• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා ආයුබෝවේවා මහරජාණෙනි අද නිවන් සුව ලැබේවා, රාජපක්ෂ නමට වෙච්ච දෙයක්…

January 23, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
එදා ආයුබෝවේවා මහරජාණෙනි අද නිවන් සුව ලැබේවා, රාජපක්ෂ නමට වෙච්ච දෙයක්…
Share on WhatsAppShare on Facebook

කිසි විටෙක හෝ කිසිම දවසක සිදුවෙතැයි අදහන්නට බැරි යම් සිදුවීමක් ගැන කතාබහ කරන විට ‘සක්කරයගෙ පුතා වයිමා ආවත් ඒක සිද්ධ වෙන්නේ නෑ’ යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් සිංහල මිනිසුන් අතර වේ.

ප්‍රවීණ මාධ්‍යවේදීන් ලියන දේශපාලන ලිපි අතරද ඔය කියමන හරි ප්‍රසිද්ධය. සුවිශේෂව ගත් කල දේශපාලකයන් අතරද දේශපාලන වේදිකා මත පවත්වන කතාවලදීද සක්කරයගෙ පුතා වයිමගේ කතාව ප්‍රසිද්ධය.

බොහෝ විට සක්කරයගෙ පුතා වයිමා ගැන කියැවෙන ඒ කියමන රාජපක්ෂ පවුල කේන්ද්‍ර කොට ඈඳුණු අවස්ථාද පසුගිය අවධියේ දකින්නට අසන්නට තිබිණි. නිදසුන් විදියට පෙන්වනවා නම් ‘සක්කරයගේ පුතා වයිමා ආවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තව අවුරුදු 25කටවත් පෙරළන්න මොන ජගතෙකුටවත් බැරිවෙයි’ යනුවෙන් මහින්දවාදීන් ලෙස සිය බඩගෝස්තරය රැකගත් දේශපාලකයෝ නිතර ප්‍රසිද්ධියේ කීහ.

‘සක්කරයගේ පුතා වයිමටවත් බැරිවෙයි. රාජපක්ෂ පවුලට මේ රටේ හැම මිහියෙක්ම වාගේ දක්වන ගෞරවය නැති කරන්න…’ ඒ තවත් පුරාජේරුවක මොරගැසීමකි.

‘මහින්ද මහත්තයා මොන විදියට රට පාලනය කළාය කිව්වත් යුද ජයග්‍රහණය මතක තියෙන නිසා සක්කරයගේ පුතා වයිමා ආවත් බැහැ ඒ උත්තමයට විරුද්ධව මිනිසුන්ව පාරට බස්සන්න…’
‘මේ රටේ අනාගත දේශපාලනය තව දශක ගණනාවකට උරුම වෙන්නෙ රාජපක්ෂලාටයි. ඒක වෙනස් කරන්න සක්කරයගෙ පුතා වයිමා ආවත් බැරිවෙයි…’

දක්වන්නට නිදසුන් තව ඕනෑ තරම් තිබුණත් අදට නම් ඇතිය. දැන් අපි හැරෙමු අර කී පම්පෝරි කතා සමග රාජපක්ෂලාගේ පාරට්ටුව කොහොමදැයි කියා විමසා බලන්න.

පැහැදිලිවම කියනවා නම් සක්කරයගේ පුතා වයිමා පේනතෙක් මානයකටවත් තව ආවේ නැත. උන්දෑ කළුද සුදුද කියලාවත් කවුරුවත්ම දන්නේ නැත. හැබැයි වයිමාගේ හෙවණැල්ලවත් දකින්නේ නැතිව රාජපක්ෂලාගේ පුරාජේරුව පුපුරා කෑලි කෑලි හැලී යෑම ආරම්භ වී ඇත.

රටේ අස්සක් මුල්ලක් නෑරම වයස් භේදයක් සහ තරාතිරමක් නැතිවට රාජපක්ෂලාට ගරහන්නට සාප කරන්නට ඇඩ්‍රස් අතැතිවම මිනිසුන් පෙළගැසී ඇත. කිසිම බයක් හෝ සැකයක් නැතුවම තම තමන්ගේ මුහුණු පොත හරහාම ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂලාට අපහාස සහ උපහාස කිරීමේ මෙහෙවර ආරම්භ කොට ඇත. හරියටම කියනවා නම් පසුගිය අවුරුද්දේ පැවැති ගෝල්ෆේස් අරගලයේදී තමයි ප්‍රසිද්ධියේම රාජපක්ෂලාට විරුද්ධව පළමු වෙඩිමුරය පත්තු වුණේ. එයට පසු කෙමෙන් කෙමෙන් හෙමින් හෙමින් මහින්ද රාජපක්ෂ සමග 69 ලක්ෂයක ඡන්ද අරගෙන ආව ගෝඨාභය රාජපක්ෂටද ඇඳිවත පිටින් පැදුරටත් නොකියාම රට හැර යන්නට තරම් සිරිලකවාසීන්ට රාජපක්ෂලාව එපාවිය.

‘ගෝඨා ගෝ හෝම්’ ‘මයිනා ගෝ හෝම්’ කියන ස්ලෝගන් බැනර්වල ගහගෙන කුසගින්නේ පෙළපාළි යන්න හිතේ ආවේගයක් එන පමණටම රාජපක්ෂ පුරාජේරුව ඔවුනට රතු පාවඩ එලූ ජනතාවටම කල් කදුරු තිත්ත විය.

‘ඔය කිව්වට ඕං බලාපල්ලා මහින්දටයි නාමල්ටයි මිනිස්සු රෙදි නැතුව කඩේ යන්න ගන්නවා…’
ගෝල්ෆේස් අරගලයේ වියරුව වියැකී යන්නට ගත්ත සමයේ සමහරුන් එහෙම කතාද කියන්නට ගත්තේය.

‘ඔව්… සමහර වෙලාවට කියන්න බැහැ තමයි…’ ඇතැමුන් දෙගිඩියාවෙන් එහෙමද හිතන්නට විය.
අනේ අපොයි මෙන්න වදේ… ඒ විචිකිච්චාවටද නාමල් බේබි එපා නොකියන්න හොඳවායින් පාරක් දුන්නේය.

ඒක නිකන්ම නිකන් පයින් පාරක් නොව නාමල් බේබිගේ සායම සේදී යන තරමට ඇඳිවත නිරුවත්ව යන තරමටම ශ්‍රී ලාංකිකයන් එක්කාසු වී දුන්න ෆේස්බුක් පයින් පාරක් විය.

‘මට ඔබතුමන්ලා සමග කතාබහ කරන්න ඕනෑ. ඔබේ ප්‍රශ්න දුක් ගැනවිලි මට ප්‍රසිද්ධියේම කියන්න. ඕනෑම ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙනවා…’

නාමල් රාජපක්ෂ පසුගිය දවසක තම පුද්ගලික ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය ආදරණීය ජනතාවට එවැනි පණිවුඩයක් මුදාහැර තිබුණේ වීඩියෝ පටයක්ද සමගය. නාමල් රාජපක්ෂට එහෙම හිතුණේ ඇයි කියන්න දන්නේ නැත.

‘බටර් චුට්ටක් ගාලා කතා කළාම උන් රැවැටෙනවා. බත් කන ගොන්නුනේ…’

ඉන්තේරුවෙන්ම නාමල් බේබි එහෙම හිතුවා වන්නට පුළුවන. හැබැයි බේබි හිතුවා වැරැදිය. මේ පාර හිතූ විදිය වැරැදිය.

‘නිවන් සුව පතමි…’ යනුවෙන් බොහෝ දෙනකු ඔහුට සෙත්පතා තිබුණේ ඒ නිසාය. ඇත්තටම මොහොතකට ටිකක් දුරට හිතලා බලනකොට මේ සියල්ල පුදුමාකාරය. එහෙම කියන්නේ මීට ටික කලකට උඩදී වයස 80-85 ආච්චිලා සීයලාත් නාමල් බේබිට දෝත නගා වැන්දාහ. නාමල් බේබිගේ වයසේම කොල්ලෝ නාමල් බේබිට කොන්ද දෙකට නවා පසඟ පිහිටුවා වැඳවැටුණෝය. එතෙකින් නතර නොවී ලිමිනිටද වැන්දාහ. මහින්දට අතට අත දෙන්නට ඔහුගේ සාටකය ස්පර්ශ කරන්නට බැරි බොහෝ වුන් හිත සනසා ගත්තේ ඔහුගේ පිටපත වූ නාමල් බේබිට වැඳලාය. එහෙම වැඳවැටී තම සිත සනසාගත් මිනිසුන්ම ‘නිවන් සුව පතමි’ කියා තවමත් ජීවත්ව සිටින මේ තරුණ බේබි මහත්තයාට කියන්නට තරම් මිනිස්සුන්ට ඔහුව අප්පිරියාවක් වී ඇති ආකාරය පුදුමසහගතය.

‘දෙවියන්ට බුදුන්ට ගෙදර දෙන තැන යුද්ධය දිනවපු මහින්ද මහත්තයට දීලා ඒ උත්තමයාගේ පින්තූරෙට පහනක් පත්තු කළත් මේ රටේ ජනතාවට සෑහීමකට පත්වෙන්න බැහැ…’

රාජපක්ෂ පවුලට නින්දිත ලෙස වන්දිභට්ටකම් කරන දේශපාලකයෙක් දවසක් එක ඡන්දයකදී පළාත දෙවනත් වන ආකාරයට එහෙම කියා කෑමොර දුන්නේය. අසා සිටි සැවොම සහේලි ගමගේ සින්දුවකින් තාලයට කී මහරජාණෙනි සින්දුව එදා ඒ මීටිමේදී තාලයක් නැතුව හෝ කිව්වේ හඬාවැටෙමිනි. මහින්දගේ දෙපා ස්පර්ශ කරන්නට බැරි බොහෝ දෙනා මහින්ද සිය සුඛෝපභෝගී රියට නැග ය න්නට ගිය පසුව ඔහුගේ දෙපා වැදුණු මහ පොළොව් වැලිවලට අතගසා ඒ දූවිලි පපුවේ හෝ හිස් මුදුනේ ගාගත්හ. දකින සමහර දෙනාට පිස්සු විකාරයක් වුණාට මහින්ද පෑගූ වැලි නළලේ ගාගන්න මිනිස් සමූහයට එය හිත කය පිනවන වහල් ආතල් එකක් විය.

‘අනේ අපේ රට බේරලා දෙන්න මහත්තයෝ… අපට ඉන්න එකම ගැලවුම්කාරයා ඔබතුමා විතරයි…’

2019 ජනාධිපතිවරණයට 69 ලක්ෂයේ ඡන්ද පවුර ගොඩනගන්නට එක්රොක් වූ මැදිවියේ ලස්සන බවලත්තු මීගමුවේදී කොළඹදී ගෝඨාභය රාජපක්ෂගේ දෑත තම දෝතට මැදිකොට එහෙම කීවේ නාසරතයේ ජේසුතුමා හමුවේ තම දුක් අඳෝනා කී ගලීලයේ කාන්තාවෝ වාගේය.

ඇත්තටම එය ඇතැම් අයට විකාරයක්ව පෙනෙන තරමේ අමුතු සිදුවීමක් විය. මුහුණු පොත මත ගෝඨාට ලැබුණු ඇදහීම සමහර උදවිය තමන් අදහන දෙවියන්ටවත් දුන්නාදැයි සැක හිතෙන තරම් එය මවිතය දනවන්නක් විය.

හිතුවාට වඩා ඉක්මනට සියල්ල කණපිට පෙරලුනේ එය මවිතයක් හෝ මායාවක් වූ නිසාම නොවේද?

‘අයුබෝවේවා මහරජාණෙනි…’ කියා මහින්දට දීර්ඝායුෂ පැතූ මිනිසුන්ම මහින්දගේ පුතා වූ නාමල් බේබිට ‘නිවන් සුව පතමි’ කියා මුහුණු පොතේ සටහන් කරන්නට තරමට රාජපක්ෂ පවුල ලද නම්බු නාමවලට හෙණගැහී ගියේය. රාජපක්ෂ උෂ්ණයට ගැතිව ටට්යානාලා ලිමිනිලාට පවා දණගසා වඳින්නට තරම් උමතුව සිටි වැඩිහිටි මිනිසුන් ගෝඨා ගෝ හෝම් මයිනා ගෝ හෝම් කියා අරගලයේදී මොර දුන්නේ, ‘රජකම් කළත් කළකම් පලදේ’ කියන කියමන ඉඳුරාම සත්‍යයක් නිසාද? එහෙමත් නැත්නම් ‘දෙවියන් බුදුන් තවමත් වැඩවසන නිසාද?’

කොහොම වුවද රාජපක්ෂලාට සිදුවූ මේ අලකලංචිය මේ රටේ මිනිසුන්ට බොහෝ දේ කියාදෙන කදිම පාඩමක් නොවේද?

‘ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත’ කියලාද කතාවක් ඇත. සත්තකින්ම රාජපක්ෂලා හැම දේම කළේ ඕනෑවට වඩා නෙවෙයිද? ඔවුන් කළ කී දෑ සියල්ලම පමණට වඩා ශෝභමාන වැඩි විය. 69 ලක්ෂයේ ජයග්‍රහණයෙන් පසු රිටර්න් එක හිතුවාට වඩා ඉක්මන් වූයේද හිතුවාට වඩා දරුණු වූයේද ඒ නිසාය. සක්කරයගේ පුතා වයිමා ආවත් වට්ටන්නට බැරිව තිබූ රාජපක්ෂලාගේ මහේෂාක්‍ය පාරට්ටුව රටේ පුංචි මිනිසුන් එක්වී උන්ගෙන්ම බැට කෑ පුංචි මිනිසුන් එක්වී සුනුවිසුනු කොට දැමුවේ නොසිතූ ලෙසය.

මීට නුදුරු කලකට පළමුව රාජපක්ෂ නාමය කොතැනක හෝ දුටුවත් අමුතු පහේ උමතුවක් ගැම්මක් ඇතිකරගත් සිරිලක මිනිස්සු අද ඔවුන්ගේ රුව මුහුණු පොතේ දුටු සැණින් ‘නිවන් සුව’ පතන්නට තරම් සැහැසි හැඟීමෙන් පෙළගැසී සිටිති.

සිදුවූයේ කුමක්දැයි රාජපක්ෂලාටද සිතාගන්නට බැරිව ඉන්නවා නොඅනුමානය. මහින්ද රාජපක්ෂ සහ සහෝදර සමාගමත් ඔහුගේ පුත්‍ර සමාගමත් එක්ව කළ කෙරුවාවන් ගත් කල එක අතකට මෙහි පුදුමයක් නැති වුවද මිනිසුන් ඔවුන්ට දැක්වූ ගරු බුහුමන් සහ වැඳුම් පිදුම් කරපු විදියට මෙවැනි නිවන් සුව පැතීම් සහ ගැරහුම් යම් විටෙක අදහන්නටත් බැරිය. හරියටම කියනවා නම් මේ විදියට අද මුහුණු පොතේ මියෙන්නටත් පළමුව නිවන් සුව ලබන්නේ මහින්ද සහ ශිරන්ති විසින් අනාගතයේ අගමැති අසුන දෙන්නට බලාපොරොත්තු පොදි බැඳ උන් රාජපක්ෂ පවුලේ ලොකු පුතාය.

මේ සංගදිය වෙනුවෙන් ලියන්නට ප්‍රස්ථාව පිරුළු ඕනෑ තරම් තිබුණද අපි හැමෝටම හරියන විදියට ලියනවා නම් සටහන් කළ යුත්තේ, ‘කාටත් මේවා යස පාඩම්’ කියාය. මොකදැයි කියනවා නම්, ‘සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුය..’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මේ විධායක ජනාධිපතිවරු දෙන්නෙක් බිහිකරපු හම්බන්තොට ගමක පවුලක කතාවක්! පියා අසනීපයි! දරුවො දෙන්නට අම්මා දවල්ට කන්න දෙන්නෙ තෙල් ටිකකට මිරිස් දාලා බැදලා! රෑට කහට උගුරක් විතරයි! VIDEO

Next Post

උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායකට කෑගහපු සිද්ධියට ආනන්ද පාලිතයි ධම්මිකයි පොලිසියෙන් අල්ලන් යයි! VIDEO

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.