ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත UPI යටතේ සිදුකළ ගනුදෙනු 2021 දෙසැම්බර් මාසයේදී වාර්තාගත ලෙස කෝටි 456ක් දක්වා ඉහළ ගොස් ඇත.
එය 2021 ඔක්තෝම්බර් මාසයේදී දක්නට ලැබුණු පෙර ඉහළම අගය වූ කෝටි 421 ඉක්මවා යාමක් වූ අතර දෙසැම්බර් මාසයේ ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් කෝටි 8.27ක් ලෙස නව වාර්තාවක් ද විය.
බැංකුකරුවන්ට අනුව කොරෝනා දෙවන රැල්ලේ අවස්ථා තියුණු ලෙස පහත වැටීමෙන් පසුව , ගණුදෙණුවල වැඩිවීම මෙන්ම දෙසැම්බර් මාසයේදී ආර්ථික ක්‍රියාකාරකම්වල නැගීම මේ සදහා හේතු වී තිබේ.
උත්සව සමයේ මිලදී ගැනීම් සහ ඊ-වාණිජ්‍ය සමාගම් විසින් මාර්ගගත විකුණුම් මගින් UPI ගනුදෙනු ඔක්තෝම්බර් මාසයේදී වාර්තාගත මට්ටමකට පැමිණ තිබේ.
කෙසේ වෙතත් උච්චතම අවස්ථාවෙන් පසුව, නොවැම්බර් මාසයේදී සුළු අඩුවීමක් දක්නට ලැබුණි.
දෙසැම්බර් මාසයේ ගනුදෙනු සංඛ්‍යාවෙන් 9%ක් සහ වටිනාකමින් 7.6%ක වැඩිවීමක් සනිටුහන් කර ඇතිඅතර 2020 දෙසැම්බරයේ ගනුදෙනු හා සසඳන විට, 2021 දෙසැම්බර් මාසයේදී UPI භාවිතය වටිනාකමින් සහ පරිමාවෙන් දෙගුණයක් වී ඇත.
2021 දින දර්ශනයේ UPI ගණුදෙණු කෝටි 3800 ක් වූ අතර එහි වටිනාකම රුපියල් කෝටි 73 කි.
UPI වේදිකාව ක්‍රියාත්මක කරන ඉන්දියාවේ ජාතික ගෙවීම් සංස්ථාව, ඉන්දීය සංචිත බැංකුව අඩු වටිනාකමකින් යුත් නොබැඳි ගනුදෙනු සඳහා UPI භාවිතය ක්‍රියාත්මක කරන විට දිනකට පරිමාව බිලියනයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරයි.
මෙමගින් බැංකුවල මූලික බැංකු පද්ධතියට පීඩනයක් එල්ල නොකර ගෙවීම් සිදුකිරීමට හැකියාව ලැබේ.
UPI ගනුදෙනු දැනටමත් රට තුළ ඉලෙක්ට්‍රොනික ගෙවීම්වල ප්‍රමුඛ ක්‍රමය වී ඇති අතර දැන් කාඩ්පත් ගනුදෙනු සංඛ්‍යාව අට ගුණයකින් ඉහළ ගොස් ඇත.
වෙළඳ ගෙවීම් සඳහා පමණක් වන ක්‍රෙඩිට් කාඩ්පත් මෙන් නොව, UPI අංක මගින් සම මට්ටමේ හුවමාරු කිරීම් මෙන්ම වෙළඳ ගෙවීම් යන දෙකම පිළිබිඹු කරයි.
UPI යනු ගිණුමෙන් ගිණුමට හුවමාරු කිරීමේ යාන්ත්‍රණයක් වන බැවින්, බැංකුකරුවන් පවසන්නේ දෛනික මෙතරම් විශාල ගනුදෙනු ප්‍රමාණයක් හැසිරවීමට ඔවුන්ගේ මූලික බැංකුකරණ ක්‍රමය පිළිබද නැවත සිතා බැලීමට සිදුවනු ඇති බවයි.
දෙසැම්බර් 31 සවස, ආහාර ඇණවුම් කිරීමේ යෙදුම්වල පාරිභෝගික ගෙවීම් හේතුවෙන් UPI මත වාර්තාගත ගනුදෙනු සිදු විය.





