• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පැසිෆික් සාගරයේ චීන යුද අභ්‍යාස

June 30, 2021
in News, Politics
Reading Time: 2 mins read
A A
පැසිෆික් සාගරයේ චීන යුද අභ්‍යාස
Share on WhatsAppShare on Facebook

චීනයේ නාවුක හමුදා භට කණ්ඩායමක්පසුගියදා පැසිෆික් සාගරයේ යුධ පුහුණු වැඩසටහනක් පැවැත්වූහ. එමගින් වක් බසින් (ව්‍යංඝාර්ථයෙන්) ලොවට නොකියා කියන අනතුරු ඇඟවීමේ පණිවුඩයක්ද තිබේ.

එනම් චීනය තම සමීප මායිම් පැන ඉන් ඔබ්බට යාමේ යටි අරමුණකින් කටයුතු කරන බවයි.

“සවුත් චයිනා මෝර්නිං පෝස්ට්” පුවත්පත පෙන්වා දෙන්නේ චීනය, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල් පසුකර නාවික සැතපුම් 6,700ක් සමුදුර තරණය කරමින් පැසිෆික් සාගරය කරා ගොස් යුධ සරඹ දැක් වූ බවයි. චීනයේ වර්තමාන හමුදාවල පවත්නා සංකීර්ණ තත්ත්වය හමුදා නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ කැමැත්තට අභියෝගයක් බවද පුවත්පත කියයි. ඒ සා දීර්ඝ සාගර තරණයකින් පසුව කෙරෙන හරඹයෙන් අවි ආයුධ ඇතුළු උපකරණ පිළිබඳවද සාගර තරණය පිළිබඳවද ශක්තිය බලය හැකියාව ආදී යෙදවුම් පිළිබඳවද ශක්‍යතා අධ්‍යයනයක් පමණක් නොව හමුදානිලධාරීනට සහ සෙබළුනට අණදීම සහ ඔවුන් හා පැවැත්විය හැකි සම්බන්ධතා අධ්‍යයනයක් බවද සමාජ මාධ්‍ය කියයි. එපමණක් නොව මේ ක්‍රියාකාරිත්වය සම්බන්ධව වසර ගණනාවක් තිස්යේ යටපත්ව තිබූ අරඇඳිල්ල යළි උත්තේජනයක් බවද පෙන්වාදී ඇත.

දක්‍ෂිණ අණදෙන මණ්ඩලය යටතේ හමුදා භට කණ්ඩායමක් පසුගිය වර්ෂයේදී (2020) පැසිෆික් සාගරයේදී දින හතළිස්එකක අඛණ්ඩ හමුදා පුහුණු අභ්‍යාසයක් පවත්වා ඇත.

චීනයේ සිට පැසිෆික් සාගරයේ නාවුක සැතපුම් 14,000ක දුරකදී පවත්වා ඇති යුධ අභ්‍යාසයට ප්‍රහාරක සහ ගලවාගැනීම් පිළිබඳ යුධෝපක්‍රම ඇතුළත්ව ඇතැයි සමාජ මාධ්‍ය කියයි. චීන යුධ අරමුණු ශක්‍යතා වර්ධනය යනු සිය වපසරිය (බල ප්‍රදේශය) ව්‍යාප්තියයි. ඒ වෙනුවෙන් තම සමීප මුහුදු සීමා බලප්‍රදේශය ඉක්ම වූ විශාල සාගර ප්‍රදේශයක් චීනය විසින් ගවේෂණය කරනු ලැබේ. චීනයට අයත් බල ප්‍රදේශයෙන් ඉතා දුර බැහැර සාගරයේ යුද අභ්‍යාසවල යෙදීම යනු චීන නාවික හමුදාව ඒ දුර ප්‍රදේශයේ අණසක තහවුරු කරගැනීමයි. චීනය ගතවූ මාස කිහිපය තුළ දක්‍ෂිණ සහ නැගෙනහිර සාගර කලාපයේ ක්‍රියාකාරකම් සීඝ්‍රයෙනක් වර්ධනය කෙළේය.

ඒ චීනය කරා ඇමෙරිකාව දක්වන ආකල්පයට පිළිතුරු දීමක් වශයෙනි. ඇමෙරිකාවේ අරමුණු දක්‍ෂිණ සහ නැගෙනහිර සාගර කලාපයේ මෙහෙයුම්වල සුරක්‍ෂිතතාව රැකගැනීමට බවයි. එහෙත් එය නීතිරීති උල්ලංඝනය කිරීමක් බවට චීනය චෝදනා කරයි.

අර්බුදයකට තුඩුදී ඇති “සෙන්කාකු” දිවයිනට ආසන්න තම සාගර කලාපයට චීන නාවික යාත්‍රා එකසිය 112ක් මේ වන විට ආක්‍රමණය කර ඇතැයි ජපානය මේ අතර චෝදනා කරයි. ජපන් වෙරළාරක්‍ෂක අංශය පවසන අන්දමට පොදු සාගර සීමා කලාපයට පසුගිය සිකුරාදාද චීන යාත්‍රා පැමිණ “පොඩි පහේ රවුමක්” ගසා ගොස් තිබේ.

තම සාගර කලාපයට ඇතුළු වන ඕනෑම යාත්‍රාවකට පහර දෙන ලෙසට චීනය තම සාගරාරක්‍ෂකයනට නීතිමය බලතල පසුගියදා පවරා තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ආණ්ඩුව හොඳ වැඩි නිසා ප්‍රශ්න වැඩියි! එක කාක්කෙක් මරලා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්දයි! ජොනීගෙන් ප්‍රකාශයක්!!!

Next Post

අමෙරිකාවත් චීනය එක්ක සටනට

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.