• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඉම්රාන් සාම මාවතට!

June 8, 2021
in News, Politics
Reading Time: 6 mins read
A A
පාකිස්තානය ගිනිගනී
Share on WhatsAppShare on Facebook

ඉස්ලාම් ආගමික
වක්තෘවරයාණන්ගේ ඉගැන්වීමට
පටහැනි කිසිදු දෙයක් නොකරන්නෙ
මැයි පාකිස්තාන අගමැති ඉම්රාන්
ඛාන් සිය අමාත්‍ය මණ්ඩලයේ
ජ්‍යෙෂ්ඨතමයන් සමග පසුගිය සඳුදා
පැවැත්වූ සාකච්ඡාවකදී සපථ කළ බව
G.E.O ප්‍රවෘත්ති සේවය නිවේදනය
කෙළේය.


G.S.P Plus වාණිජ තත්ත්වය යළිදු
සලකා බලා යාවත්කාලීන කළ යුතු
බවට යුරෝපා පාර්ලිමේන්තුව සම්මත
කර ඇති යෝජනාවට ප්‍රතිචාර වශයෙන්
පාකිස්තාන ආණ්ඩුවේ මතය සමාජගත
කිරීමේ අභිලාසයෙන් අගමැතිවරයා සිය
ජ්‍යෙෂ්ඨයන් සමග රැස්වීම පැවැත්වූ බව
ප්‍රවෘත්ති සේවය කියයි.
තම ආණ්ඩුව යුරෝපා සංගමය
අතර පවත්නා සම්බන්ධතා සුරක්‍ෂිත
කෙරෙන අන්දමින් සෑම සියලු
කාර්යයක්ම කළ යුතු බව සාකච්ඡාවේදී
සියලු දෙනා එකහෙළාම පිළිගෙන
ඇත්තාහ.
එමතුද නොව පාකිස්තානයේ

වෙසෙන සියලු සුළු වාර්ගිකයන්ගේ
ආරක්‍ෂාව සුරක්‍ෂිත කෙරෙන බව එහිදී
සියල්ලන්ම ඒකමතිකව තීරණයට එළැඹි
මතයද විය. පාකිස්තානීය ඉස්ලාමික
ප්‍රතිපත්ති සහ G.S.P Plus වෙළෙඳ
ගිවිසුම අතර මතවාදයක් ඇති නොවන
බවද පැහැදිලි කෙරී තිබේ. එකී වාණිජ
ගිවිසුම යුරෝපා සංගමය කිසියම්
අන්දමකින් අවලංගු කරනු ලැබුවහොත්
පාකිස්තානයට වාර්ෂිකව මුහුණදීමට
සිදුවන ඩොලර් බිලියන තුනක හෙවත්
ඩොලර් කෝටි තුන් සියයක ආදායම්
අහිමිවීමේ ගැටලුව පිළිබඳවද දීර්ඝ
ලෙස සාකච්ඡා කෙරී ඇත.


පාකිස්තානයට අනුමත කර ඇති
G.S.P Plus වාණිජ ගිවිසුම යළි
සලකා බලා සංශෝධනය කිරීමේ
යෝජනාව පසුගිය සතියේ දී යුරෝපා
සංගමය සම්මත කරගනු ලැබ ඇත.
පාකිස්තානය සුළු ජනවාර්ගිකයන්
කොන්කරනු ලැබීම සහ මූලික
මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන්
පවත්නා නීතිමය අසමතුලිතභාවය
පැහැදිලිව නිරීක්‍ෂණය වීම නිසා මෙවන්
තත්ත්වයක් උද්ගතව ඇතැයි නිල
නොවන ආරංචිවලින් පැවැසේ.
“රිනිව් යුරොප්” නමැති දේශපාලන
කණ්ඩායම පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කරනු ලැබූ යෝජනාවට වැඩි ඡන්ද
හයසිය අසූඑකක් ලැබී ඇති අතර
විපක්‍ෂව ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය හයකි.
මෙවන් යෝජනාවක් සම්මත කිරීම
ගැන තම බලවත් කනගාටුව ප්‍රකාශ
කරන බව යෝජනාව සම්මත කිරීම
පිළිබඳ පාකිස්ථානයේ විදේශ කාර්යාලය
නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්
වේ.
අදේවවාදය සහ පාකිස්තානයේ
ආගමික සංවේදීතාව ගැන මෙන්ම
සමස්ත ලෝක මුස්ලිම් ප්‍රජාව පිළිබඳ
අනවබෝධයෙන් මෙවන් යෝජනාවක්
ගෙන ඒම ගැන බලවත් කනගාටුව
ප්‍රකාශ කරන බවද පාකිස්තාන
විදේශ කාර්යාලයෙන් නිකුත්
කර ඇති නිවේදනයේ
දක්වා තිබේ. එපමණක්

නොව පාකිස්ථානයේ
පවත්නා අධිකරණ
නීති මාලාව සහ
සාංස්කෘතික හර
පද්ධතිය කෙරෙහි හරි
දැක්මක් නොමැතිව මේ
අන්දමේ අසාධාරණ
ගර්හාවක් කිරීම අතිශයින්
ශෝචනීය බවද සඳහන් කර
ඇත.


මානව හිතවාදී සිවිල්
සමාජයකින් ද, කිසිදු
අන්දමේ කොන්
කිරීමකින්
තොර සියලු
දෙනාගේම ප්‍රවර්ධනය සහ සුරක්‍ෂිතතාව ආරක්‍ෂා
කෙරෙන නීති පද්ධතියකින්ද
උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදය සුරකින
පාර්ලිමේන්තුවකින්ද සජ්ජිත වීම
පාකිස්තානයේ අභිමානයයි.
මූලික මිනිස් අයිතිවාසිකම්
භුක්තිවිඳීම සඳහා වන ස්වාධීනත්වය
ආණ්ඩුක්‍රම වෘවස්ථාවෙන්ම
පාකිස්තානය සුළු ජනවාර්ගිකයනට
තහවුරු කරදී ඇති බව විදේශ
කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ
සඳහන් වන්නකි. ජාත්‍යන්තරයේ
වර්ධනය වෙමින් පවත්නා ඉස්ලාම්
භීතිය (islamophobia) තේ
කෝප්පයේ කිඹුලන් දකින අරුත් සුන්
එකක් බව ලෝකයට පෙන්වාදීමට
ඒකාබද්ධ සර්වග්‍රාහී ව්‍යාපෘතියක් වහා
අරම්භ කිරීම සඳහා ඉස්ලාමාබාද් මූලික
කොටගත් ඉස්ලාමීය සහයෝගිතා
පදනමේ රාජ්‍ය නියෝතයන් මේ
අතර කැඳවූ අගමැති ඉම්රාන් ඛාන්
(ඔවුනට) උපදෙස් දුන්නේය.
අපේ මූලික අරමුණු විය යුත්තේ
අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැග
ීමයි, එකිනෙකා අතර එකමුතුකමේ
විශ්වාසය ප්‍රවර්ධනයයි. ඉස්ලාමීය
භීතිය වර්ධනය යනු එකිනෙකා
අතර වෛරය ක්‍රෝධය පැතිරයාමයි.
මේ වැඩසහනට
පදනමේ සියලු
තානාපතිවරුන්,
රාජ්‍ය දූතයන්
මුල්විය යුතුයි.
මේ අරමුණ
ජාත්‍යන්තරයට ගෙන යා යුතුයි.
සුහදත්වය මිත්‍රත්වය ජාතීන් අතර
විශ්වාසය බිඳහෙළීමට ප්‍රධාන වන්නේ
රැඩිකල්වාදය සහ ත්‍රස්තවාදයයි.
එමගින් අප ජාත්‍යන්තරයෙන්
අනිවාර්යයෙන්ම කොන් කිරීමට පාත්‍ර
වෙනවා, ගෝලීය වශයෙන් බිත්තියටම
හේත්තු කෙරෙනවා. අප ඒ සියල්ල
පිටුදැකිය යුතුයි. කථන සහ ලේඛන
කලාවේ ස්වාධීනත්වය නැතහොත්
නිදහස යන සාටකයට මුවාවී කෙරෙන
ඉස්ලාමීය ප්‍රඥප්තියට සහ ආගමික
පෞද්ගලිකත්වයට ඉතා නිර්ලජ්ජී
අන්දමින් නින්දා කිරීම යනු ලෝකය
පුරා වෙසෙන එකසිය පනස් කෝටියක්
තරම් මුස්ලිම් ප්‍රජාවගේ මනෝභාවයට
ගර්හා කිරීමයි.


අනාගත වක්තෘ මහමද් නබිතුමා
දේශනා කළ සහ ශුද්ධ වූ කුරානයේ
සඳහන් මානව කරුණාව සහ දයාව
සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ සිත් තන්හි
නිබඳවම රජයමින් පවත්නා බව සමස්ත
ලෝක ප්‍රජාවටම අවබෝධ කරවීමේ
කාර්යභාරය නොපිරිහෙලා ඉටු කළ
යුතුයි.
‘සියලු ලබ්ධිකයන්ගේ සුසංවේදිත්වය
ආරක්‍ෂා කරන්නා වූ වගකීම ස්ථාපනය
කෙරෙන නීතියේ පාරිශුද්ධතාව
පැහැදිලි කර තිබීමද, ඉස්ලාමීය සත්‍ය
ප්‍රතිරූපය සහ සාමය සහ ඉවසීම
යන ඉස්ලාමීය පණිවිඩය පිළිබඳව ද
ජාත්‍යන්තර ප්‍රජාවගේ සන්තානයන්හි
රෝපණය කරවීමේ මාහැඟි ප්‍රයත්නයට
උරදීම ඉස්ලාමීය සහයෝගිතා පදනමේ
සාමාජිකත්වයේ රාජ්‍ය නියෝතයන්ගේ
වගකීමයි’ යන්නද අගමැති ඉම්රාන්
ඛාන් පැහැදිළි කෙළේය.
සාමකාමී සහ ජීවනය, අන්‍යොන්‍ය
ගරුත්වය, ඉවසීමේ විශ්ව සාධාරණ

වටිනාකම යන උත්තරීතර මානව
ගුණාංග ප්‍රවර්ධනය කිරීම උදෙසා
සමස්ත ලෝකවාසී ප්‍රජාව සමග කටයුතු
කිරීමට මෙන්ම සාකච්ඡා කිරීමටද
පාකිස්ථානය ඕනෑම අවස්ථාවක
අත්වැල් බැඳගැනීමට ඇපවී කැපවී
සිටින බවද අගමැති ඉම්රාන් ඛාන්
ප්‍රකාශ කෙළේය.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගඟට පැන කිඹුලෙක් එක්ක පොර බදා හිමිනමක් වැඩිහිටියෙක්ව බේරගෙන!

Next Post

මේක දේව සාපයක්ද-දේව කෝපයක්ද? හාමුදුරුවො හොයන දේ… (VIDEO)

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.