ලොකුම කුඩු තොගය විනාශ කරන එකත් ලොකුම ව්‍යාපෘතියක් වෙන්න ඕනනෙ.
කොහොම හරි කුඩු නඩු අස්සෙ අවුරුදු ගානක් පුරා පිළිතුරු නැති ප්‍රශ්න ගානක් තියෙනවා.

  1. ඒ කුඩුවලට මොකද වෙන්නෙ?
  2. විනාශ කරනවා නම් ඒ කොහොමද, කොතැනද?
  3. මේ විනාශ කිරීම සම්බන්ධ වගකීම දරන නිලධාරියා කවුද?
  4. කුඩු සම්බන්ධව නම ගෑවුණු ලොකු එවුන් කෝ?

මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් කවුරු හරි ජගතෙක් ඉන්නවද? අපි මේ ප්‍රශ්න කරන්නෙ ප්‍රසිද්ධියෙ. මොකද ඔබට බොහෝ දේ එළිපිට කරන්න බැරි වුණාට අපට එළිපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ කුඩුවලට මොකද වෙන්නෙ කියලා ඇහුවම ඒකට විවිධ උත්තර තියෙනවා. ප්‍රකට සහ ඇත්ත උත්තර කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ප්‍රකට උත්තරය තමයි ඒවා විනාශ කරනවා කියන එක. පහුගිය කාලය ඇතුළෙ මේ ගැන මොකක්ද මන්ද තැනක් ලෑස්ති වුණා. ඒ කුඩු විනාශ කිරීමේ ස්ථානයක් විදියට. ඒත් ඒ ප්‍රකට උත්තර වෙනුවට ඇත්තටම වෙන දේ පිළිබඳ කතාන්දරයක් දෙකක් නෙවෙයි එළියට ආවෙ. හුඟක් රාළහාමිලා මේ කියන ජාතියෙ නෙවෙයි වෙන්න ඇති. ඒ නිසා මෙහෙම කිව්වම සාධාරණ නිලධාරීන්ට තරහ යනවා වෙන්න පුළුවන්. ඒත් හොඳ නිලධාරී මහත්වරුනි, සමාවෙන්න. අපි දැක්කා පහුගිය දවස්වල පොලිසියෙ හිටපු නිලධාරීන් කිහිප දෙනෙක් සරම කඩල මූණ වහගන්න ජාතියෙ වැඩ කරලා තිබුණා. ඒ එහෙන් කුඩු අල්ලපු උන්ට මෙහෙන් කුඩු විකුණලා. ඒවා මහ ලැජ්ජා නැති වැඩ. කුඩු අල්ලන එක සම්බන්ධව පොලිසියෙන් රිවෝඩ් එක ගන්න ගමන්ම අනෙක් පැත්තෙන් කුඩ්ඩන්ගෙන් සල්ලිත් අරගෙන. කුඩු ලෝඩ් එකෙන් කොටසක් පන්නලා බිස්නසුත් කරලා. ඉඩම් කඩම් යානවාහනත් එක්ක පොලිසියෙ තරු ගහපු එවුන්ව කුදලගෙන ගියා. දේපොළ අරවා මේවා හොයාගත්තා. අලගිය තැන් මුලගිය තැන් හොයන කොට අල ගිය තැන් මුල ගිය තැන් නෙවෙයි වැල ගිය තැන් විතරක් මේ අය හොයාගත්තා. කොහොමත් ලංකාවේ ක්‍රමය ඒකනෙ. මේ විදියට ලංකාවෙ ලොකු කොකේන් තොගය අල්ලපු දවසෙ රාත්‍රියේ පොලිස්පතිතුමා ඇවිල්ලා අතට අත දීලා ගියාම ඒ රේඩ් එකට සහභාගි වුණු නිලධාරියෙක් මරදානෙදි කොටු වුණා. ඒ කුඩුත් එක්ක. මේ සෙල්ලම හැමදාම වුණා කියන එක ගැන අපට තවදුරටත් කොලේ වහල වැඩක් නෑ. පොලිසියෙ වැටුපෙන් හදන්න බැරි හුඟක් හීන පොලිසියටත් තියෙනවා කියලා අපිත් දන්නවා. ඒත් ප්‍රශ්නය කියන්නෙ ඒකම කුඩු බිස්නස්කාරයොත් දන්න එක.

කොහොමටත් මේ කුඩු ජාවාරමත් එක්ක දේශපාලනයේ තියෙන යාළු මිත්‍රකම තමයි තියෙන ලොකුම හෙනේ. කුඩ්ඩො දේශපාලනේට උදව් කරන එකයි දේශපාලකයො කුඩ්ඩන්ට උදව් කරන එකයි ඇත්තද නැත්තද කියන එක ඔය මහත්තුරු නෝනලා හොඳටම දන්නවනෙ නේද? ඒ නිසා පුළුවන් නම් මේ බද්ධ සහෝදරයන්ව ගලවන්න. බොහෝ දෙනෙක්ට කොන්ද පණ නැති වුණාට සොබාදහමට හොඳට කොන්ද පණ තියෙනවා. ඒ නිසා සෙල්ලම් කරන්න එපා. නීතියට බැරි වුණාට සොබාදහමට පුළුවන් සෙල්ලම් ලෙල්ලම් කරන්න. අපට තියෙන්නෙ එදා වෙනතුරු ඉවසන්න විතරයි. ඒත් ඒකට ටිකක් කල් ගියොත් අපට ඉඩක් ඉතිරි නොවෙයි කියලා බයයි. මොකද කුඩ්ඩො රට අල්ලන්න පුළුවන්.

‘තාම අල්ලලා නැද්ද?’ වගේ කට කැඩිච්ච කතා කියන්න එපා. මොකද කුඩු එක්ක නම් ගෑවුණු එවුන් පාර්ලිමේන්තු යැව්වෙ රටේ මිනිස්සු. ඒ නිසා දැන් නිකං ඤං පචං ගාලා වැඩක් නෑ. වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. පහුගිය රජය කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව ඉඳලා කුඩු තොග විනාශ කිරීම ප්‍රසිද්ධියෙම කළාට පස්සෙ එහෙම එකක් අපි දැක්කෙ නෑ. ඒ නිසා කුඩුවලට වෙන්නෙ මොනවද ඒ සම්බන්ධව වගකීම් දරන නිලධාරි කවුද කියන එක අපි අහලවත් වැඩක් නෑ. මොකද ඒකට උත්තර දෙන්න කෙනෙක් මේ අපූරු දූපතේ නෑ කියන එක අපට සන්තෝසෙන් කියන්න පුළුවන්. මහත්වරුනි වෙලාවක් තිබ්බොත් ඒකට කාව හරි පත්කරන්න. ඒ කියන්නෙ කුඩු මුදලාලි කෙනෙක්ව නෙවෙයි, වෙන කාවහරි නම් වඩා හොඳයි. මොකද මේ ලංකාවට එන කුඩු අපරාදෙ කියල නොහිතෙන, ඒවා විනාශ කරන්න හිත හදාගන්න පුළුවන් මහත්තයෙක් හොයාගන්න අපහසු වෙන එකක් නෑ.

ඒත් බයක් හිතෙන දේකට තියෙන්නෙ හුඟක් හොඳ මහත්තුරු කුඩු අල්ලන්න ආවට අන්තිමට වුණේ කුඩ්ඩො මහත්තුරුව අල්ලපු එක.

අපට මතකයි හුඟක් ඉස්සර කුඩුත් එක්ක ගෑවුණු ලස්සන කතන්දරයක් එළියට ආවා. ඒ කතාවෙන් පස්සෙ හැම තැනම කියවුණා කුඩු බිස්නස් එකට ගෑවුණු ලොකු ලොක්කො ගැන. හැබැයි ඒ ලැයිස්තුව එළියට ආවා මිසක් වෙන කිසිම දෙයක් වුණේ නෑ.

අපි දැනගෙන හිටියා ඒ ලැයිස්තුව එළියට ආවා නම් හුඟ දෙනෙක්ගේ රෙදි ගැලවෙනවා කියලා. එහෙම රෙදි ගැලවුණා නම් හෙලුව පේන්නේ එකෙක්ගේ දෙන්නෙක්ගේ විතරක් නෙවෙයි. ඒ හෙලුව අස්සේ රටේ ලොකු පුටුවල ඉන්න ගොඩ දෙනෙක්ගේ කැරැට්ටුව අපට දැනගන්න තිබුණා. ඒ නිසා මේ ලැයිස්තුව සංදර්ශනවලට විතරක් පාවිච්චි කරන එකක්ය කියල අපට දැන් තේරෙනවා. ඡන්දවලදී කුඩු කියලා ලේබල් අලවන ගොඩක් දේශපාලකයෝ ඒ ඒ ආණ්ඩුව ඒ ඒ පුටුවල ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු වෙනකොට අපි හැමදාම ඡන්දදායකයාගේ භූමිකාව ඉතාම හොඳට කරලා ගෙදර ඇවිල්ලා තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න පුරුදු වුණා. ඇත්තටම අපේ රටේ ඉන්නේ ඉතාම කීකරු ඡන්දදායකයෝ හින්දා කවදාවත්ම මේ කුඩු පිළිබඳ ප්‍රශ්නය එළියට ආවේ නෑ. මීගමුව පැත්තේ දේශපාලකයෙක් මොන විදියේ ගැටලු‍වක් පාර්ලිමේන්තුවේ දී ඇති කරගත්තත් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් ඔහුට කෙළින්ම කුඩු සම්බන්ධව චෝදනා කරනවා, අපි එක වතාවක් දෙවතාවක් නෙවෙයි දැක්කේ. ඒත් අවාසනාවකට ඔහු තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා වගේම පාර්ලිමේන්තු වරප්‍රසාද නැති තැන්වලදී ඔහුට චෝදනා කරලා ඔහුට අධිකරණමය හෝ නීතිමය පියවර ගන්න අපේ රටේ කිසිවෙක් ඉදිරිපත් වුණේ නෑ. අපිට දැන් හිතෙනවා එදා රන්ජන් රාමනායක ඕකට තමයි අර කිව්ව
“මල්ලි ඒගොල්ලො යාළුවෝ මල්ලි…”‍ කියලා.

අපි හැමදාම චූන් වුණේ ගමේ කුඩු ගහන එකාව ඇල්ලු‍වට පස්සේ. කුඩු මිලිග්‍රෑම් හත අටක් අතේ තියාගෙන තමන්ගේ අසහනය දුරු කරගන්න කාලකණ්ණි වෙච්ච අපේ ගම්වල කොල්ලො කෙල්ලො උත්සාහ කරනකොට මහ එවුන් උන්ව කාලකණ්ණි කරලා සුර සැප විඳින බව ඔබ දන්නෙ නැතුව ඇති. නඩුවක් ඕනෙ වුණාම ගමේ කුඩු ගහන එකාව අල්ලලා උගේ අතේ නොතිබ්බ කුඩු ටිකක් සන්තකයේ තියලා නඩු දැම්මා මිසක් අපේ රටේ මහ එවුන් කවදාවත් කුඩු මුදලාලිගේ ගෙට පැන්නේ නෑ. පහුගිය ආණ්ඩුව කාලේ මාකඳුරේ මධුෂ් වගෙ ප්‍රබලයො කීප දෙනෙක්වම ලංකාවට ගෙනාවට එතැනින් පස්සේ මොනවත් වුණේ නෑ කියලයි අපිට නම් හිතෙන්නේ. ‘කුඩුකාරයෝ ඉන්නවා. මෙහෙ ඉන්නවා’ කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නුවට ඒගොල්ලො ඒ රටවල ඉඳන් සැප විඳින ගමන් අපේ රටේ පොඩි එවුන්ට කුඩු විකුණන බව අපි දන්නවා. උන්ගේ කුඩු අල්ලලා තමුන්ගෙ වගේ ඒ කුඩු විකුණන පොලිස් නිලධාරී ගැනත් අපට පහුගිය කාලයේදී දැනගන්න ලැබුණා. ඒ නිසා නෝනාවරුනි මහත්වරුනි තවදුරටත් සංදර්ශනය එපා. ටික දවසකින් කතාකරන්න ලොකු මාතෘකාවක් නැති වුණාම අපේ රටේ අයියලා ආයෙත් කුඩු ගැන කතාකරන්න පටන් ගනී. සමහර විට ලොකු කුඩු තොග අහුවෙයි. ඒත් ඒ කවුරුවත් කුඩ්ඩා පස්සෙන් ගිහිල්ලා ඒ කුඩුකාරයා ඇතුළුවෙන මහ එකාගේ ගෙදරට ගොඩවෙන්නේ නෑ. හැමදාම අපේ කට්ටිය කුඩුකාරයො අල්ලන්න එළුවේ මකුළුදැල්. අහු වුණේ පොඩි පොඩි පළඟැටි වගේ උන්. මහා එවුන් හැමදාම පැනලා ගියා. ඒ නිසා කුඩු ඉවර කරන්න ඇවිත් කාඩ් කුඩු කරගන්නේ නැතුව පුළුවන් නම් මහත්වරුනේ ඇත්තටම කුඩු අල්ලන්න. කුඩ්ඩො අල්ලන්න. බැරි නම් බොරුවට වැඩ දාන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්න. මොකද මේ යන විදියට අපිට හිතෙනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

මට දැනෙනවනම් ආසාවෙන් රඟපානවා…

Next Post

ආර්ථිකය හදන්නත් ජීවත් වෙලා ඉන්න ඕනෑ! සංචරණ සීමා ඉවත් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්! විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආන්දෝලනාත්මන නිවේදනයක්!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.