2024 පළමු කාර්තුව සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කොට ඇති ශ්‍රම බළකාය පිළිබඳ සමීක්ෂණය අනුව පසුගිය වසර හතරක කාලය තුළ ලංකාවෙ පුද්ගලයන් විසින් සතියකට වැඩකරන පැය ගණන සැලකිය යුතු ආකාරයට ඉහළ ගොස් අති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
ඒ අනුව, 2020 වනවිට සතියකට පැය 1ත් 9ත් අතර වැඩකරන පිරිස ශ්‍රම බළකායෙන් 2.1%ක් වූ අතර, 2024 පළමු කාර්තුව වනවිට එය 10%කින් පමණ පහළ ගොස් ඇත.
එහෙත් සතියකට පැය 10ත් 39ත් අතර වැඩකරන පිරිස 2020දී ශ්‍රම බළකායේ 27.1%ක් වූ අතර, 2024 පළමු කාර්තුව වනවිට එය 29.7% දක්වා 10%කින් පමණ ඉහළ ගොස් ඇත.
එමෙන්ම සතියකට පැය 40ක් හෝ ඊට වැඩි පැය ගණනක් වැඩකරන පිරිස 2020දී 56.2%ක් වූ අතර, 2024 පළමු කාර්තුව වනවිට එය 65.8% දක්වා 17%කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙහිදී කාන්තාවන් සතියකට පැය 36.2ක් පමණ වැඩකරන අතර, පිරිමින් විසින් සාමාන්‍යයෙන් පැය 43.6ක් වැඩකරන බව හෙළිව තිබේ.
සාමාන්‍යයෙන් රටක ජනතාව විසින් වැඩකරන පැය ගණන මේ ආකාරයට ඉහළ යන්නේ ජීවත් වීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොමැති අවස්ථාවේදී බවයි මහාචාර්යවරයා පැවැසුවේ.
පසුගිය කාලය තුළ ලාංකිකයන්ගේ ජීවන වියදම විශාල වශයෙන් ඉහළ යෑම සහ ආදායම් තත්ත්වය කඩාවැටීම මෙවැනි තත්ත්වයකට හේතු විය හැකි බවද මහාචාර්යවරයා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න