• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මාලනී-ශිවාජී!
මුරලි සහ මහීෂ්!

February 23, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
මාලනී-ශිවාජී!  මුරලි සහ මහීෂ්!
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් අරගෙන තමිල්නාඩුවේ චිත්‍රපට හදපු කාලයක් තිබුණා. ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ වගේ ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් තමිල්නාඩුවේ දෙමළ නළු නිළියන් එක්ක ඒ කාලේ කරට කර රඟපෑවා. මාලනී තමිල්නාඩුවේ පමණක් නෙවෙයි, ඉන්දියාවේ ජනප්‍රියම නළුවෙක් වූ ශිවාජි ගනේෂන් එක්ක රඟපු චිත්‍රපටය ලංකාවේ පමණක් නෙවෙයි තමිල්නාඩුවේද අතිශයින්ම ජනප්‍රිය වුණා. එහෙම හිටපු තමිල්නාඩුව යුද්ධෙන් පස්සේ සම්පූර්ණ වෙනස් වුණා. මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුව යුද්ධය දිනලා බොලිවුඩයේ ‘අයිෆා’ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල ලංකාවේ පවත්වන්න යද්දී බොලිවුඩ් නළු නිළියන්ට ඒකට සහභාගි වෙන්න එපා කීවේ තමිල්නාඩුවේ නළු නළියන්. අමිතාබ් භච්චන්, ලෝක රූ රැජින අයිශ්වර්යා රායි ඇතුළු මුළු භච්චන් පවුලම මේ අයිෆා උළෙලට සහභාගි වෙන්න හිටියේ. හැබැයි දකුණු ඉන්දියාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ මනිරත්නම් මේ උළෙල වර්ජනය කරන්න කියලා භච්චන් පවුලෙන් කරපු ඉල්ලීමට අමිතාබ් භච්චන්, අයිශ්වර්යා රායි ඇතුළු භච්චන් පවුලම එකඟ වුණා.

ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛානුත් මේ උළෙල වර්ජනය කළා. ඒකට නම් හේතුව ශාරුක් ඛාන් පළමු වරට ලංකාවට ආපු වෙලාවෙ ඔහුට එල්ල කරපු බෝම්බ ප්‍රහාරය. ලංකාවට එරෙහිව දකුණු ඉන්දීය නළු නිළියන් මෙහෙම යකා නටන්න පටන් ගත්තේ 2009 යුද්ධය නතර කරන්න කියලා ඔවුන් තමිල්නාඩුව පුරා දියත් කළ සත්‍යග්‍රහයට ලංකා ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිච්ච නිසයි. ලංකා ආණ්ඩුව ඔවුන්ව ජෝකරයන් ලෙස හඳුන්වපු එකෙන් ඔවුන් තව තවත් කුපිත වුණා. මේ ලංකා විරෝධය තමිල්නාඩුවේ නළු නිළියන් අතර පමණක් නෙවෙයි, තමිල්නාඩුවේ ක්‍රිකට් ලෝලීන් අතරත් යහමට පැතිරිලා තිබුණා. ලංකාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වුණු මුත්තයියා මුරලිදරන්ට දමිළ ජනතාව කොච්චර ආදරේ කළත් ඔහු රාජපක්ෂවාදියකු කියා තමිල්නාඩුව ඔහුට මඩ ගැහුවා. මෑතකදී තමිල්නාඩුවේ ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙක් මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව චිත්‍රපටයකට නඟන්න ගියා. ඒ චිත්‍රපටයේ මුත්තයියා මුරලිදරන්ගේ චරිතයට ඔහු තෝරාගත්තේ අද දකුණු ඉන්දීය සිනමාවේ ඉන්න ජනප්‍රියම නළුවකු වන විජේ සේතුපති. විජේ සේතුපති මුරලිදරන්ගේ චරිතය රඟපාන්න කැමැත්තත් ප්‍රකාශ කළා. හැබැයි තමිල්නාඩුවේ ඔහුගේ රසිකයන් ඔහුගේ මේ තීරණයට එරෙහිව තමිල්නාඩුවම ගිනි තිබ්බා. අන්තිමේදී විජේ සේතුපතිට සිද්ධ වුණා ඒ චිත්‍රපටයෙ මුත්තයියා මුරලිදරන්ගේ චරිතය රඟපෑමෙන් ඉවත් වෙන්න. මේ විරෝධය දරාගන්න බැරුව චිත්‍රපට අධ්‍යක්ෂවරයාත් මේ චිත්‍රපටය අතරමඟ නතර කරලා දැම්මා.

මෛත්‍රි – රනිල් අණ්ඩු කාලේ දකුණු ඉන්දියාවේ සුපිරිම තරුව වන රජිනිකාන්ත් උතුරු නැගෙනහිර නිවාස ව්‍යාපෘතියක් විවෘත කරන්න ලංකාවට එන්න සූදානමින් හිටියා. ඒකටත් තමිල්නාඩුවේ සිනමා ලෝලීන් විරෝධතාව ප්‍රකාශ කළා. අවසානයේ රජිනිකාන්ත් ඒ විරෝධය පිළිගත්තා. මාලනී ෆොන්සේකාගේ ‘පයිලට් ප්‍රේමනාත්’ චිත්‍රපටයෙන් පසුව ලංකාවත් තමිල්නාඩුවත් අතර සම්බන්ධතා අවුල් ජාලයක් බවට පත්වෙලයි තිබුණේ. ඒත් මේ අවුල් ජාලය මැද ලංකාවේ ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට රජිනිකාන්ත්ව හමුවෙන්න අවස්ථාවක් ලැබුණා. ඔහු තමිල්නාඩුවට ගිහින් කිසිදු විරෝධයක් නැතිව රජිනිකාන්ත්ව හමුවෙලා ආවා. ඒත් රන්ජන්ගෙ ගමනින්වත් මේ තමිල්නාඩුවේ ලංකා විරෝධය අවසන් වුණේ නෑ.

දැන් අලුතින්ම විරෝධය එල්ල වෙලා තියෙන්නේ මහීෂ් තීක්ෂණට. මෙවර අයි.පී.එල්. තරගාවලියේ දඟ පන්දු යවන්න ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණව මිලට ගත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම. ඔවුන් විශාල මුදලක් ගෙවලයි ඔහුව මිලට ගත්තේ. නමුත් ඔහු හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙක් කියලා මහීෂ්ව පමණක් නොවෙයි, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමත් ඉලක්ක කරගෙන මේ වෙනකොට තමිල්නාඩුවේ දැවැන්ත විරෝධයක් දියත් වෙලා තියෙනවා. ඉන්දියාවේ මාධ්‍ය කියන්නේ සමාජ මාධ්‍ය හරහා මේ විරෝධය මහා පරිමාණයෙන් දියත් වෙලා තියෙනවා කියලයි. ශ්‍රී ලංකාවත් තමිල්නාඩුවත් අතර තියෙන මේ වෛරය කවදා ඉවර වෙයිද කියලා හැමෝම බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් අතර තියෙන ප්‍රශ්න, වෛර ඉවර කරන්නේ ඒ රටවල කලාකරුවන්, ක්‍රීඩකයන්. හැබැයි ලංකාවටයි, තමිල්නාඩුවටයි වෙලා තියෙන්නේ මේ වෛරය පතුරුවන්නේ ක්‍රීඩාව හා සිනමාව හරහායි.

කවදා මේ තමිල්නාඩුවත් ශ්‍රී ලංකාවත් අතර සාමය උදාකරන්න සාම දූතයෙක් එයිද කියලා කියන්න බෑ.

සුරනිමල

SendShareShare
Previous Post

හූ තැබීම තවම නැවතිලා නෑ! ආණ්ඩුවේ මන්ත්‍රිනියට කුරුණෑගලදී හූ තියයි! හූව මැදම මන්ත්‍රිවරිය පිටව යයි! (VIDEO)

Next Post

ලයිට් කපන ආණ්ඩුව ගෙදර යන්න ඕනෙ -ගම්මන්පිල
එහෙනම් ‌දැන් ගෙදර යන්න -සජිත් (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.