• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුරුල්ලා ඉතුරු කොට රූපවාහිනියේ ඉංග්‍රීසි දෙමළ පියාඹවන්න සැලැස්සුවේ කව්ද? කුරුල්ලා කාගේද?

March 7, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
රූපවාහිනිය අලුත් වෙයි! කුරුල්ලා එහෙමමයි! දෙමළ ඉංග්‍රීසි පියාඹයි!
Share on WhatsAppShare on Facebook

බොහෝ දේ වෙනස් කළ යුතුය. බොහෝ දේ වෙනස් විය යුතුය. වෙනස් නොවෙනා විට ලෝකයක් සාරවී වැඩෙන්නේ නැත. ලෝකයට අවශ්‍යව ඇත්තේ වෙනස්ව හිතනා මිනිසුන්ය. වෙනස් වෙන දේ අත්හදා බලනා මිනිසුන්ය. වෙනස් වීමට අකැමැති මිනිසුන්, කෙළින් මිනිසුන් කියනවාට වඩා අප පුරුදුවී සිටින්නේ ඔවුන්ට දරදඬු මිනිසුන් යැයි කියන්නටය. දරදඬු වූ විට බොහෝ දේ කළ නොහැකිය. දර කෝටුවකින් කළ හැක්කක් නැත. දර කෝටුවක් යන්තම් එහෙන් මෙහෙන් නැමුවද එය දෙකට කැඩී යයි. නමුත් නම්‍යාශීලී බොහෝ දේ සමග අපි විසිතුරු බව මවමු. ලෝකය තැනී ඇත්තේ ඒ විසිතුරු බව මතය. නමුත් සමහර විට සමහර දෑ වෙනස් නොකළ යුතුය. වෙනස් කළ යුතු දෑ සිය දහස් ගණනක් තිබියදී සමහරු සමහර වෙලාවට ඉතා පුංචි දේවල් වෙනස් කොට ලොකු බලාපොරොත්තු සහිතව බලාසිටිනා විට අපට හිතෙන්නේ ඒවාට කන්දක් විළිලා මී පැට්ටෙක් වැදුවාක් වැනි යැයි කියන්නටය.

සමහර විට සමහර දේ වෙනස් නොකළ යුතුය. ඒවා සාම්ප්‍රදායික නම්, ඒවා සෙනෙහසින් වැලඳගත් ඒවා නම්, ඒවා ඉතිහාසයක් තිබේ නම්, වර්තමානයට වඩා ඒ ඉතිහාසය සාරගර්භ නම්, වෙනස් කිරීමම සමහර විට බොහෝ ගැටලුවලට මුල්විය හැකියි. නමුත් මේ කියන්නට යන්නේ රූපවාහිනී සංස්ථාව ගැනය. රූපවාහිනී සංස්ථාව ගැන කියනවා නම් හෝ ලියනවා නම් ඕනෑ තරම් කතන්දර තිබේ. ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය තරම් වටිනා සන්නිවේදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ තවත් නැතැයි ලියුම්කරු කියන්නේ වගකීමෙනි. ඒ, කලක් එහි ඇසුරේ ආගිය අයකු නිසාවෙනි. සමහර පහසුකම්, සමහර උපාංග ලංකාවේ වෙනත් කිසිදු නාලිකාවක ඇතැයි විශ්වාස කළ නොහැකිය. එදා ජපනා අපට තෑගි දුන්නේ වටිනාකමෙන් ඉහළ, අතිශය ශක්තිමත් ප්‍රබල රූපවාහිනී මාධ්‍යයකි. නමුත් දැන් ඒ රූපවාහිනිය නැත. කනගාටුවෙන් සංවේගයෙන් එය දැනුම්දිය යුතුය. හෙට එය තිබිය හැකිය. නමුත් මේ මොහොතේ ජාතික රූපවාහිනිය ඉන්නේ බරපතළ අර්බුදයකය. එය කියන්නට හෝ ලියන්නට පසුබට නොවන්නේ මේ තත්ත්වයෙන් ජාතික රූපවාහිනිය මුදාගන්නට කොහෙන් හෝ දෙවියෙක් පහළ වේවායි අප බලා සිටිනා නිසාය. වර්තමාන සභාපතිතුමාටද එය කළ හැකි නම්, ඔහු ජාතික රූපවාහිනියේ දේවතාවය. නමුත් මේ වෙලාවේ රූපවාහිනියේත් වෙන්නේ කරන්න දාහක් තියෙද්දී අමුතු වැඩක් කරන්නට යෑමය. ඒ, රූපවාහිනියේ ලාංඡනය වෙනස් කොට තිබේ.
රූපවාහිනියේ ලාංඡනය වෙනස් කිරීමෙන් පසු එහි ඇති වස්දොස් ඉවත්ව ගොස් රේටින්ගස්වල, රෑන්කින්වල ඉහළට විත් ජාතික රූපවාහිනියට වෙළෙඳ දැන්වීම් වැහි වැස එය ලංකාවේ රේටින්ග්ස්වල එක, දෙක, තුන, හතර මට්ටමටවත් එන නාලිකාවක් වේ නම්, සැළලිහිණියා ඉවත් කොට ඔය ලාංඡනයට ඇතුළට කවුඩෙක්, නැත්නම් කපුටෙක් දාගත්තත් ප්‍රශ්නක් නැත. නමුත් එය එසේ වෙනවාද කියන එක ප්‍රශ්නයකි.

මේ රූපවාහිනී ලාංඡනය ගැන අපි ටිකක් හොයා බැලුවෙමු. මෙහි නිර්මාපකයා ලෙස හඳුනාගන්නට ලැබෙන්නේ ප්‍රවීණ මූර්ති සහ කැටයම් ශිල්පී, චිත්‍ර ශිල්පී බන්දුල පීරිස් මහත්මයාය. බන්දුල පීරිස් මහත්මයා වරක් මේ පිළිබඳ පුවත්පතකට පවසා තිබුණේ ජාතික රූපවාහිනියේ ලාංඡනයේ ඉන්නේ මගේ සැළලිහිණියා යනුවෙනි. ඔහුගේ සැළලිහිණියා තවමත් ලාංඡනයේ සිටියි. නමුත් සැළලිහිණියා වටකොට සිටි ජාතිකත්වය, කුල භේද නැති අකුරු වෙනුවට දැන් ජාතිකත්වය හෝ මොකක් හෝ නමක් දාගත් සිංහල අකුරු පේළියක් පමණක් ඉතිරිව තිබේ. දෙමළ අකුරුත්, ඉංග්‍රීසි අකුරුත් කවුරු හෝ කෙනෙක් ඉවත් කොට තිබේ. මේවා හිතුමතේට කළ හැකිදැයි අපට ප්‍රශ්නයකි.
මේ සැළලිහිණියා රූපවාහිනී ලාංඡනයට එන්නේ දිගු ගමනකින් පසුවය. දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වර්තමාන ගොඩනැගිල්ල විවෘත කරන්නට පෙර එම ස්ථානයේ එක්තරා උත්සවයක් පවත්වා තිබේ. ඒ පිළිබඳ තතු දත් මහත්මයෙක් කීවේ එය මුද්‍රා නාටකයක් නැත්නම් බැලේ එකක් බවය. මේ දියවන්නා මුද්‍රා නාටකයේදී එහි අවශ්‍යතාවක් සඳහා සැළලිහිණි රුවක් නිර්මාණය කර තිබේ. ඒ සැළලිහිණි රුව මඳක් වෙනස් කොට අලුත් කොට ජාතික රූපවාහිනියට ගැළපෙන සේ සකසා ගත්තේය. දියවන්නාවේ සැළලිහිණියා ජාතික රූපවාහිනියේ ලාංඡනය බවට පත්වුණේ එහෙමය.

මේ ලාංඡනයට දුර ඉතිහාසයක් තිබේ. 1980දී පමණ මෙම ලාංඡනය සම්බන්ධව නඩුවක්ද ආරම්භ විය. ඒ, මේ නිර්මාණයේ හිමිකරුවා තමන් බව කී තවත් අයකු නිසාය. කෙසේ නමුත් මේ සංදේශයක් රැගෙන යන සැළලිහිණියා ජාතික රූපවාහිනී ලාංඡනය බවට ස්ථිර වෙන්නේ රූපවාහිනිය පටන්ගන්නටත් පෙර සිටය.

1953දී එම්.ජී. පෙරේරා මහත්මයා බී.බී.සී. සාකච්ඡාවකට සහභාගි වෙද්දී රූපවාහිනිය යන වචනයවත් අපට තිබුණේ නැත. එහිදී නිවේදකයා ඔහුගෙන් අහන්නේ ටෙලිවිෂන් යන්නට සිංහල වචනය කුමක්ද කියාය. ඔහු ඊට අපූරු පිළිතුරක් දෙන්නට සමත් වෙයි. ඔහු කියන්නේ ශබ්දවාහිනිය ශබ්ද ගෙන යන්නේ නම්, රූපවාහිනිය රූප ගෙන යන්නේය. ශබ්ද ගෙනයෑමට ශබ්ද වාහිනිය කියන්නේ නම්, රූප ගෙනයන එකට කිව යුත්තේ ‘රූපවාහිනිය’ කියාය. මේ නමත් සමග ජාතික රූපවාහිනිය ස්ථිර විය. සැළලිහිණියා එහි ස්ථිර පදිංචියට පැමිණියේය.

නමුත් මේ වන විට ජාතික රූපවාහිනියේ ලාංඡනය වෙනස් කරන්නට පියවර ගෙන තිබේ. පැරැණි ලාංඡනයට අයිතිවාසිකම් කී අනෙක් පාර්ශ්වයට අධිකරණයේදී කිසිවක් ඔප්පු කරගත නොහැකි විය. ඒ අනුව ජාතික රූපවාහිනියේ ලාංඡනයේ සැබෑ හිමිකරුවා ලෙස අප අදටත් බන්දුල පීරිස් මහත්මයාගේ නම සඳහන් කරමු. කෙසේ නමුත් මේ මොහොතේ රූපවාහිනියේ ලාංඡනය වෙනස් කරනවාට වඩා රූපවාහිනියට කරන්න තවත් ඕනෑ තරම් වැඩ තිබේ. රූපවාහිනිය යනු ලංකාවේ දක්ෂයන් වැඩිම පිරිසක් සඟවා තබා ඇති ස්ථානයය. වැඩිම වටිනාකමක් සහිත උපකරණ සංඛ්‍යාවක් භාවිතයට නොගෙන තබා ඇති ස්ථානයය. රූපවාහිනිය යනු ලංකාවේ හරියට ගේමක් ගහනවා නම් සියලු ටෙලිවිෂන් උඩුයටිකරු කළ හැකි නාලිකාවය. ඒ සඳහා නිවැරැදි නායකත්වයක්, නිවැරැදි මඟපෙන්වීමක් සහ නිවැරැදි ක්‍රමවේදයක් ඇත්නම් සැළලිහිණියා මාරුකරනවාට වඩා කරන්නට වැඩ ඕනෑ තරම් ඇති බව ඔබටද අපටද පසක් වනු ඇත. සැළලිහිණියාගේ ඉංග්‍රීසි අකුරු, දෙමළ අකුරු ඉවත් කරනවාට වඩා කරන්නට වැඩ ඕනෑ තරම් ඇති බව ඔබට පසක් වනු ඇත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පාස්කු සමූලඝාතනය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක්! කාදිනල් හිමියෝ ජිනීවා ගිහින් ලෝකයටම ඇහෙන්න කියයි! (VIDEO)

Next Post

ධර්මසේනගේ වල්ලපට්ට!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.