• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

E නගර සංකල්පෙන් සිංගප්පූරුව හොල්ලපු අපේ කොල්ලා…

January 26, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
E නගර සංකල්පෙන් සිංගප්පූරුව හොල්ලපු අපේ කොල්ලා…
Share on WhatsAppShare on Facebook

ලංකාව කියලා කියන්නේ හුඟක් දේවල් අහිමි කරගත්ත රටක්. හුඟක් දේවල් තිබුණත් ඒවායින් ප්‍රයෝජන නොගත්ත රටක්. ඔබ දන්නවනේ ලංකාවේ තියෙන සම්පත් වැඩි ප්‍රමාණයකින් ප්‍රයෝජන ගන්නේ පිටරට ඉන්න අය. සමහර දේවල්වල පේටන්ට් බලපත්‍රය පවා අපට අහිමි වෙලා ගිහින්. සමහර ගහ කොළ මල් වැල්වල අයිතිය පවා පිටරටවලට හිමිවෙලා. කොතලහිඹුටු වගේ දේවල් ගැන අපි සමහර කතා අහන්නේ නිකන් නෙවෙයි. එප්පාවල පොස්පේට් නිධියේ ඉල්මනයිට් තිබුණට ඒවායින් අපි ප්‍රයෝජන ගන්නෙ නෑ. රට වටේ මුහුද තිබ්බට මාළු ගේන්නේ පිටරටින්. දැන් හාලුත් පිටරටින් ගේනවා. ඒ අතරතුර ඔබ දන්නවා හේන් යායක බඩඉරිඟු වවලා ඒවයින් අපි කරන්නේ කුකුළු කෑම හදන එක. හේන් පිටින් බඩඉරිඟු වවලා කුකුළන්ට කෑම හදලා, ඒ කෑමවලින් කුකුළු මස් ටික මිනිස්සුන්ට නිසි මිලට දීගන්න බැරි, බිත්තරය පවා පිටරටින් ගෙන්වන්න සිදුවෙච්ච රටක් මේක. බොහෝ බෙහෙත් ඖෂධ කැලෑවල තිබුණට දැන් ඒවා ගෙන්වන්නේ ඉන්දියාවෙන්. වැඩ සියල්ලම පටලවාගත්ත, කරන්න ඕනෙ දේවල් තියෙද්දී නොකරන්න ඕනෙ දේවල් එළියට ගත්ත, බොහෝ දේ අවුල් කරගත්ත රටක් බවට අපි දැන් පත්වෙලා ඉවරයි. ඒ අස්සේ තමයි මේ කතන්දරේ එළියට එන්නේ.

රවිඳුගේ කතාව. රවිඳුගේ ව්‍යාපෘතියේ නම ඊ-නගර ව්‍යාපෘතිය. මේක ලංකාවේ බොහෝ තැන්වලට ඉදිරිපත් කරලා, ඒවා සම්බන්ධව ආණ්ඩුව දැනුවත් කරලා, බොහෝ අයට කියලා හැබැයි රවිඳුට කිසිදු ප්‍රයෝජනයක් මේකෙන් ලබාගන්න බැරිව ගියා කියලයි දැනගන්න තියෙන්නේ. රවිඳු කියන්නේ වසර 06ක් රාජ්‍ය ආයතනයක සිට පර්යේෂණ සහ ව්‍යාපෘති ඉදිරිපත් කරපු තරුණයෙක්.

‘එදා සිට අද දක්වාම මේ රටේ රාජ්‍ය අංශයේ වෙනස් විය යුතු තැන් පිළිබඳ මම අවධානය යොමු කළා. නමුත් මේ රට ගමන් කරන දිශාව පිළිබඳ ඇත්තටම මට ප්‍රශ්නයක්. ඒ දේවල්වලට උත්තර හොයන්න එපා කියන සමහරුන්ට මට දෙන්න තියෙන්නේ මේ රට දියුණු කරනවා නම් වරායවල්, කුලුනු, ගුවන් තොටුපළ නෙවෙයි, අධ්‍යාපනය, තාක්ෂණය සමග කැටිකරලා අඩුම තව වසර 06ක් ඇතුළත අපි ඩිජිටල් ලොවක් සමග ගනුදෙනු කරන පුරවැසියන් බිහිකළ යුතුයි. නැත්නම් තව වසර 05ක් යන විට අපේ රටේ විශාල පිරිසක් වෙනත් දියුණු රටවලට සංක්‍රමණය වී ඇත. එය දැනටම ආරම්භ වී ඇත. අධ්‍යාපනය නව්‍ය ලෙස ප්‍රතිස්ථාපනය කළ යුතුයි. ඒ සඳහා නිර්දේශ නොව, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකළ යුතුයි…’ ඔහු ඒ විදියට කියනවා. ඒත් දැනගන්න තියෙන විදියට රවිඳුගේ ඊ-නගර ව්‍යාපෘතිය අපට නැතත් අද වෙනකොට සිංගප්පූරුවෙ පළමු තැනට ඇවිල්ලා තියෙනවා කියලයි කියවෙන්නේ. සිංගප්පූරුව වගේ රටක ඉතා ඉහළ තාක්ෂණයක් සම්බන්ධයෙන් ගනුදෙනු කරන රටක ඉතා දියුණු රාජ්‍යයකට මෙය හිමිවුණත් අපට අහිමි වේවිද කියන ප්‍රශ්නයක් තියෙනවා. අපේ බොහෝ පාලකයන් විසින් බොහෝ ප්‍රධානීන් විසින් ඉවත් කරලා දාපු රවිඳුගේ ඊ-නගර ව්‍යාපෘතිය සිංගප්පූරුවේදී පිළිගැනීමට ලක්වෙනවා. ඒ නිසයි සිංගප්පූරුවේ අංක 01 නව ව්‍යාපෘතිය විදියට මේ ව්‍යාපෘතිය ඉදිරියට එන්නේ.

එතකොට මේක ලංකාවේ ක්‍රියාත්මක කරන්න හෝ ඒ සම්බන්ධව හිතා බලන්න කිසිදු බලධාරියෙකුට අවශ්‍යතාවක් නෑ. නමුත් සිංගප්පූරුව වගේ ඉතා දියුණු රටකට මේ ව්‍යාපෘතියේ වටිනාකම ගැන අදහසක් තියෙනවා. ඒක තමයි විශේෂත්වය. අපේ රටේ බලධාරීන්ට කිසිදු ව්‍යාපෘතියක වටිනාකමක් නොදැනුණා වගේම ව්‍යාපෘතියක වටිනාකමක් දැනෙන්නට නම් ඒකේ මුල, මැද, අග තියෙන කළු ව්‍යාපාරිකයන්ගේ කළු ව්‍යාපෘති කොච්චර සාර්ථකව ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. අරයගෙ සාක්කුවට කීයක් යනවද, මෙයාගේ සාක්කුවට කීයක් යනවද, අරයට කීයක් හම්බවෙනවද, මෙයාට කීයක් යනවද, ටෙන්ඩර් එක පාස් වෙන්න කීයක් ගෙවනවද, ටෙන්ඩර් එක ගොඩදාගන්න කීයක් ගෙවනවද, මාර්ජින් එක කීයද, ප්‍රතිශතයක් විදියට ලැබෙන ලාභය කීයද කියන එක තමයි ඔවුන් හොයන්නේ. සමහර වෙලාවට කිසිම නඩත්තුවකින් තොරව අවුරුදු 10ක් 15ක් දියත් කළ හැකි ව්‍යාපෘති තිබුණොත් අපේ රටේ ඒවා අනුමත කරන්නවත් කැමැති වෙන්නේ නෑ. ඒකට හේතුව අතරමඟදී නඩත්තුවෙන් තමයි ඒ අයට කීයක් හරි හොයාගන්න පුළුවන් වෙන්නේ. රස්සා ටිකක් දීගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා රවිඳු ඇතුළු තව දහස් ගණනක් අපේ රටට අහිමි වේවි. අපේ රටේ ඉන්න බුද්ධිමතුන්, දක්ෂයන් ලක්ෂ ගණනක් මේ වෙද්දී අපේ රට අතහැරලා දාලා ගිහින් ඉවරයි. ඒ නිසා අපි හිතමු අපි නැඟිටින්න නම් අපි අපිම හිතන්න අවශ්‍යයි. එහෙම නොවුණොත් අපි රටක් විදියට ඔක්කොම එක පාර පරාදයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඡන්ද තියන එක මහබැංකුවට අදාළ නෑ! ගිය දෙසැම්බර් ඉඳන් විදේශ විනිමය පැමිණීම වර්ධනය වෙලා! ලොකු හිඟයක් නෑ! මාකට් එකේ සල්ලි ‌තියෙනවා! රටේ සාමාන්‍ය දේවල් කරන්න ප්‍රශ්නයක් නෑ! සල්ලි නැත්නම් අපි මැදිහත් වෙලා හොයලා දෙනවා! ඡන්දෙට සල්ලි ගැන ඇහුවාම මහබැංකු අධිපති අද දුන්නු උත්තරේ! VIDEO

Next Post

පඩියට ගහපු බද්දට එරෙහිව රට පුරා විරෝධතා! වෘත්තිකයන් මහ පාරේ! VIDEOS

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.