• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මහවැලිය පුරවන දුම්බර

March 31, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
මහවැලිය පුරවන දුම්බර
Share on WhatsAppShare on Facebook

දුම්බර කඳු වැටිය හෙවත් නකල්ස් වනාන්තරයේ ඇති සුවිශේෂී වැදගත්කම් පිළිබඳව බොහෝ දේ අපි පසුගිය සතියේදී කතා කළා. අද එහි තවත් දිගුවක් ඔබ වෙත ගෙන ඒමටයි මේ සූදානම.

නකල්ස් කඳු පංතිය පුරාවට දැක ගත හැකි සත්ව සහ ශාක විශේෂ ගණන අති විශාලයි. ඒ අතරින් බොහොමයක් ඒක දේශික සහ දුර්ලභ විශේෂ වීමත් වැදගත් කාරණයක්. නකල්ස් කඳුකරයේ නැඟෙනහිර බෑවුම කඳුකර අලි දැක ගත හැකි ප්‍රදේශයක්. දිවියන් පවා මේ පරිසර පද්ධතිය තුළ ජීවත්වෙන බව වාර්තා වී ඇති නමුත් එහිදී දිවියෙකු දැක ගැනීම ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති දුර්ලභ මැඩි විශේෂ ගණනාවක නිවහන ලෙස මේ දුම්බර කඳුකරය හඳුන්වා දෙන්න පුළුවන්. දුම්බර ගල්පර මැඩියා, නකල්ස් වක රැලි මැඩියා, නකල්ස් පඳුරු මැඩියා, මුවර්ගේ පඳුරු මැඩියා, ස්ටුවට්ගේ පඳුරු මැඩියා වැනි දුර්ලභ මැඩි වර්ග රාශියක් මෙහි ජීවත් වෙනවා. ඒ වගේම ඉරි වකුටුල්ලා, පෙති අං කටුස්සා, පෙතියාගොඩගේ නෙසිලුකටුස්සා වැනි කටුසු වර්ගත් දුම්බර කුරු බෝදිලිමා, නකල්ස් දිවි සැරි හූනා සහ තිත් දිවසැරි හූනා වැනි දුර්ලභ ජීවී විශේෂ රාශියකුත් මෙහි ජීවත් වෙන බව වාර්තා වෙලා තියෙනවා.

කුරුලු විශේෂ පිළිබඳව කතා කිරීමේදී කැහිබෙල්ලා, ගිරා මලිත්තා, කළු රාජාලියා වැනි පක්ෂීන් මෙහිදී බහුලව දැකගත හැකි පක්ෂි විශේෂ ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බ්ලූ බෝර්මන්, පෙන්ටස් සෝටුත්, නිගර්, බ්ලූ අඩ්මිරල් සහ ටැමිල් යොමාන් වැනි දුර්ලභ සමනල් විශේෂ රාශියකුත් නකල්ස් වන පෙත තුළදී දැකගත හැකියි.

මධ්‍යම කඳුකරය වාස භූමි කර ගත් ශාක වර්ග සියල්ලම පාහේ මේ වන පෙත තුළදී දැක ගත හැකියි. ඒ අතර වන රාජ, බිං කොහොඹ, කුඩා හැඩයා, මහ හැඩයා, කාපිරිත්ත, නෙල්ලි සහ මිල්ල වැනි දුර්ලභ ශාක විශේෂ මේ වන පෙතේ වටිනාකම තවත් වැඩි කරවන බවත් සඳහන් කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශය වීම දුම්බර මිටියාවතේ සුවිශේෂී වැදගත්කම වැඩි කරවන තවත් සාධකයක්. ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතයට බොහෝ සෙයින් උපකාරි වන මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශ අතරින් 30%ක් පමණම අයත් වන්නේ දුම්බර කඳු පංතියටයි. මේ සුන්දර කඳු පංතිය රැක ගැනීම සෑම දෙනාගේම වගකීමක් බවට පත්ව ඇත්තේ ඒ හේතුව මතයි.

ඈත අතීතයේදී මෙරට පාලනය කළ රජවරුන් මේ දුම්බර කඳු පංතිය කිසිදු කාර්යයක් සඳහා යොදා නොගත්තේ එහි ඇති වැදගත්කම ඉතාම හොඳින් තේරුම් ගැනීම හේතුවෙන් බව අපි පසුගිය සතියේදී කතා කළා. ඒ වගේම එම තත්ත්වය ඉංග්‍රීසි ආණ්ඩු යුගයේදී වෙනස් වූ බවත් අපි සඳහන් කළා. නමුත් දුම්බර මිටියාවත වාණිජකරණය සඳහා යොදාගෙන කෙටි කාලයක් ඇතුළතම එහි ඇති වැදගත්ම ඉංග්‍රීසීන් තේරුම් ගැනීමත් විශේෂත්වයක්.

දුම්බර කඳු පංතියට පළමුව නීත්‍යනුකූල ආරක්ෂාවක් ලබාදීමට ඉංග්‍රීසීන් කටයුතු කර ඇත්තේ ඒ හේතුවෙන්. ඒ 1873 තරම් අතීතයකදී. එහිදී දුම්බර කඳුකරයේ මීටර් 1500ට වඩා ඉහළ ප්‍රදේශය වලාකුළු වනාන්තර ප්‍රදේශ දේශගුණික රක්ෂිතයක් ලෙස නම් කිරීමට ඉංග්‍රීසි පාලකයන් කටයුතු කර තිබෙනවා.

එසේ වුවත් දුම්බර කඳු පංතිය වන සංරක්ෂණ ආඥා පනත යටතේ සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් වී ඇත්තේ 2007 තරම් මෑතකදී වීමත් සුවිශේෂී කාරණයක්. ඒ වන විට එනසාල් වගා කිරීම සඳහා ඉදිකළ ගම්මාන පවා දුම්බර කඳුකරය තුළ තිබුණු බව සඳහන්. එම වගාකරුවන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.

පසුව එම වසරේදීම ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කර ඇති දුම්බර කඳුවැටිය 2008 වසරේදී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප්‍රදේශයක් ලෙසත් නම් කර තිබෙනවා. ඉන් අනතුරුව 2010 වසරේදී මේ සුවිශේෂී දුම්බර අඩවිය ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය කටයුතු කර තිබෙන්නේ එහි ඇති වැදගත්කම ලෝකයටම හෙළි කරමින්.

විවිධ නීතිමය ප්‍රතිපාදනයන් යටතේ මේ දුම්බර මිටියාවත සංරක්ෂණය කර තිබුණද, අදටත් ඊට එල්ල වී ඇති තර්ජන සුළුපටු නැහැ. ඒ අතරින් ඉදිරියේම ඇත්තේ ජාන මංකොල්ලයයි. දුම්බර කඳු වැටියට ඇතුළු විය හැකි ස්ථාන රාශියක් පිහිටා තිබීම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එය පාලනය කර ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් යෙදිය යුතු වෙලා තියෙනවා. ඒ හේතුවෙන් අදටත් ජාන මංකොල්ලය ඉතා විශාල ආකාරයෙන් නකල්ස් කඳු වැටිය පුරා සිදු වෙනවා.

ඒ වගේම වන ආවරණය යටින් නැවතත් එනසාල් වගාව සිදු කිරීම සඳහා වක්‍රාකාරයෙන් අනුමැතිය ලබා දීමට පාලකයන් කටයුතු කිරීමත් නකල්ස් වන පෙතට එල්ල වී ඇති ප්‍රබල තර්ජනයක්. වර්තමානයේදී දුම්බර මිටියාවතට අයත් මී මුරේ ගම්මානය ආශ්‍රිතව මේ තත්ත්වය ඇති වී තිබෙන බවක් දැන ගන්න ලැබෙනවා.

ඒ වගේම සංචාරක මඟ පෙන්වන්නෙකු නොමැතිව හිතු මනාපයට නකල්ස් වන පෙතට ඇතුළු වීමට සංචාරකයන්ට අවස්ථාව ලැබී තිබීමත් සැලකිය යුතු කාරණයක්. පරිසරයට ආදරය කරන සංචාරකයන් ඒ ආකාරයෙන් මේ පරිසර පද්ධතියට ඇතුළු වීමේ ගැටලුවක් නැතත්, පරිසරය පිළිබඳ කිසිදු තැකීමක් නැති ඇවිදින්නන් වාලේ ඇවිදින සංචාරකයන් එලෙස ඇතුළු වීම මේ වටිනා පරිසර පද්ධතියට තර්ජනයක් බවත් පැවසිය යුතුයි.

ඒ හේතුවෙන් දුම්බර කඳු පංතිය රැක ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම ඉතාම ඉක්මනින් සිදුකළ යුතු ක්‍රියාවක් බවයි අපේ අදහස. එසේ නොමැති වුවොත් එය මේ ලෝක උරුම දායාදය අනාගත පරපුර සඳහා රැක ගැනීමට විශාල බාධාවක් වනු ඇති. ඒ හේතුවෙන් මේ වටිනා පරිසර පද්ධතිය රැක ගැනීමට වචනයකින් හෝ දායක වීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීමක් බවත් ප්‍රකාශ කළ යුතුයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

චීනෙ එන්නත් ලෝකෙටම: චීනෙට ජර්මනියෙන් එන්නත

Next Post

පස්සර ලුණුගල පාර මාරයාට අත වනයි: තවත් බස් එකක් ප්‍රපාතයට ඇලවී නූලෙන් බේරෙයි (VIDEO)

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.