• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මා අපිව එපා කිව්වා තාත්තා කිඹුලා අරන් ගියා දැන් අපිට කවුරුත් නෑ…

October 16, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
අම්මා අපිව එපා කිව්වා තාත්තා කිඹුලා අරන් ගියා දැන් අපිට කවුරුත් නෑ…
Share on WhatsAppShare on Facebook

දිනපතා අපට මාධ්‍ය හරහා අසන්න දකින්න ලැබෙන්නේ හදවත කම්පාකරවන සිදුවීම්. සමහර අම්මලා රට ගියාම තමන්ගේ කුසින් වදාපු දරුවන්වත් අමතකයි. එවැනි අම්මා කෙනකුගේ පුංචි දියණිවරුන් දෙදෙනකුට ජීවිතය විඳින්න ඕනෙ කාලේ ජීවිතය විඳවන්න සිදුවූ පුවතක් පසුගියදා අපට අහන්න ලැබුණේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුලංදාව ග්‍රාම නිලධාරි වසමෙන්. පසුගිය 28 වැනිදා මේ දරුවන්ගේ පියා කිඹුලකු ඩැහැගෙන ගොස් ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය කලඹන්නට වුණා. අප ‘මව්රට’ පුවත්පත මේ පිළිබඳ සොයා බලන්නට කටයුතු කළා. ඒ සඳහා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී යූ.ජී. සම්පත් මහතා අප සම්බන්ධ කරගත්තා.

නිල්වලා ගඟේ කිඹුලකු දරුවන්ගේ පියාගේ ජීවිතය බිලිගත්තා. දරුවන්ගේ පියා ජීවතුන් අතර සිටියදී මහත් සේ දරුවන්ට ආදරය කළා. මවගේ සෙනෙහස නැති වුණත් ඒ අඩුව පවා දරුවන්ට දැනෙන්ට දුන්නේ නැහැ. දරුවන්ගේ අම්මා විදෙස්ගත වීමෙන් මේ දරුවන්ව අතහැර වෙනත් සැමියකු සමග වාසය කරන බවයි දැනගන්නට ලැබුණේ.

නිල්වලා ගඟේ සිටි කිඹුලාට ගොදුරු වූ පියා වූයේ පලනිසාම් ආරුමුගම් (37) නම් පුද්ගලයෙක්. ආරුමුගම් දිනිති මධුවන්ති හා ආරුමුගම් ඉමේෂා රාණි යනු ඔහුගේ දියණියන් දෙදෙනායි. මේ දරුවන්ගේ පියා නිල්වලා ගඟ ආසන්නයේදී පසුගිය 28 වැනිදා සවස 5.30ට පමණ කිඹුලකුට බිලිවුණා. සිද්ධිය ඇසින් දුටු ගම්මුන් පැවසුවේ ගොදුර සමග කිඹුලා නිල්වලා ගඟේ පිහිනා යනු තමන් දුටු බවයි. ඔවුන් බේරාගැනීමට ප්‍රදේශවාසීන් උත්සාහ දරා තිබුණද එම උත්සාහයන් ව්‍යර්ථ වූ බවයි වාර්තා වුණේ. උදෑසන කාලයේ එම ප්‍රදේශයේ කිඹුලන් නිතර ගැවසෙන බවත්, එම කිඹුලන් අඩි 12-15ක් පමණ දිගින් යුතු බවත් ගම්වාසීන් සඳහන් කළා.

බොහෝ පවුල්වල අම්මලාගේ බර කරට ගන්නේ තාත්තලායි. මේ දරුවන්ගේ අහිංසක තාත්තා කිඹුලා අරන් ගිහින්. ජීවත්ව සිටියදී මේ පියා දරුවන්ව පෝෂණය කළා. අගහිඟකම් කොපමණ තිබුණත් අමාරුවෙන් දරුවන්ව ජීවත් කළා. අම්මාගේ අඩුව දැනෙන්න දුන්නේ නැහැ. ඒ නිසාම තමයි මේ පියාගේ වියෝව දරුවන්ට දරා ගන්නට අමාරු වුණේ. ඔවුන් මේ වන විට මානසික ව්‍යාකූලත්වයට පත්ව තිබෙන බවයි දැනගන්න ලැබුණේ. මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණෙන් විශේෂ වැඩපිළිවෙළක් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක ‘සුරකිමු අකුරැසි මල් කැකුළු’ සංවිධානය හරහා අරඹා ඇති බවත් වාර්තා වුණා.

කිඹුලා ඩැහැගත් පියාගේ සිරුරේ කොටස් නිල්වලා ගඟ තුළ තිබී පොලීසිය සොයාගෙන තිබුණා. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරීක්ෂාවෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදුන් අතර, හුලංදාව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු පසුගියදා සිදුකෙරුණා. ඒ සඳහා ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

තම පියාගේ වියෝව සම්බන්ධයෙන් මේ පුංචි දියණියන් මෙලෙස අදහස් දැක්වූවා.

‘අපේ අම්මාත් අපිව දාලා ගියා. මමයි ආච්චියි අක්කයි විතරයි ඉන්නේ. අපේ අම්මා අපි ඔක්කොම එපා කිව්වා. මට ඉන්න කියලා තාත්තා ගඟට ගියා. මමයි අක්කයි ගෙදර සෙල්ලම් කළා. ටික වෙලාවකින් තාත්තා ගඟේ පේන්නේ නැහැ කියලා ආරංචි වුණා. මම තාත්තාව දැක්කෙම නැහැ…’

දියණියන්ගේ මිත්තණිය පැවසූවේ මෙවන් අදහසක්.

‘ළමයි මාරුවෙන් මාරුවට ඉස්කොලේ යවනවා. මුගුණුවැන්න උයලා වේල පිරිමහගන්නවා…’

ඇත්තෙන්ම මේ මිනිස්සු හරිම අසරණයි. දිළිඳුකමින් පීඩිත වෙලා. මේ දරුවන්ට මවුපියන්ගේ ආදරය සෙනෙහස අහිමි වෙලා. හෙට දවසක් ගැන හිතාගන්න බැරිවයි සිටියේ. අම්මා තාත්තා දෙන්නම නැහැ. පාසල් ජීවිතය ඇනහිටලා. මේ දරුවන්ට කන්න නැති වුණාම කෑම ටිකක් ඉල්ලගන්නේ අහල පහළ ගෙවල්වලින්.

දියණියන්ගේ පියා පලනිසාම් ආරුමුගම් මහතාගේ භූමදානය සිදුවූ අවස්ථාවේ ගම්වැසියෙක් කඳුළු සලමින් මෙලෙස පවසා සිටියා.

‘මේ මියගිය කෙනා එක්ක අපි වචන 10ක් කතා කළොත් ඉන් අටක්ම එයා කියන්නේ මේ දරුවන් ගැනයි. දරුවන් කෑවද දන්නේ නැහැ. ඉස්කෝලේ ගිහින් ආවද දන්නේ නැහැ. මම බිත්තර හදලා ආව‌ා. දරුවෝ කෑවද දන්නේ නැහැ. කොයි වෙලාවෙත් මාත් එක්ක දරුවන් ගැන කතා කරනවා….’

ඔහු අවසානයේ ඉල්ලා සිටියේ මේ මියගිය පුද්ගලයාට කරන ගෞරවයක් තියෙනවා නම් ඔහුගේ දරුවන් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න කියලයි. මේ දරුවන් වෙනුවෙන් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය වන කේ.ජී.ඩී. අනෝජා මහත්මිය සිදුකරන උපකාරවලට බොහොමත්ම ස්තුතිවන්ත විය යුතුයි. මෙවැනි අසරණ වූ දරුවන් අපේ රටේ ඕනෑ තරම් සිටිනවා. එවැනි දරුවන්ට උපකාර කිරීමට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම එක වගේ කැපවෙනවා නම් අපේ රට මීට වඩා ලස්සන වේවි.
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කේ.ජී.ඩී. අනෝජා මහත්මිය පැවැසුවේ දැරියන් දෙදෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔවුන් පියවර ගන්නා බවත්, නීත්‍යනුකූල භාරකාරත්වය දැරියන්ගේ නැන්දණියට භාර කරන බවයි. මේ දරුවන්ට උපකාර කිරීමට බොහෝ පිරිසක් පොරොන්දු වී ඇති බවත් ඇය පැවසුවා. මේ සඳහා අකුරැස්ස හුලංදාව දේවස්ථානයේ පියතුමා පොලිස් ස්ථානාධිපති, පරිවාස නිලධාරීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් එකතු වී කටයුතු කරන බවද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවා.

මේ දරුවන්ගේ මව දරුවන්ව හැර ගියත් තාත්තා ඔවුන්ට සෙනෙහස දුන්නා. ඒ ආදරය අහිමි වුණාම ඔවුන්ට දරාගන්න බැහැ. දරුවන්ගේ වීරයා ආරක්ෂකයා වුණේ තාත්තායි. ඒ අඩුව පුරවන්න කාටවත් බැරි වේවි. අම්මා නැති අඩුව පිරෙව්වේ ඒ තාත්තා. කුලී වැඩ කරලා නැතිබැරිකම් මැද දරුවන්ව පාසල් යැව්වා. කරගැට එනකල් වැඩ කළා. මුදල් උපයලා කන්න දුන්නා. ඒත් අද ඒ තාත්තා නැහැ. දරුවන්ට තාත්තාව මැවි මැවී පේනවා ඇති.

‘සුරකිමු අකුරැසි මල් කැකුළු’ සංවිධානයේ ආපදා සහන නිලධාරී සම්පත් මහතා පවසා සිටියේ දැරියන් මේ වන විට දෙනියාය සෙන්ට් මැතිව්ස් පාසලේ ඉගෙනුම ලබන බවත්, දැනට දෙනියාය සෙන්ට් ජෝසප් කන්‍යාරාමයේ නේවාසික සිටින බවයි. මේ දරුවන්ගේ තාවකාලික භාරකාරත්වය දරුවන්ගේ නැන්දණිය වන පලනිසාමි රුක්මණීට පවරා ඇති බවද ඔහු පැවසුවා.

දරුවන්ගේ ඥාතීන්ටද ආර්ථික දුෂ්කරතා පවතින නිසා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය මුල්වී සංවිධානයක් පිහිටුවා මේ දරුවන්ට උපකාර කිරීමට පෙරමුණ ගෙන තිබීම අගය කළ යුතුයි. මේ සංවිධානයට අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා (සභාපති), හේනගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති (ලේකම්), අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් (භාණ්ඩාගාරික) පූජකතුමන් ඇතුළු නිලධාරීන් 15 දෙනකුගෙන් යුතු නිලධාරී මඬුල්ලක් පත්කර මේ දරුවන්ට උපකාර කිරීමට සැලසුම් සංවිධානයක් පිහිටුවා තිබේ. දැනටමත් ඔවුන් මේ දරුවන්ව දෙනියාය කන්‍යාරාමයේ නේවාසිකාගාරයට යොමුකර ඇති අතර, දරුවන් මෙතෝදිස්ත පාසලේ ඉගෙනුම ලබයි.

මේ දරුවන්ට ලස්සන හෙට දවසක් උදා කරන්නට උපකාර කළ හැකි දානපති සහෘදයන්ට ‘මව්රට’ පුවත්පතේ අපි ආරාධනා කර සිටිනවා. ඔවුන්ට පාසල් උපකරණ, ඇඳුම් පැලඳුම් ආදී දෑ පරිත්‍යාග කරන්නට කැමැති කෙනකු වෙතොත්,

කේ.ජී.ඩී. අනෝජා මහත්මිය, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අකුරැස්ස යන ලිපිනයට එම ද්‍රව්‍ය භාරදෙන ලෙස ඉල්ලා සිටිනවා.

මේ දියණිවරුන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් නිලධාරීන් අමතා එම තොරතුරු ලබාගත හැකියි.

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී චින්තක පතිරණ මහතා (දුර-0705 276 163) ආපදා සහන සේවා නිලධාරි යූ.ජී. සම්පත් මහතා (දුර-0772 004 638) පරිවාස හා ළමා ආරක්ෂක සංවර්ධන නිලධාරී සමන් ජයවික්‍රම මහතා (දුර-0778 259 559)

මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මූල්‍ය දායකත්වය දැරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් ‘සුරකිමු අකුරැසි මල් කැකුළු’ සංවිධානය, මහජන බැංකුව – අකුරැස්ස ශාඛාව, ගිණුම් අංකය 117-2-001-1-0067592 යන ගිණුමට මුදල් බැර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

පුංචි දුවේ තාත්තා අම්මා දාලා ගියා කියලා ඔයාලා තනි වුණේ නැහැ. අපි හැමෝම ඉන්නවා ඔයාලා වෙනුවෙන්. මේ නැන්දලා මාමලා ඔයාලගේ හෙට දිනය වෙනුවෙන් බොහෝ දේ කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඔයාලා වෙනුවෙන් අපි හැමෝගෙන්ම ඉල්ලන්නේත් ඒකමයි. හැමෝටම බොහොමත්ම ස්තුතියි. අපේ එකම බලාපොරොත්තුව ඔයාලා යහපත් පුරවැසියන් ලෙස හෙට දිනයේ අපේ රටට දායාද වීමයි…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

එක මාසෙට කොළඹ තරුණයන් 5ක් විතර හෝටල් කාමරවල මැරෙනවා! හේතුව ලිංගික උත්තේජන ඖෂධ!

Next Post

නාඩගම් කෝලම් ජවුසම් අස්සෙ ටීචර්ලගෙ අලුත් නැටුම…

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.