• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අක්කර ගණන් කැලෑ කපන රටේ මහරැජින දුන් ඝන කැලෑවක් පණ වගේ ආරක්ෂා කරන මීරිගම වන රැජින! (VIDEO)

November 8, 2021
in Exclusive, News
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් මහත්තයා පහුගිය දොහක තමන්ගේ යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් හරි අපූරු ගමනක් ගිහිල්ලා තිබ්බා. හරිම අමුතු තැනක හරිම වෙනස් ජීවිතයක් ගතකරන හරිම ලස්සන කතාවක් නිසා අපි එතැන ටිකක් නතර වෙලා, හරීන්ද්‍රගෙ වචන මේ විදියට පාඨක ඔබට පේන්න අකුරුවලට හැරෙව්වා.

ඔබ ගැන බොහෝ දෙනෙක් දන්නවා මාධ්‍යවේදිනී කවින්ද්‍යා ජයසේකර කිව්වාම. ඔබෙන් අහන්න දේවල් ගොඩක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා වතු මැද්දෙ තියෙන ගෙවල්. සුන්දර උයන් මැද්දේ තියෙන ගෙවල්. මේක මහා ඝන කෑලෑවක් මැද්දේ තියෙන ගෙයක්. මේ ගේ කැලේටම උරුම වෙච්ච ගෙයක් වගේ තමයි පේන්නේ. මේ ගෙදර කොච්චර කල්ද?
අවුරුදු 150 විතර වයසයි. විවිධ අවස්ථාවල අලුත්වැඩියාවල් කරලා තියෙනවා. සමහර පැති තියෙනවා අලුත්වැඩියා නොකර, පැරැණි විදියටම තියෙන. මම හිතන්නේ කැලේට ගැළපෙන විදියට මේක පවත්වාගෙන යනවා ඇරෙන්න, ටයිල් කරලා, තීන්ත ආලේප කළොත් කැලේට හරියන්නේ නෑ. ඒක නිසා කැලේට රිදෙන්නෙ නැති විදියට ජීවත් වීමේ අවශ්‍යතාව හින්දා තමයි මේ ගේ මේ විදියට තියාගෙන ඉන්නේ.

පුරාවිද්‍යස්ථාන රකින්න ඕනෙ හින්දා ඒවා ප්‍රතිසංස්කරණය කරන්නේ හරි පරිස්සමෙන්නෙ. මේ ගෙදරත් ඒ වගේ, කැලේට කරදරයක් නොවෙන විදියටද මේ හැම දෙයක්ම කරන්නේ?
ඔව්. ඇත්තටම කැලේ රැකගන්න අවශ්‍යයි කියන එක තමයි මෙතැන තියෙන ලොකුම දේ. කැලේ ඇතුළේ අපි ජීවත් වෙනවා මිසක, අපි නිසා කැලෑව විනාශ කරනවා කියන එක, කැලේට රිද්දනවා කියන එක අදාළ කරගන්නෙ නැති කෙනෙක්. මම විතරක් නෙවෙයි, මගේ අම්මා තාත්තා, අච්චිලා සීයලා වුණත් එහෙමයි. ඒ අයගෙ අභාෂය තමයි ඇවිල්ලා තියෙන්නේ.

මේ නිවෙස අයිති ප්‍රදේශය මොකක්ද?
මීරිගම, කළුඅග්ගල ප්‍රදේශයට.

මේ හරියෙ තැන් තැන්වල කැලෑ තිබුණට තමන්ගෙ ගෙවත්ත විදියට මහ කැලෑවක් තියාගෙන ඉන්නෙ ඇයි ඔබ?
ඇත්තමට මේක කැලෑවක් හැටියට නඩත්තු කරනවා නෙවෙයි. මේ කැලෑව ඇතුළේ අපි ජීවත් වෙනවා.

මෙතැන වපසරිය කොයි තරම්ද?
අක්කර 10ක් 15ක් වගේ තියෙනවා.

ඔබ හිතන විදියට, ගණනය කරලා තියෙන විදියට මෙතැන කොයි තරම් ගස් තියෙනව ඇද්ද?
ගස් දෙතුන් දාහක් විතර ඇති.

ඒ කිසිම ගහකට ඔබ අත තියන්නෙ නැද්ද?
අත තියන්නෙ නැහැ විතරක් නෙවෙයි, කොයි තරම් ආර්ථික ප්‍රශ්න තිබුණත් හුළඟට කඩාගෙන වැටුණු ගහක්වත් මම විකුණන්නේ නෑ. ඒ ගහ පොළොවට පස් වෙන්න දෙනවා.

මේ ගෙදර ඉන්නේ කවුද?
මමයි මගේ දුවයි තමයි.

මේ ගේ ඔබට උරුම වුණේ කාගෙන්ද?
මගේ අම්මාගෙන් උරුම වුණේ.

ඔප්පුව එහෙම කොයි තරම් පරණද?
රැජිනගේ සීල් එක තියෙන. 1815 ඔප්පුවක්.

මේ ගෙදරට එන්න මහ පාරෙන් පටන් ගන්න තැන ඉඳන් නේ මේ කැලෑව පටන් ගන්නේ. එතැන ඉඳලා මිදුලට එන්න එන්න පාර ටික ටික පොඩි වෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ වාහනයකට නිදහසේ යන්න එන්න පාර ලොකු කරගන්න උත්සාහ කරලා නැද්ද?
නෑ. පාරේ ගල් අල්ලන්න කීප දෙනෙක් කතා කරලා තියෙනවා. නමුත් මම කියන්නේ ඒක කරන්න දෙන්න බෑ කියලා.

මේ ගෙදර ඇතුළෙත් හරි අඳුරුයි. ඒ කියන්නේ ස්වාභාවික අඳුරක් තියෙන්නේ. කොහොමද එතකොට ගෙදර ඇඳුම් එහෙම වේළගන්නේ?
රෙදි වේළගන්න බෑ. වැහි කාලෙට රෙදි වේලගන්න අපි ගොඩක් මහන්සි වෙනවා. බොහෝ වෙලාවට ලොන්ඩි්‍රයට අරගෙන යන්නත් වෙනවා. ගේ ඇතුළේ තියෙන තෙතමනය හින්දා පොත් නාස්ති වෙනවා, රෙදි නාස්ති වෙනවා.

මම දැක්කා නානකාමරයට යන තැන ඉටිපන්දම් පත්තු කරලා තියෙනවා. ඒ කියන්නේ හැම කොරිඩෝ එකක්ම ඉක්මනට අඳුරු වෙනව නේද?
ඔව් අඳුරු වෙනවා. ඒ වගේම මම ආසත් නෑ විච්චූරණ විදුලි පහන්වලට. මම ආසා ඒ අඳුරට, ඒ තෙතමනයට. මේ ගස් අතර තියෙන හෙවණට මම හරි කැමැතියි.

දිය සීරාවක සද්දයක් ඇහෙනවා. ඒ දොළක්ද?
ඔව්, කැකුණ දොළ. මීටර් 100ක් විතර දුර තියෙන්නේ. අපි එතැනට යමු, මට පාර පෙන්නන්න.

මේ කැලෑවෙ විෂඝෝර සර්පයො ඉන්නවද?
ඉන්නවා. නයා, පොළඟා, ගැරඬියා, පිඹුරා මේ ඔක්කොම ඉන්නව මේකෙ.

කරදරයක් වෙලා නැද්ද ඒ සතුන්ගෙන්?
ඒක තමයි මිනිස්සුයි, සත්තුයි අතර තියෙන වෙනස. ඒගොල්ලන්ට කරදරයක් කරන්නෙ නැත්නම් ඒගොල්ලන්ගෙන් අපට කරදරයක් වෙන්නෙ නෑ කවදාවත්.

තව ඉන්න සත්තු වර්ග මොනවද?
ඉත්තෑවො, මීමින්නො, හාවො, රිලව් වගේ සත්තු ඉන්නවා. ඒ සත්තුන්ට මේක අභය භූමියක්.

මේ කැලෑවෙ තියෙන ගස් වර්ග මොනවද?
තේක්ක, නැදුන්, බුරුත, මී, නුග, කුඹුක්, ඇහැල, මඩිතියා, පුවක්, දෙල්, වල් දෙල්, කොස්.

මේ වහපු ළිඳ මොකක්ද?
මේකෙන් තමයි අපි වතුර බීමට ගන්නේ. බඹ තුනක්වත් ගැඹුර නෑ, කවදාවත් හිඳෙන්නෙත් නෑ. සීතල, ස්වාභාවික වතුර. මේ ඉඩමෙ වතුර හම්බවෙනවා බඹයක් යටට හාරද්දි.

මේක හරියට පුංචි සිංහරාජයක් වගේ නේද?
ඔව්. මම මේකට කියන්නේ මගේ සිංහරාජෙ කියලයි. තෙත් කලාපීය වැසි වාන්තරයක් හැටියට තමයි මේක ගනන් ගන්න පුළුවන්. මම ඇත්තටම ඉතා වුවමනාවෙන් මතක් කරනවා, ඉල්ලනවා මේ විදියෙ කිසියම් තැනක අඩුම තරමෙ පර්චස් 10ක් රකින කෙනෙක් ඉන්නවා නම් ඒ මනුස්සයව දිරිගැන්වීමක් මේ හරහා වෙනවා නම් ඒක සෑහෙන්න වටිනා දෙයක්. මම මේ ඉඩම මේ විදියට තියාගන්න විශාල වෙහෙසක් දරනවා. සමහර මාසවල මම පොලිසියට යනවා තුන් හතර පාරක්. මිනිස්සු ගස් කපනවා, මායිමේ තියෙන ගහක්වත් තියාගන්න බෑ. මගේ වත්තට ඇවිල්ලා ගස් කපනවා, ඉනි කපනවා, වැල් කපනවා. මේ ඉඩම අතහැරපු ඉඩමක් නෙවෙයි කියන එක ඒ අයට කොයි තරම් පැහැදිලි කරලා කිව්වත් තේරෙන්නේ නෑ.

මේ වගේ දේවල් ගොඩක් අය මනින්නේ සල්ලිවලින්. ගහක් කියන්නේ ඔබට සම්පතක්. ඔබ පරිසරයට ආදරය කරන නිසා ඔබ මේක දකින්නේ ජීවය විදියට. ඔබට මේ පහළ වෙලා තියෙන්නේ කප්රුකක්. හැබැයි කොයි වෙලාවකවත් ගෙයක් හදන්න, සැප සම්පත් ලබන්න කියලා ඔබ මේ ගහකින් සත පහක්වත් ලබන්නේ නෑ නේද?
නෑ. කිසිම දෙයක් නෑ. මේ වත්තෙ වැටෙන කිසිම ගහක් අඩුම තරමේ දරටවත් විකුණන්නේ නෑ. මේ ගහ තමයි ඒකට හොඳම උදාහරණය. මේ ඔක්කොම දිරාපත් වෙමින් තියෙන්නේ. මිනිසුන්ට මේවා පේන්නේ වට අඩි හැටියට. නමුත් මට මේවා පේන්නෙ‘පණ’ හැටියට.

පරිසරවේදීන් සහ පරිසරය ගැන කතා කරන අය අපට ඕනෙ තරම් හමුවෙනවා. ඒ අයගෙ අරමුණ ඉතා හොඳයි. ඒත් ආදර්ශයෙන් ඒක පෙන්වන්න ලැබෙන අවස්ථාව හැමෝටම අඩුයි. ඒත් ඔබේ හැම වචනෙකින්ම ඒකට ආදර්ශයක් සපයනවා?
ඔව්. මම වෘත්තීය පරිසරවේදියෙක් නෙවෙයි. වෘත්තීය පරිසරවේදීන් කියලා කොටසක් ඉන්න විදියක් නෑ. පරිසරය සමග ජීවත් වීම තමයි මිනිසුන්ගේ ජීවතය වෙන්න ඕනේ.

මේ වළවල් මොනවද?
මිනිරන් පතල්. මෙහෙ ඉස්සර මිනිරන් හාරලා තියෙනවා.

දැන් අපි ආවා කැකුණ දොළ ගාවට. නිල් කැටේට වතුර තියෙනවා.
ඔව්, ඉතාම පවිත්‍ර ස්වාභාවික වතුර. මේකට කියන්නේ ගල් ළිඳ කියලා. මෙතැන ළිඳක් වගේ හැදිලා තියෙනවා. මේක අපි නාන ළිඳ. ඉස්සර මෙතැන තිබිලා තියෙන්නේ කොස් කොටයක් වළලලා. ඒ කොස් කොටේට තමයි ළිඳෙන් වතුර ඇවිල්ලා තියෙන්නේ. පස්සේ කාලෙක කොටේ දිරලා ගියාට පස්සේ පොඩි ටැංකියක් බැඳලා තමයි, ඒකෙන් වතුර මේ පැත්තට එන්න හදලා තියෙන්නේ. දොළ පටන්ගන්නෙ මෙතැනින් නෙවෙයි. ස්වභාවික උල්පත් ටික පටන්ගන්නේ මෙතැනින්. මේ කැකුණ දොළ කළුඅග්ගල කන්දට සම්බන්ධයි.

මේ ගහට කොළට ආදරය කරන හැගීම ඔබේ හිතට ආවේ කොහොමද?
මම හිතන්නේ ඒක ජානගත හැඟීමක් කියලා. මගේ තාත්තා ගොවියෙක්. ඔහු කරුණාරත්න ජයසේකර. මට අම්මලම තුන්දෙනෙක් හිටියා. අම්මාගෙ අවිවාහක අක්කලා දෙන්නෙක් හිටියා අපිත් එක්ක අපේ මහ ගෙදර. පොඩි කාලෙ මම හැදුණේ අම්මලා තුන්දෙනෙකුගෙ හෙවණේ. මාව වඩාගෙන වෙල්වලට ගිහිල්ලා, ඇළේ දොළේ මාව තියාගෙන, කතන්දර කියලා, කවි කියලා, ගඩාගෙඩි කඩලා දීලා ඒ අයත් එක්ක තමයි මම හැදුණේ. මගේ ලොකු අම්මලා දෙන්න සහ අම්මා ඇරුණාම මට විශාල ආභාෂයක් ලැබුණු, මම ගරු කරන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය ඇතුළේ මගේ සරසවිය කියන්නේ මගේ තාත්තාට. ඒ ඇරුණාම ගහක් යට ඉපදිලා, ගහක් යට බුදුවෙලා, ගහක් යට පිරිනිවන් පාපු බුදුරජාණන්වහන්සේගේ දර්ශනය පිළිබඳ මට විශාල ගෞරවයක් තියෙනවා. මම සිංහලයෙක් වුණාට වඩා බෞද්ධයෙක් වීම ගැන ඉතා ආඩම්බරයට පත්වන කෙනෙක්. ඒ වගේම මම තවත් දැඩිව ගරු කරන කිහිප දෙනෙකු ඉන්නවා. මට මහා ප්‍රාඥයෙක් වගේ දැනෙනවා තිලක් කන්දේගම මහත්මයා. දේශීය දැනුම, පාරම්පරික දැනුම කියන එක පිළිබඳ විශ්වකෝෂයක් ඔහු. ඒ වගේම, ‘වැහි බින්දු වැටී දැවටී දෙන ආලවන්තකම්’ කියලා සුවිශේෂ සින්දුව ලියපු නාරද විජේසූරිය මහත්මයා. නාරද අයියා ගැනත් මට ලොකු ගෞරවයක් තියෙනවා. ‘අහසයි පොළොවයි යාකරන වැහි බින්දුවක් තමයි මේ විශ්වයේ සම්භෝගය’ කියලා කියන එක. ඒක පුදුම කතාවක්.

කවින්ද්‍යා ජයසේකර සහ දුව දේවින්ද්‍යා ජයසේකර. මේ ගැහැනු චරිත දෙක මහා කැලෑව මැද ඉන්න එක ගැන කොතැනකදිවත් බයක් ඇතිවෙන්නෙ නැද්ද?
නෑ. ඇත්තටම මම හිතන්නේ මේ මහා කැලෑව ඇතුළේ අපි පස්දෙනෙක් ඉන්නවා. ඒ පස්දෙනා තමයි මගේ ගෙදර මේ වෙලාවෙ ඉන්න බෲනා, ටි්‍රක්සි, බ්‍රේව් කියන බල්ලො තුන්දෙනා ඇරුණාම අපට ඉන්නවා පූසො දෙන්නෙක්. ඥානි සහ චූටි කියලා. අපි හත්දෙනාම තමයි අපේ ගෙදර සාමාජිකයො. ඊට අමතරව දුවගෙ තාත්තා නිතර ආවෙ ගියෙ නැතත් අපිත් එක්ක ඉන්නවා. දුවගෙ තාත්තා ගැන මට කියන්න තියෙන්නෙ අපි අතර කොයි තරම් නොගැළපීම් තිබුණත් ගැළපෙන එකම තැන අපි දෙන්නම මේ පරිසරයට ආදරෙයි. එයා පොල්ගහවෙල ඉඳලා අලව්වට එනකම් මාඔය දෙපැත්තේ කුඹුක් පැළ 500ක් එයා තනියම හිටෙව්වා. එයාගෙ අරමුණ වුණේ අඩුම තරමේ කුඹුක් පැළ 50ක් වත් හැදුණොත් මගේ ජීවිත කාලෙට මට ඒ ඇති කියලා.

ඒ කුඹුක් පැළ මේ වෙද්දි ගස් බවට පත්වෙමින් තියෙනවද?
ඔව්. යනකොට එනකොට දකිනවා ඒවා.

ඔබේ සැමියාගේ නම මොකක්ද?
මොහොමඩ් අනස්.

ආදරය අස්සෙත් මනුස්සකම පේනවා මට.
සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියන එක අදාළ නෑ. ඒ පිළිබඳ මම අදටත් හිතන්නෙ නෑ. මම අහන දේ තමයි බඩගින්න සිංහලද, දෙමළද, මුස්ලිම්ද? දුක සිංහලද, දෙමළද, මුස්ලිම්ද? සතුට සිංහලද, දෙමළද, මුස්ලිම්ද? ඉතින් ආදරයත් සිංහලද, දෙමළද, මුස්ලිම්ද?

හැඟීමට ජාති භේද නෑ. බෙදීමක් හෝ බිඳීමක් උදෙසා නෙවෙයි මේ ප්‍රශ්නෙ අහන්නෙ. ඔබේ හැඟීම්වල තියෙන නිදහස් බව හඳුනාගන්න. මොහොමඩ් අනස්ගෙ දුව දේවින්ද්‍යා ජයසේකර වුණේ කොහොමද?
දේවින්ද්‍යා ජයසේකර වෙන එක සම්බන්ධ අතීත කතාව බරපතළ එකක්. මගේ හස්බන්ඩ්ට මම කිව්වා එයාව දේවින්ද්‍යා ජයසේකර බවට පත්කරනවා කියලා. ඇත්තටම ඒ වෙලාවෙ එයා විරුද්ධ වුණේ නෑ. මම ඒ වෙනුවෙන් මගේ හිස නමලා එයාට ආචාර කරනවා. ඒ නිදහස අවබෝධය එයාට තිබුණට.

මේ ගෙදර ඉන්නේ යාළු දෙන්නා වගේ අම්මයි දුවයි. මම දැක්කා අම්මට වඩා වැඩ කරන්නේ දුව?
එයා රහට උයනවා. ඒකට හේතුවක් තියෙනවා. මම අවුරුදු 27 දි තමයි මුලින්ම තේකක් හදන්නේ. මම කුස්සිය දැකලාවත් තිබුණෙ නෑ. මොකද මම අම්මලා තුන්දෙනකුගෙ සෙවණෙ හැදුණු නිසා. ඉතින් මට කිසිම අවස්ථාවක් ලැබිලා නෑ උයන්න, පොල් ගාන්න, ලූනු කපන්න, හෝදන්න කිසිම වෙලාවක. ඒ වුණාට මගේ දුවට දැන් රසට උයන්න පුළුවන්.

වත්තක් මැද්දෙන් ගෙදරක මිදුලට එනවා කියන එක සාමාන්‍ය දෙයක්. උද්‍යානයක් මැද්දෙන් මිදුලකට එන්නවා කියන එකත් සාමාන්‍ය දෙයක්. හැබැයි කැලෑවක් මැදින් ඒ කැලෑව මැද තියෙන ගෙදරක මිදුලට එනවා කියන එක වෙනමම දෙයක්. ඉතින් ඒ අත්දැකීම ලැබුණේ ඔබ නිසා. පටන්ගනිද්දි මම කිව්වනේ කවින්ද්‍යා ජයසේකර කියන්නේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක්. අවුරුදු 30කට ආසන්න අත්දැකීම් ඇය සතුයි. දැනට මොනවද ඔබ මාධ්‍ය පැත්තෙන් සිදුකරන දේවල්?
මාධ්‍ය පැත්තෙන් ඇත්තටම විශේෂ දෙයක් නැහැ. මම මේ දවස්වල මගේ තුන්වැනි නවකතාව ලියමින් ඉන්නවා.

ඔබ සේවය කළ පුවත්පත් මොනවද?
‘කුමරි’ සහ ‘අරලිය’ පත්තරවලට තමයි මුලින්ම ලිව්වේ. ඊට පස්සේ මම ‘දිවයින’ පත්තරේට සම්බන්ධ වුණා 1990 උසස් පෙළ කරපු ගමන්. ඉන් පසුව ‘ලක්බිම’ පත්තරේට සම්බන්ධ වුණා. ‘මව්බිම’ පත්තරෙත් කෙටි කාලයක් නිදහස් මාධ්‍යවේදිනියක් විදියට වැඩ කළා.

ඔබේ නිර්මාණශීලී බව මේ ගෙදරට ආවම පේන්න තියෙනවා. මේ ගෙදර එක තැනකින් ඇතුළු වෙන්න තියෙන තැන ඉස්සරහා තියෙන්නේ ඉවතලන දේවලින් හදපු නිර්මාණයක්?
ඔව්. මගෙ මුළු ජීවිතේම තේමාව වෙන්නේ ප්‍රතිචක්‍රීකරණය කියන එක. මං හිතන්නේ අපි මේ පොළොවට බරක් නොවී ජීවත් වෙන්න නම් අපි භාවිත කරපු දේවල් මේ පොළොවෙ කොහේ හරි කසළ ගොඩක් වෙන්නේ නැතුව ඉතිරි කරන්න ඕනේ. මේක මගේ ඉතා හිතවත් ප්‍රගීත් මනෝහංස මට තෑගි කරපු එකක්. බැරල්වලින් හදපු, කොටපු හදපු ලස්සන නිර්මාණ තියෙනවා.

මාධ්‍යවේදිනියක් සහ ලේඛිකාවක් පමණක් නෙවෙයි ඔබ ඡායාරූප ශිල්පිනියක් ලෙසත් ඔබ කටයුතු කරනවා?
ඔව්. මම හිතන්නේ මම පෑනෙන් ලියනවට වඩා ආලෝකයෙන් ලියන එකට වඩාත් කැමැතියි.

සමාජයට පරිසරය ගැන කතා කරන හැම කෙනකුටම ඔබ ආදර්ශයක්. ඒක ඔබ පෙන්නලා අවසන්. අපි හැමෝගේම ගෞරවය අපි පුද කරනවා අදරණීය කවින්ද්‍යා ජයසේකර මහත්මියට.

පුවත්පතට සකස් කළේ චානක ලියනගේ

SendShareShare
Previous Post

නැති ප්‍රශ්න දාගන්න එපා! වහාම ගැසට් එක රිවස් කරගන්න! අවුල් වෙච්ච ලන්සාගෙන් ගොඩහේවාගේ මුහුණටම ප්‍රහාරයක්! (VIDEO)

Next Post

බැසිල් මුට්ටිය බිඳීද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.