‘අස්ථාවරත්වය වෙනුවට ස්ථිරත්වයත් ත්‍රස්තය වෙනුවට අභයත් අසහනය වෙනුවට සහනයක් සමස්ත විශ්වය පුරා ව්‍යාප්තව පවත්නා අයුරු දැකීම මහා භාරතයේ සහ බංගලාදේශයේ උත්තරීතර අපේක්‍ෂාව බව අගමැති නරේන්ද්ර මෝඩි පවසයි.
අප දෙරටේම අපේක්‍ෂාව සෑම රටක්ම කාගෙන් හෝ උදව් උපකාර රහිතව ස්ව ශක්තියෙන්ම තම රටේ ප්‍රගතියේ ජය කොන්තය ලෙලවනවා දැකීමටයි.
ගතවූ කොරෝනා වසංගත කාලපරිච්ඡේදය තුළ අප දෙරටේ ශක්‍යතා සමස්ත ලෝකවාසීනට ම ප්‍රදර්ශනය කර දැක්වූවෙමු. අප දෙරටම කොරෝනා මාරයා ඉදිරියේ අපේ අයෝමය දැැත් ඔසවා නො සැලී නොබියව එකාවන්ව සිටින්නෙමු. මහා භාරතය තම වගකීම සහ රාජකාරිය කුමක්දැයි යන්න හොඳින්ම අවබෝධ කරගෙන ඇත්තේය.
අපේ වගකීම සහ රාජකාරිය “ඉන්දියාවේ සාදන ලදි” යන්න අභිමානයෙන් කීමය. මේ වන විට ඉන්දියාවේ සාදන ලදී යන අනභිභවනීය මුද්‍රාව සහිත කොරෝනා වෛරස මර්දන එන්නත් තොග ගණනින් බංගලාදේශ වාසීන් කරා ගුවනින් වඩියි.
හින්දූන්ගේ “මාතුආ” පාර්ශවය ස්ථාපනය කළ :ඵ්එම් ිැජ* ශ්‍රී හරිශ්චන්ද්‍රථාකුර් (ථාගෝර්) තුමාගේ ජීවිතය අපට දිව්‍යමය ආදරය කරුණාව දයාව සහ මෛත්‍රියේ පණිවිඩය ගෙනාවා පමණක් නොවෙයි එතුමා අපට අපේ වගකීම් යුතුකම් සහ රාජකාරියද එහි අර්ථයද පැහැදිලිව තේරුම් කර දුන්නා.
වධ හිංසාවට දරිද්‍රතාවට එරෙහිව කෙරෙන අරගල විමුක්තියේ බීජ වැපිරීමයි යන්න ඔහු අපට පසක් (ප්‍රත්‍යක්‍ෂ) කර ඉගැන්නුවා. ඔහු දලිත ප්‍රජාව වෙනුවෙන් විශාල මෙහෙයක් කළා. කිසියම් කලෙකදී භාරත අගමැතිවරයා මේ ස්ථානයට පැමිණෙනු ඇතැයි එතුමා අපේක්‍ෂා කරන්න ඇතැයි මා සිතනවා. දැන් එතුමාගේ ඒ අපේක්‍ෂාව ඉටුවී තියෙනවා.
ශ්‍රී හරිශ්චන්ද්‍ර තුමාගෙන් පසුව ඒ කාර්ය ඉටුකළ ශ්‍රී ශ්‍රී ගුරුවන්ද්‍ර ථාකුර්තුමාගේ ප්‍රධාන කර්තව්‍ය වූයේ ශ්‍රී ශ්‍රී හරිශ්චන්ද්‍රතුමාගේ දර්ශනය මහජනයා අතරට පත් කිරීමයි. දලිතයන් ඒකරාශි කිරීමයි. එතුමා කැපවීම, ක්‍රියාකාරිත්වය සහ දැනුම අපට දුන්නා.
මාතුආ ප්‍රජාවේ වර්තමාන දුවා දරුවන් ශ්‍රී ශ්‍රී හරිශ්චන්ද්‍ර තුමාගේ ජන්මෝත්සවය වන “බාරුනි ස්නාන්” උත්සවය පවත්වනවා. ඉන්දියාවේ වෙසෙන මගේ දලිත සහෝදර සහෝදරියන් ලක්‍ෂ දස ලාක්‍ෂ ගණනින් වන විශාල සංඛ්‍යාවක් අද ඉන්දියාවේ සිට මේ උත්සවයට සහභාගිවීමට පැමිණ සිටිනවා. ඔවුන් මට සෙනෙහස දක්වන්නේ හරියටම පවුලේ කෙනකු හැටියටයි. ඔවුන් විසින් හදා වඩා ගන්නා ලද දරුවා මා බවටත්, ඔවුන් සියලු දෙනා මගේ මව බවටත් දැඩි විශ්වාසයක් ඔවුන් තුළ තියෙනවා. ඒ මාහැඟි අපේක්‍ෂාව මා කිසිදිනක සුන් කරන්නේ නෑ.
ඉන්දියාවේ වෙසෙන කෝටියකට අධික දලිත සහෝදර සහෝදරියන්ගේ ආදරය කරුණාව දයාව මෛත්‍රිය සහ ශුභසාධනය යන මා ගෙනා තිළිණය ඔබට බාර දෙනවා.
වසර පනහකට පෙර බංගලාදේශය උත්තරීතර ස්වාධීනත්වය ලබා ගැනීම ගැන මගේ උණුසුම් ශුභ පැතුම් පිරිනමනවා.
මා අවසාන වරට බංගලාදේශයට පැමිණියේ පසුගිය දෙදහස් පහළොවේ (2015) වර්ෂ හයකට පමණ පෙර. ඔරැකණ්ඩි සිද්ධස්ථානයට යළි ඒමට මා දීර්ඝ කාලයක සිට පුල පුලා බලා සිටියත් ඒ සඳහා අවස්ථාව ලැබුණේ දැනුයි. ශ්‍රී හරිශ්චන්ද්‍ර ථාකුර් තුමාගේ ආශිර්වාදය ලැබී තියෙනවා.
“ශ්‍රී ශ්‍රී හරිශ්චන්ද්‍ර ථාකුර් තුමාගේ ජන්මෝත්සවය නිමිත්තෙන් බංගලාදේශයේ ඔරැකණ්ඩි සිද්ධස්ථානයේ පැවැති“බරුනි ස්නාන්”උත්සවයේදී භාරත අගමැති නරේන්ද්ර මෝඩි එසේ ප්‍රකාශ කෙළේය.
උත්සවයට අගමැති තුමාගේ පැමිණිම අපට නිම්හිම් නැති සතුටක්. අපේ අගමැතිනි ෂික් හසිනා එතුමාට පැමිණීමට ආරාධනය කිරීම ගැන එතුමියටත් අනේක වාරයක් ස්තුති කරනවා යැයි මාතුආ පාර්ශවීය නියොජිත මින්තු බිස්වාස් කීවේය.
විදේශ ලේකම් හර්ෂ වර්ධන් ශ්‍රින්ගියාද අවස්ථාවට සහභාගි වූවේය.











