ලංකාවේ ගෘහස්ත විදුලි පාරිභෝගිකයන් 70,20,763ක් පමණ 2023 වනවිට සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්තා අනාවරණ කර ඇත. (Sri Lanka Latest News)
2023 වනවිට විදුලි ඒකකයක් :නඋය* නිෂ්පාදනය කිරීමට දරන ලද පිරිවැය රුපියල් 40.29 වන අතර, එය 2022ට සාපේක්ෂව සලකා බලනවිට 13%ක පමණ වැඩිවීමකි.
සාමාන්‍ය විදුලි ඒකකයක 2023දී විකුණුම් මිල වූයේ රුපියල් 42.86කි. එය 2022ට සාපේක්ෂව සලකා බලනවිට 102%ක පමණ වැඩිවීමකි.
දකුණු ආසියාවේ අනෙකුත් රටවල් සහ සසඳන විට ලංකාවේ විදුලි ඒකකයක :නඋය* මිල ඩොලර්වලින් සලකා බලනවිට භූතානයේ එය 0.15%ක්ද, නේපාලයේ 0.043%ක්ද, පාකිස්තානයේ 0.072%ක්ද, ඉන්දියාවේ 0.077%ක්ද, මාලදිවයිනේ 0.094%ක් ලෙසද වාර්තා වේ.
එහෙත් ලංකාවේ විදුලි ඒකකයක සාමාන්‍ය මිල ඩොලර් 0.153ක් ලෙස පැවැතිණි. එය භූතානයට වඩා 92%ක් ලෙස ඉහළ අගයක් වන අතර, ඉන්දියාවට වඩා ලංකාවේ විදුලි ඒකකයක වටිනාකම 98%කින් වැඩි අගයක් ගන්නා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය.
පාකිස්තානය සමග සසඳන විට ලංකාවේ විදුලි ඒකකයක මිල 11.2%කින් පමණ වැඩිවන අතර, නේපාලයට සාපේක්ෂව 255%කින් පමණ ඉහළ අගයක් ලංකාවෙන් වාර්තා වේ. මේ ආකාරයට දකුණු ආසියාතික රටවල් අතර ලංකාවේ විදුලි මිල ඉහළ අගයක් ගැනීම ව්‍යාපාරික ක්ෂේත්රය සඳහා අයහපත් ආකාරයෙන් බලපා ඇති බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
ප්‍රේමලාල් විජේරත්න