කත්මණ්ඩු නුවර ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නැගෙනහිර පැත්තේ පිහිටි දුරස්ථ වාහන නැවැත්වීමේ ස්ථානයේ චීන ගුවන් යානා ගුවන් යානා පහක් කල්බදු සදහා ලබාදීමට නවතා ඇති බව වාර්තාවේ.
සැප්තැම්බර් මාසයේදී, නේපාල ගුවන් සමාගම චීන ගුවන් යානා කල්බදු සඳහා ඔක්තෝබර් 31 දක්වා ලංසුකරුවන් සඳහා අවසන් දිනය ලබා දුන් අතර ලංසු ඉදිරිපත් නොවීම නිසා එම කාලය නොවැම්බර් 16 දක්වා දීර්ඝ කරන ලදී.
නේපාල ගුවන් සේවයේ ප්‍රකාශිකා Archana Khadka පැවසුවේ මෙම දීර්ඝ කාලය තුළ ඔවුන්ට එක ලංසුවක්වත් නොලැබුණු බවයි.
“දැන් කළමනාකාරිත්වය එම යානා විකිණීමට තීරණය කර ඇත.” යනුවෙන් පවසමින් ඊට ජාත්‍යන්තර තක්සේරුකරුවෙකු පත් කරන ලෙස නිවේදනයක් නිකුත් කරන බව Khadka පැවසීය.
එම ක්‍රියාවලිය අවසන් කිරීමට අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවද ඔහු පැවසීය.