සියල්ල නරක යැයි කියනා දේශයක සිට, සියල්ල වැරැදි යැයි කියනා දේශයක සිට, සියල්ලේම අඩුපාඩු පෙනෙනා දේශයක සිට හොඳක් කියන්නට, හොඳක් ලියන්නට ලැබීම වාසනාවක් යැයි අපි සිතමු. කොවිඩ් ලංකාවට පැමිණීම හොඳ වෙනුවට නරකට හැරුණේය. කොවිඩ් සමග සටන හොඳට වඩා නරක අතට හැරුණේය. කොවිඩ් හා සටන පහසු නැත. කොවිඩ් සම්බන්ධව සියලු කටයුතුවලදීම අපි පටලවාගත් බවට සාක්ෂි තිබේ. නමුත් මේ වතාවේ නම් කොවිඩ් හා සටන පැටලුණේ නැත. කොවිඩ් හා සටන වරැදුණේ නැත. ඒ නිසා අපි ප්‍රශංසා කරමු. හිස නමා ආචාර කරමු.
මේ කියන්නට යන්නේ කොවිඩ් වැක්සීන් ලබාදීමේ කතාවක් ගැනය. කොවිඩ් වැක්සීන් ලබාදීමේ කතාවක් යැයි කියූ සැණින් ඔබට දැනෙන්නේ දිගු පෝලිම් සහිත පරිසරයක් ගැන විය යුතුය. එහි වයසක මාපියන්ගේ සිට බොහෝ දෙනෙක් අසීරුවෙන් තැන් තැන්වල හිටගෙන ඉන්නා හැටි විය යුතුය. දැඩි අව්වත්, දාහයත් නොතකා ඔවුන් බලාසිටිනා බව ඔබට මැවී පෙනෙනු ඇත. එසේ බලා සිට වැක්සීන් අවසන් වූ බව කියා ගෙදර යන දර්ශන ඔබ දැක තිබේ. කොවිඩ් වැක්සීන් ලබාදෙන තැන්වල ඒ අයගේ ගැටුම් ඔබ ඕනෑ තරම් රූපවාහිනියෙන් දැක ඇත. නමුත් මේ වතාවේ ඒ කිසිවක් වුණේ නැත. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් වැක්සීන් ලබාදීමේ ව්‍යාපෘතියයි. එය අතිශය සාර්ථකව නිමාවිය. ජනමාධ්‍යවේදීන්ට වැක්සීන් ලබාදීම සඳහා නියමිත දිනයක්, එක කාලයක්, නියමිත වේලාවක් ඔවුන් වෙන්කොට තිබිණි. ඒ සඳහා ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයද තෝරාගැනීම අතිවිශිෂ්ට තෝරාගැනීමකි. ඒ හරහා ජනමාධ්‍යවේදීන්ට රස්තියාදුවකින් තොරව, කාලය කාදැමීමකින් තොරව ඉතා පැහැදිලි ක්‍රමවේදයක් යටතේ වැක්සීන් ලබාදීමට කටයුතු කළ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අප මේ වතාවේ හිස නමා ආචාර කරමු. ඔවුන් කිසිම අතපෙවීමකින් තොරව එය සිදුකළේය.
සාමාන්‍යයෙන් දැනගන්නට ඇති පරිදි නම් ජනමාධ්‍යවේදීන්ගේ නමින් ලබාගත් වැක්සීන් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා කිසිම ආකාරයකින් අයථා ලෙස පරිහරණය කර නැත. ලංකාවෙ ඕනෑ තරම් වැක්සීන් ලබාදුන් ව්‍යාපෘති අතර මේ ආයතනය සිය කටයුත්ත ගෞරවනීය ලෙසම ඉටු කළේය. ඒ නිසා අප නැවත වතාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයටත්, ජනමාධ්‍ය අමාත්‍යාංශ අධ්යක්ෂතුමන් වූ කේ.පී. ජයන්ත මහතාටත් හිස නමා උත්තමාචාරය පුදකරමු. ඔබ අප වෙනුවෙන් කළ මෙහෙය යළි හෙටත් ලැබේයැයි බලාපොරොත්තු වෙමු. ඒ නිසා අපද ඔබට අපේ උත්තමාචාරය පුද කරමු. මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී චන්දන ප්‍රදීප් විදානපතිරණටත් එහි කාර්ය මණ්ඩලයටත් විශේෂ ගෞරවයක් හිමිවිය යුතුමය.
අපි ‘මව්රට’