• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනෙ එන්නත් ලෝකෙටම: චීනෙට ජර්මනියෙන් එන්නත

March 31, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
චීන එන්නතට විශේෂඥ දොස්තරලාගේ විරෝධය! අනුමැතිය ගන්න අධ්‍යක්ෂ මණ්ඩලයත් වෙනස් කරලා!!

Morgantown, WV - 16 December 2020: Small bottle of coronavirus vaccine with syringe with background of the Chinese company Sinopharm logo

Share on WhatsAppShare on Facebook

කොවිඩ් වෛරස මර්දනයට චීනය නිෂ්පාදනය කළ “සිනොවැක් බයෝටෙක් කොරා්නා වැක්සින්” වැඩකට නැති එකක් බවට ජාත්‍යන්තර පිළිගැනීමට පත් වෙමින් තිබේ. මේ නිසා “මේඩින් චෛනා” ගෝලීය කිර්තිනාමයට දැළි ගෑවෙමින් යයි. චීන එන්නත මිනිස් බිලි ගන්නා මාරයකු බවට කිසිවකු විශ්වාස නොකළද මේවන විට එවන් තත්ත්වයක් උදාවෙමින් ඇත.

චීන එන්නත ඵලදායිත්වයෙන් තොරවූවක් බවට ජ්‍යාත්‍යන්තරයට ඒත්තු යාමට හේතු වූ සාධක බොහොමයක් ව්‍යාප්තවී තිබේ.

උදාහරණ කීපයක් මෙසේය.

චීනයේ නිෂ්පාදිත එන්නත එන්නත් කරනු ලැබූ ඉන්දුනීසියානු හෙද නිලධාරිනී තිස්තුන් හැවිරිදි එමී කුසුමා සුක්මා දේවිය එන්නත එන්නත් කිරීමෙන් පසුව උණ ගැනී, හුස්ම ගැනීමේ දුෂ්කරතාවට පත්ව මියගිය බව එරට ජාතික හෙද සංගමය නිවේදනය කළේය.

කොවිඩ් වෛරස් මර්දන චීන එන්නත අත්හදා බැලීමේ පරීක්‍ෂණයකට යොදා ගන්නා ලද පේරුවියානු ජාතික ස්වේච්ඡා සේවකයකු එන්නත එන්නත් කිරීමෙන් වෛරස්කාරක නිමෝනියාවෙන් මියගොස් ඇත.

චීන එන්නත නිසා දෘඨතර සිද්ධීන් මාලාවක් ඉස්මතුවූ බැවින් “සිනොවැක් බයෝටෙක් එන්නත තම රටෙහි එන්නත් කිරීම පේරු ආණ්ඩුව විසින් අත්හිටුවනු ලැබ තිබේ.

චීන එන්නත අත්හදා බැලීමේ පරීක්‍ෂණයකට යොදා ගනු ලැබූවන් මියගිය බව බ්‍රසීලයද වාර්තා කරයි.

ලෝකයේ අසාර්ථකම එන්නත චීන සිනොවැක් එන්නත බව එන්නත් පිළිබඳ චීන ජාතික විශේෂඥයකු වන ටාඕ ලීනා වෙබ් අඩවියකින් විස්තර කළේ එම එන්නත එන්නත් කිරීමෙන් අතුරු ආන්ත්‍රා හැත්තෑතුනක් (73) උද්ගතවන බව හෙතෙම අවධාරණය කෙළේය. හිසේ කැක්කුම, අධික රුධිර පීඩනය, පෙනීම දුර්වලවීම, ආහාර අරුචිය සහ මල මූත්‍ර පහ නොවීම ඇතිවෙන අතුරු අන්ත්‍රාවලින් කීපයක් බව විශේෂඥ ටාඕ ලිනා විස්තර කෙළේය.

අනතුරුව චීන රජය විසින් එම වෙබ් අඩවිය මකා දමා ඔහුගේ හඬ නිහඬ කර දමනු ලැබිණි.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් චීනය සමග සම්බන්ධතා පවත්වන තුර්කිය සහ ඉන්දුනීසියාව චීන එන්නත් වැඩසටහන සම්බන්ධයෙන් අමාරුවකට පත්ව ඇති බව වාර්තා වේ. චීන එන්නත ආනයනය කරවා ගැනීමට ඇණවුම් කරවා ඇති සහ ඇණවුම් කිරීමට අපේක්‍ෂිත රටවල් බොහොමයක්ම මුහුණ පා ඇති ගැටලුව රටවාසීන් චීන එන්නත ගැනීමට දක්වන බලවත් අකමැත්තය.

එරට ප්‍රජාව රජයෙන් අසන ප්‍රශ්නය “චීන එන්නත ගැනීමෙන් අත්වන යහපත කුමක්ද?” යන්නය. එම මහජන මතයට පිටුපා කටයුතු කිරීම විශාල බාධාවක් බව ඉන්දුනීසියාවේ විදේශ සමබන්ධතා උපදේශක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික යැන්ස් හෝං හුවැං සී.එන්.එන්. සේවයට පවසා තිබේ. චීනයටම යාබද හොංකොං ප්‍රජාවද චීන එන්නත පිළිබඳව සිය කුකුස ප්‍රකාශ කරති.

මේ මතය සම්බන්ධයෙන් හොංකොං විශ්ව විදා්‍යාලය විසින් පවත්වන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත්තේ හොංකොං ප්‍රජාවෙන් සියයට හැටඑකක් (61%) චීන එන්නත ප්‍රතික්‍ෂේප කරන බවය. සුරක්‍ෂිතතාව සහ ඵලදායීත්වය පිළිබඳ ප්‍රජාව තුළ පවත්නා දැඩි අවිශ්වාසය එන්නත ලබා ගැනීමට ඇති බලවත්ම මූලික හේතු බවද සමීක්‍ෂණයෙන් අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාව ද චීන එන්නත පිළිබඳව එතරම් කැමැත්තක් නැති බව ඇඟ වෙන අතර ඉන්දියාව විසින් පිරිනමන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා වෛරස් එන්නත ආසාදිතයනට එන්නත් කිරීමට යුහුසුළු වන බව පෙනෙන්නට තිබේ. චීන එන්නත් තොගයක් සිංගප්පූරුවට ද ලැබී ඇතත් ඒවායේ බලපෑම සම්බන්ධයෙන් දෙවරක් උපකල්පනය කළයුතු බව කියන බැවින් මෙතෙක් ඒවා පාවිච්චියට සුදුසු බවට එරට සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කරනු ලැබ නැත.

“සිනොවැක් බයෝටෙක් කොරෝනා එන්නතේ සුරක්‍ෂිතතාව සහ ඵලදායීත්වය පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා වන සියලුම දත්ත ඒකරාශී කෙරෙනවා. අවශ්‍ය දත්ත ලැබුණු පසු වසංගත ප්‍රවේශ විශේෂ මාර්ග ඔස්සේ අධ්‍යයන පරීක්‍ෂණ පැවැත්වෙනවා යැයි සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. අපේ විශේෂඥ මතය අනුව “සිනොවැක් එන්නත කොවිඩ් වෛරස මර්දනය සඳහා ඇති හොඳම ඖෂධීය එන්නත නොවේ යැයි පිලිපීිනයේ ඖෂධ සහ ආහාරපාලක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රෝලන්ඩෝ එන්රික් ඩොමින්ගෝ :ඍදක්බාද ෑබරසුමැ ෘදපසබටද* ප්‍රකාශ කරයි.

“එන්නත ප්‍රසන්නයි ඒත් වැඩකට නෑ” චීනයේ ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයීය ඇතැම් නිලධාරීන්ගේ මතය ඊට බොහෝ සෙයින් සමාන වන්නකි. චීන එන්නතේ ගුණාත්මකභාවය සහ ඵලදායීත්වය පිළිබඳව වැඩි වශයෙන්ම දන්නෝ එරට ඖෂධ සහ ආහාරපාලක මණ්ඩලයීය නිලධාරීහුය. සෞඛ්‍ය බලධාරීන් විසින් සියල්ල ආරක්‍ෂාකාරී යැයිද, ගුණාත්මකැයිද, ඵලදායීත්වයෙන් අගනේ යැයිද යන පරිදි තහවුරු කර රාජ්‍යතාන්ත්‍රික බැඳුම් තහවුරු කෙරෙන අන්දමින් විදේශයනට අපනයනය කෙරෙන බව සැබවින්ම සැබෑවක් බව සමස්ත ජාත්‍යන්තරයම දන්නා කරුණකි.

එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව නොදන්නා රහසක් ඒ ක්‍රියාවලියේ සැඟව පවත්නා බවද කිව යුතුය. ඇත්ත වශයෙන්ම ඔය අන්දමින් බැහැර ලෝකයට බෙදාහරිනු ලබන ඖෂධීය එන්නත එරට පාලකයින් විසින් එන්නත් කරගනු ලබනවාද යන්න සැඟවූ රහසය. තම රටේ නිෂ්පාදිත එන්නත පිළිබඳව ලෝකයටම ඇසෙන්නට හොරණෑ පිඹින චීනය තම රටේ පාවිච්චිය සඳහා ජර්මනියේ නිෂ්පාදිත බයෝ ටෙක් එන්නතින් මාත්‍රා මිලියන සියයක් හෙවත් කෝටි දහයක් (10,00,00,000) මිලට ගැනීම සඳහා චීනයේ සීමාසහිත ෂැන්හායි ෆෝසන් පාමස්‍යුටිකල් ගෲප් කොම්පැනි ආයතනය කටයුතු කර ඇත. එහෙත් එම ප්‍රමාණය එරටට පැමිණියේද?, භාවිතයට අනුමැතිය ලැබුණේද? භාවිතා කරන්නේද? යන්න ගැන මේ වනතෙක් කිසිදු හෝඩුවාවක් නැත.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

නවත්තන්න බැරිවෙයි: ඩොලරය රුපියල් 202 පන්නයි

Next Post

මහවැලිය පුරවන දුම්බර

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.