ජනාධිපතිවරණයේදී මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මේ වනවිටත් යුරෝපා සංගමයට අයත් ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමක් මෙරටට පැමිණ ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
ඒ සඳහා එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ කණ්ඩායමක්ද මෙහි පැමිණීමට නියමිතව ඇති බවයි ඔහු සඳහන් කළේ.
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට දේශීය නිරීක්ෂකයන් 6,000ක් පමණ යෙදවීමටද සැලසුම් කර ඇති බව ඔහු පැවැසීය.
පසුගියදා මැතිවරණ නීති කඩකරමින් රජයේ අමාත්‍යාංශ 4ක සිදුකළ පත්වීම් දීමේ, ස්ථාන මාරුකිරීම් වැනි ක්‍රියාවන් ගණනාවක් පිළිබඳ තම සංවිධානය මැතිවරණ කොමිසමට පැමිණි කිරීමෙන් පසු ඒවා වහා අත්හිටුවීමට පියවර ගත් බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
පසුගිය බදාදා වන විට මැතිවරණ පැමිණිලි 180කට අධික සංඛ්‍යාවක් තම සංවිධානයට ලැබී තිබූ බවත්, ඒවා මැතිවරණ කොමිසමට යොමුකර ඇති බවද ඔහු පැවැසීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් 6 දෙනකු පමණ ලබන මස 07 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ එකම වේදිකාවකට කැඳවීමටද එම සංවිධානය සැලසුම් කොට ඇත.
ප්‍රේමලාල් විජේරත්න