ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ කොවිඩ් පුනරුත්ථාපන අමාත්‍ය ධුරයක්ද දරමින් සිට 2022 වසරේ රජයෙන් ඉවත්ව ස්වාධීනව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පසුගියදා සමගි ජන බලවේගයට සහාය පළකිරීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවට ආවේ එම පක්ෂය බුද්ධිමත් දැනුමක්, විනයක් හා ඉදිරි දැක්මක් ඇති පක්ෂයක් නිසා බව ඇය ‘මව්රට’ට පැවැසුවාය. (Sri Lanka Latest News)
තමා සමග සිටි දේශපාන බලවේගය කැඳවා සමගි ජන බලවේගයේ නිරවුල් දැක්ම පිළිබඳ ගම් මට්ටමින් සිය පැරැණි සාමාජිකයන් දැනුවත් කිරීම ආරම්භ කළ බවද සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය එම හමුවෙන් පසු සඳහන් කළාය.
ඉදිරියේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම සඳහා ගම් මට්ටමින් කුඩා ජනරැලි පැවැත්වීමටද කටයුතු කරගෙන යන බවයි ඇය සඳහන් කළේ.
තමන් ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආසන සංවිධායකවරුන් දැනුවත් කරන බවද ඇය පැවැසුවාය.
ප්‍රේමලාල් විජේරත්න