ශ්‍රී ලංකාවේ අලුතෙන් පෞද්ගලික වෛද්‍ය පීඨ ඇතිකළ යුත්තේ ඉදිරි වසර 5 තුළ රටට අවශ්‍ය වෛද්‍යවරුන්ගේ ඉල්ලුම සහ වෛද්‍ය අධ්‍යාපනය සෞඛ්‍ය පද්ධතිය පුළුල් වීමට අදාළව නිසි ශක්‍යතා අධ්‍යයනයකින් පසුව බවත්, එසේ නොමැතිව එය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විධායක කමිටු රැස්වීමේදී තීරණය වූ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශය වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසීය.
එසේ නොමැතිව වෛද්‍ය උපාධිය ව්‍යාපාරිකයන්ගේත් ආයෝජකයන්ගේත් ලාභ ලබන ස්ථාන බවට පත් නොකළ යුතු බවයි ඔහු සඳහන් කළේ.
පසුගිය සතියේ රැස්වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක කමිටුව එම තීරණ ගැනීමේදී වෛද්‍යවරුන්ට බලපාන ප්‍රධාන කරුණු 3ක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළේය.
මෙරට වෛද්‍ය අධ්‍යාපනය ගැන මෙන්ම එම උපාධිය පිළිබඳ විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශ සහ යෝජනා නිකුත් කරමින් තීරණ ගැනීම යෝග්‍ය නොවන බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
ප්‍රේමලාල් විජේරත්න