• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුරුහරි එන්නකෝ… කවුරුහරි එන්නකෝ… අනේ මගේ අම්මාව මරනවා… බේරගන්නකෝ… මුළු ඕස්ට්‍රේලියාවම භීතියට පත්කළ ලංකික පවුලේ මිනීමැරුම…

December 13, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
කවුරුහරි එන්නකෝ… කවුරුහරි එන්නකෝ… අනේ මගේ අම්මාව මරනවා… බේරගන්නකෝ… මුළු ඕස්ට්‍රේලියාවම භීතියට පත්කළ ලංකික පවුලේ මිනීමැරුම…
Share on WhatsAppShare on Facebook

අද කාලේ බොහෝ දෙනෙකුගේ සිහිනයක් තමයි යුරෝපා රටකට ගිහින් හොඳ ආර්ථික තත්ත්වයක් ගොඩනගාගෙන සැපවත් ජීවිතයක් ගතකිරීම. මේ සිහිනය සැබෑවක් කරගන්න උත්සාහ කරන අය අතර වැඩිහිටි තරුණ කියලා භේදයක් නැහැ. ඒ විදියට විදෙස්ගත වෙන්න සිහින මවන අයගෙන් බොහෝ දෙනෙක් වඩාත්ම ඇලුම් කරන රටක් විදියට ඕස්ට්‍රේලියාව හඳුන්වන්නට පුළුවන්. බොහෝ උත්සාහ කරලා ඉලක්ක රාශියක් ජය අරගෙන ඕස්ට්‍රේලියාවට ගොඩබැහැලා ජීවිත සාර්ථක කරගත්තු ලාංකිකයොත් රාශියක් සිටිනවා. ඒ වගේම නීති විරෝධී ක්‍රම ඔස්සේ ඕස්ට්‍රේලියාවට යන්න ගිහින් ලක්ෂ ගණන් මුදල් නාස්ති කරගෙන අවසානයේ හිරේ විලංගුවේ වැටුණු බොහෝ දෙනකු ගැනත් විටින් විට වාර්තා වෙනවා.

මේ විදියට තම සිහින සැබෑ කරගන්නට යන ගමනේදී බුද්ධිමත්ව කටයුතු නොකිරීම නිසා ඇතැම් අයට විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමටද සිදුව තිබෙනවා. සමහරුන් තම සිහින සැබෑ කරගෙන සුඛෝපභෝගී ජීවිත ගතකළත්, ජීවිත හසුරුවාගන්නට බැරිව අත්තනෝමතික ලෙස ක්‍රියාකරන අයුරුත් දක්නට ලැබෙනවා. ඊට කදිම නිදසුනක් සපයන සිදුවීමක් පසුගියදා වාර්තා වුණේ ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා මගිනුයි. ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගොස් වික්ටෝරියා ප්‍රාන්තයේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ ශෝකජනක සිදුවීමක් පිළිබඳ පුවතකි ඒ. ඇයට පිහියෙන් ඇන ඝාතනය කර තිබුණේ ඇගේ ස්වාමිපුරුෂයා විසිනුයි.

පසුගිය 03 වැනි සෙනසුරාදා දින මෙලෙස ඝාතනයට ලක්වුණේ නෙලෝමි පෙරේරා නැමැති 43 හැවිරිදි කාන්තාවකි. පුතුන් දෙදෙනකු සහ දියණියකගේ මවක් වන ඇය, මෙල්බන් නුවර ගිනිකොන දිග ප්‍රදේශයේ සැන්ඩ්හර්ස්ට්හි පිහිටි Wodalla Circuit houseහි ලේ විලක් මැද සිටියදී එරට පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

නෙලෝමිගේ ස්වාමි පුරුෂයා වූයේ 45 හැවිරිදි දිනුෂ් කුරේරා වන අතර, එම යුවල කලක පටන් වෙන්ව දිවි ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණ වුණා. 03 වැනිදා රාත්‍රියේ නෙලෝමිගේ නිවෙසට පැමිණ ඇති ඇගේ සැමියා ඉතා සාහසික ලෙස පිහි පහර කිහිපයක් එල්ල කර ඇයව ඝාතනය කර ඇති බවයි විමර්ශන නිලධාරීන් හෙළිකරගෙන තිබුණේ. දෙදෙනාගේ ආරවුලට මැදිවූ ඔවුන්ගේ 14 හැවිරිදි පිරිමි දරුවාටද පිහි පහරක් එල්ල වී ඇති අතර, 16 හැවිරිදි දියණිය අසල්වැසි නිවෙස්වලට ගොස් තම මව ගැන කියමින් හඬා වැටී ඇති බවද වාර්තා වුණා. අපරාධය සිදුවන අවස්ථාවේ ඒ දුක දරාගන්න බැරිව දියණිය අසල්වැසි නිවාසවලට ගොස් උදව් ඉල්ලන දර්ශන සී.සී.ටී.වී. කැමරා දර්ශනවල සටහන්ව ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබුණා.

‘කවුරු හරි එන්නකෝ…. කවුරු හරි එන්නකෝ… මම දන්නේ නැහැ කොහෙද කියලා.. එයා මැරිලා…’ යනුවෙන් එම දැරිය අසල්වැසි නිවෙස්වලට ගොස් පවසන අයුරු දැක්වෙන දර්ශන එම මාධ්‍ය වාර්තා කර තිබුණේ බොහෝ දෙනකුගේ දෙනෙත්වලට කඳුළක් එක් කරමිනි.

දියණියගේ දැනුම්දීම මත අසල්වැසියන් එම නිවෙසට පැමිණ තිබූ අතර, ඒ වන විටත් ඝාතකයා සිය බිරිය ඝාතනය කර පලාගොස් තිබුණා. 14 හැවිරිදි පිරිමි දරුවාද බරපතළ තුවාල සහිතව ඒ ස්ථානයේ ඇද වැටී සිටි අයුරු ඔවුන්ට දැකගත හැකිව තිබුණා. ගෙල ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී සිටි එම දරුවා සැණෙකින් රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත් අතර, ඔහුට හදිසි ශල්‍යකර්මයක්ද සිදුකරන්නට වෛද්‍යවරුන් පියවර ගත්තා. ඝාතනය සිදුකළ දිනුෂ් කුරේරා මෙල්බර්න් නුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේ ඉන් අනතුරුවයි.

මොවුන් දෙදෙනා අවුරුදු 20ක් පමණ සතුටෙන් ජීවත් වුණත් විවිධ හැලහැප්පීම් මත වසරකට පමණ පෙර සිට නිවෙස් දෙකක ජීවත් වීමටයි කටයුතු කර තිබුණේ. නෙලෝමි දරුවන් සමග සැන්ඩ්හර්ස්ට නිවෙසේ ජීවත්ව තිබූ අතර, ඇගේ සැමියා ජීවත්ව සිට ඇත්තේ වෙනත් නිවෙසකයි. පසුගිය කාලය තුළ සැමියාගෙන් තමන්ට නිතර නිතර විවිධ කරදර පැමිණි බව ඇය වරක් මිතුරියන් හා පවසා තිබුණා. තම ස්වාමියා කිසියම් අවස්ථාවක පැමිණ කරදර කරයි යන සැකය නිසා ඇය තම නිවෙසේ දොරගුළු පවා වෙනස්කර තිබුණා. එහෙත් සූක්ෂ්ම වූ දිනුෂ් කුරේරාගේ ග්‍රහණයෙන් මිදීමට තරම් ශක්තියක් නෙලෝමිට තිබී නැහැ. ඇය ඔහු සමග පොරබැදුවත් ඇගේ සියලු බලාපොරොත්තු සිහින බොඳකරන්නට ඔහුට ගතව තිබුණේ සුළු වේලාවකි. ඝාතන චෝදනාවට ලක්වූ දිනුෂ් කුරේරා පසුගිය ඉරිදා පස්වරුවේ මෙල්බර්න් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු ලබන අප්‍රේල් මස දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කෙරුණා.

නෙලෝමි හා වසර ගණනාවක් ළඟින් සිටි මිතුරු මිතුරියන් ඇගේ හදිසි වියෝවෙන් කම්පාවට පත්ව තිබුණා. ඔවුන් සිය සමාජ මාධ්‍ය පිටුවල නෙලෝමි වෙනුවෙන් මෙවැනි සටහන් එක්කර තිබුණේ තම මිතුරියගේ සමුගැනීම ගැන කම්පාවට පත්වෙමිනුයි.

‘නෙල් මගේ හොඳම යෙහෙළියක්. ඇය මට මෙතෙක් හමුවූ පුදුමාකාර කරුණාවන්ත හා නිහතමානී තැනැත්තියක්…’ මේ මෝඩ ක්‍රියාව නිසා අපි හැමෝම කම්පනයට සහ ශෝකයට පත්ව සිටිනවා

‘මේ ප්‍රවෘත්තිය ඇත්තක් කියලා මට විශ්වාස කරන්නත් බැහැ. නෙලෝමි පෙරේරාට සාධාරණයක් අවශ්‍යයි… අපි ඔබට ආදරෙයි, ඔබ නැතුව පාළුයි. ඔබව කවදාවත් අමතක වෙන්නේ නැහැ…’ එවැනි සටහන් ගොන්නක් නෙලෝමි වෙනුවෙන් මේ වන විටත් ෆේස්බුක් පිටුවල දක්නට ලැබෙනවා.

මේ කනගාටුදායක සිදුවීම එසේ අවසන් වෙද්දී ඕස්ට්‍රේලියාවට ගිහින් තම සුන්දර සිහින මල්ඵල ගන්වාගත් තවත් කාන්තාවන් තිදෙනකු ගැනද අපට පසුගියදා අසන්නට ලැබුණා. ඔවුන් අපේ රටට කීර්තියක් ගෙන දුන්නේ 2023/2024 වසර සඳහා ඉංජිනේරු විද්‍යා සහ ගණිත හැදෑරීමේ ක්ෂේත්‍රයෙන් දැක්වූ දස්කම් හේතුවෙනුයි. මේ කීර්තිය අප රටට අත්කර දී තිබුණේ ආචාර්ය දෝන ජයකොඩි, නිලිමා කඩියාල සහ වෛද්‍ය අනුරිකා ද සිල්වා යන කාන්තාවන්. මේ නම්කිරීම සිදුකර තිබුණේ ඕස්ට්‍රේලියාවේ ඉහළම තාක්ෂණ ආයතනය වන විද්‍යා හා තාක්ෂණ ඇකඩමිය (Science and Technology Australia – STA) විසිනි. මෙම ආයතනය ලෝකයේ විද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් 10,5000කට වඩා නියෝජනය කරනු ලබන අතර, සෑම වසරකම STA ආයතනය විද්‍යා ඉංජිනේරු විද්‍යා තාක්ෂණ සහ ගණිත යන අංශවල ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් අතරින් කිහිප දෙනකු මෙලෙස සුපිරි තරු ලෙස නම්කරනු ලබනවා. මෙම STA ආයතනය පවසා ඇත්තේ මෙමගින් විද්‍යාඥයන් පිළිබඳ සමාජයේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ඇති උපකල්පනය බිඳදමා ඇති බවයි.

දෝන ජයකොඩි මහත්මිය ඕස්ට්‍රේලියාවේ ශ්‍රවණ විද්‍යා ආයතනයේ ඩිමෙන්ශියාව පිළිබඳ අංක එකේ අවදානම් ශ්‍රවණාබාධවලට ප්‍රතිකාර කරනු ලබන අතර, ජයකොඩි මහත්මිය ජාත්‍යන්තරව පිළිගත් වෛද්‍යවරියකි. විශාල සායනික අත්හදාබැලීම්වලට මුල්තැන දෙමින් විවිධ ශ්‍රවණ අංගෝපාංග නිෂ්පාදනය කරන ඇය, ශ්‍රවණාබාධවලට උපකාර කිරීමේ සමාජ සේවිකාවක් ලෙසද කටයුතු කරනු ලබයි.

ආචාර්ය අනුරිකා ද සිල්වා මහත්මිය මෙල්බන් විශ්වවිද්‍යාලයේ සායනික හා සෞඛ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය (MISCH) සඳහා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ ජෛව සංඛ්‍යාලේඛන පර්යේක්ෂණ සාමාජිකාවක ලෙස කටයුතු කරනු ලබයි. අනුරිකා මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ කාර්මික සංඛ්‍යාලේඛන පිළිබඳ ගෞරව උපාධියක් සම්පූර්ණ කර ඇති අතර, 2019 වසරේදී මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් ජෛව සංඛ්‍යාලේඛන පිළිබඳ ආචාර්ය උපාධියද ලබාගෙන ඇත.

නිලිමා කඩියාල මහත්මිය චැලෙන්ජර් ලිමිටඩ්හි තොරතුරු තාක්ෂණ වැඩසටහන් කළමනාකාරිනියක ලෙස කටයුතු කරන අතර, වසර 15කට වැඩි තාක්ෂණික පළපුරුද්දක් ඇය සතුව ඇත. ඇය 2003 වසරේදී ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහායි. ඇය GEEQ ආයතනයේ තානාපතිවරිය ලෙසද කටයුතු කරයි.

ජීවිතය සාර්ථක කරගැනීම හෝ ජීවිතය අගාධය කරා ගමන්කිරීම පවතින්නේ මේ විදෙස්ගත වන්නන් තුළමයි. ඒ සෑම කෙනකුම සිහි තබාගත යුතු කරුණක් වන්නේ තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීමේ අරමුණ ප්‍රමුඛස්ථානයේ තබාගැනීමයි. බොහෝ දෙනෙක් අසරණභාවයට පත්වන්නේ ආශාවන් පසුපස හඹායෑම නිසයි. ජීවිතය කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරවල යන්ත්‍ර සූත්‍රමෙන් ජීවත්වීම නොව, තමන්ගේ යුතුකම් වගකීම් මැනවින් තේරුම්ගෙන ඒ දේවල් ඉෂ්ටකරන ගමන් තමන්ගේ අරමුණ කරා අවබෝධයෙන් ගමන් කිරීමයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මිනිස්සුන්ට කෝටි ගණන් වංචා කළැයි කියපු… මහා දේශපාලඥයන් පිටිපස්සේ ඉන්නවා කියපු… ලොකුවට පරීක්ෂණ කරනවා කියපු… තිළිණියි ජානකියි ඔන්න දැන් එළියේ!

Next Post

එක යාළුවෙක් සිත නිවන මගට එක යාළුවෙක් රට නිවන මගට…

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.