• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමයි අම්මලා මරනවා, අම්මලා ළමයි මහ පාරේ දාලා යනවා, බුදුන් වැඩිය දේශයට මේ වෙන්න යන්නෙ මොකක්ද බුදු හාමුදුරුවනේ…

January 16, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
ළමයි අම්මලා මරනවා, අම්මලා ළමයි මහ පාරේ දාලා යනවා, බුදුන් වැඩිය දේශයට මේ වෙන්න යන්නෙ මොකක්ද බුදු හාමුදුරුවනේ…
Share on WhatsAppShare on Facebook

“සමහර දරුවෝ ලැබෙන්නේ ඒ මව්පියන්ගේ පව්කාරකමට, ඒ වගේමයි සමහර මව්පියෝ හමුවන්නේ ඒ දරුවන්ගේ පව්කාරකමටයි” මෙහෙම කතාවක් අපි සමාජයේ අහලා තියෙනවා. දරුවෝ කරන දේවල් නිසා මව්පියෝ අනන්තවත් දුක් විඳිනවා. මව්පියෝ කරන දේවල් නිසා විඳවන දරුවොත් මේ සමාජයේ ඉන්න බව පුවත් කිහිපයක්ම පසුගියදා අපිට අනාවරණය වුණා.

වර්තමානය වන විට දරුවනුත් මව්පියනුත් යන දෙපිරිසම ගමන් කරන්නේ කොයිබටද? මේ දෙපිරිසම අතර සාරධර්ම ගිලිහිලා දරුවන්ට දිය යුතු ආදරය කරුණාව ආරක්ෂාව දයානුකම්පාව වචනවලට පමණක් සීමාවෙලා. සමහර මව්පියන් දරුවන්ව මහ මඟ දමා යනකොට තමන්ගේ දරුවා වගේමයි අනෙක් දරුවනුත් කියලා හිතන අම්මලාත් මේ සමාජයේ ඉන්නවා. සමහර මව්පියන්ට දරුවන්ව දකින්නේ තමන්ගේ කුසට ඇවිත් මේ ලෝකේට බිහිකරන්නට වුණේ කරුමයක් ලෙසයි. මේ දෙපිරිසම සමහරුන් අද වන විට කටයුතු කරන්නේ කොහොමද කියලා පසුගිය සතියේ වාර්තාවුණු පුවත් තුනක් ම සාක්ෂි දරයි. මේ දෙපිරිසම අද වන විට විකෘති මානසික මට්ටමකින් කටයුතු කරනු ලබන අතර මීට හේතු වී ඇති මූලික පරමාර්ථය මුදල් පසු පස හඹායාම බව දැකගන්නට ලැබේ.

අද වන විට මේ මුළු මහත් සමාජය විනාශ මුඛයට පත්වෙමින් පවතින බව මේ පුවත් තුළින් තහවුරු වේ. දරුවන් නිසා මව්පියන්ට අනන්ත දුක්ගැහැටවලට මුහුණ දෙන්නට සිදුව තිබේ. පසුගියදා ඉතාම කනගාටුදායක පුවතක් වාර්තා වුණේ මාතර කොටුවේගොඩ අරලිය මාවතින්.

අම්මා කෙනෙක් දස මාසයක් කුස තියන් දරුවෙක්ව මේ ලෝකයට බිහිකරන්නේ මහත් කැපවීම් කරමින්. එහෙම අම්මා කෙනෙක්ව ඝාතනය කරන්න දරුවෙක්ට පුළුවන්ද? පුතෙක් තම මවව පොල්ලකින් පහරදී බෙල්ල මිරිකා ඝාතනය කර තිබුණා. මේ පුතා එසේ කර තිබුණේ ඉතා සාහසික ලෙසයි. මෙලෙස ඝාතනය කර තිබුණේ ෆාතිමා හරිනා සුබායිර් නැමති 59 හැවිරිදි කාන්තාවක්. ඔහුගේ පුතු 35වන වියේ පසුවූයේය. මෙයට හේතු වී තිබුණේ මේ මව තමන්ගේ නිවෙස පුතාගේ නමට ලියා තිබුණේ ප්‍රාණ භුක්තිය ඇතිවයි. නමුත් මේ පුතා අසල්වැසියන්ට ගමට වු ණය බරෙන් මිදීමට නිවෙස විකිණීමට තමන්ගේ නමට ලියා දෙන ලෙස මවට ඇවිටිලි කළත් ඇය එය නොකරන්නට කටයුතු කර තිබුණේ තමන්ට අත්වන ඉරණම කල්තියාම දැනගත් නිසා වන්නට ඇත. මේ කනගාටුදායක සිදුවීම සිදුව තිබුණේ පසුගිය 05වැනිදාය.

මේ ප්‍රචණ්ඩකාරි පුතා මාතර පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබුණේ තමන්ගේ මව නිවෙස තුළ ඇති නාන කාමරය තුළ ඇද වැටී මරුමුවට පත්ව ඇති බවටයි. මාතර පොලිසිය මේ පිළිබඳව පරික්ෂණ පවත්වන්න වහාම ක්‍රියාත්මක වී තිබුණා. මේ අනුව මාතර නාගරික හදිසි මරණ පරික්ෂක ටී. එම්. ලලිත් ද සිල්වා මහතා මරණ පරික්ෂණය කිරීමට ක්‍රියාත්මක වුණා. නමුත් මේ මරණ පරික්ෂණය ක්‍රියාත්මක කළ මොහොතේ සිටම මේ පුතා කටයුතු කළේ උන්මන්තකයකු ලෙසයි. ඔහු මරණ පරික්ෂකට පවසා සිටියේ තමන්ගේ ආගමට අනුව භූමදානය පැය 24ක් ඇතුළතදී කළ යුතු බවත් මරණ පරික්ෂණයක් අවශ්‍ය නොවන බවත්ය. ඔහුගේ සමීපතයන්ද පවසා සිටියේ පැය 24ක් ඇතුළත භූමදානය සිදුකළ යුතු බවයි. සමාජයේ පිළිගත් ප්‍රභූන් ළවා පවා දුරකතන ඇමතුම් ලබාදී පොලිසියට පවසා තිබුණේ මරණ පරික්ෂණයක් අවශ්‍ය නොවන බවයි.

මේ ප්‍රශ්න මෙසේ තිබියදී මරණ පරික්ෂණය සිදුකළ ටී. එම්. ලලිත් ද සිල්වා මහතා තහවුරු කරනු ලැබුවේ මෙම මරණය ගෙල සිදුකිරීමෙන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බවටයි. මෙයට අමතරව ශරීරයේ සීිරීම් තුවාල, තැළීිම් ඇති බවටද නිරික්ෂණ වාර්තාවක් සිදුකර තිබුණා. මේ මරණ පරික්ෂණ වාර්තාවෙන් අනතුරුව මේ පුත්‍රයා පිළිබඳව මාතර පොලිස් නිලධාරීන්ට සැක මතුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා. මේ පුත්‍රයාගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු සියල්ල පාපොච්චාරණය කරන්නට වුණා.

තමන් විවිධ පුද්ගලයින්ගෙන් ලබාගත් ලක්ෂ 30ක පමණ ණය මුදලක් බේරීමට තම මවගෙන් තමන්ගේ නමට ප්‍රාණ භුක්තියට ලියා ඇති නිවෙස තමන් නමට ලියා දෙන ලෙස අවස්ථා ගණනකදී මවට ඇවිටිලි කර තිබුණා. නමුත් තම මව නිවෙස තමන්ගේ තනි අයිතියට ලිවීමට අකමැත්තක් පළකර තිබුණා. තමන්ට ණය කරුවන්ගේ තර්ජන ගර්ජනවලින් මිදීමට මව ඝාතනය කර නිවෙස විකිණීමට සැලසුම් කරන්නට කටයුතු කළ බව ඔහු පාපෝච්චාරණය කර සිටියා.

මේ සාහසික ඝාතනය සැලසුම් කළ පුතු මව මැරීමට පෙර කුරානය ඇය අතට ගෙනවිත් ආගම සිහිකරගන්නා ලෙසද මවට දන්වා තිබු බවයි පොලිසියට කරුණු අනාවරණය කර තිබුණේ. කිහිප වරක්ම පහරදීමෙන් අනතුරුව මව බිම ඇද වැටී තිබුණා. පසුව මේ පුතා තමන්ගේ නිවෙස තුළ තිබෙන නාන කාමරයට ඇදගෙන ගොස් දමා තිබුණේ කිසිම හිතක් පපුවක් නැත්තෙකු ලෙසයි. මේ පුතාට නිවෙසින් පිටව යන්නට හැදූ විට කෙඳිරිලි සද්දයක් ඇසුණු නිසා, යළිත් විනාඩි 10ක් පමණ නිවෙස තුළ රැඳී තිබුණා. පසුව තමන්ගේ දෙඅත්වලින් කිසිම හිතක් පපුවක් නැත්තකු ලෙස තමන් හදාවඩාගත් තම මවගේ ගෙල සිරකරනු ලැබුවේ තවත් පණ ඇතැයි සැක සිතූ නිසා බවයි පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී තිබුණේ.

ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ඔහු සිය කොළඹ බිරිඳගේ නිවෙසට ගොස් තිබුණා. පසුව මාතර පොලිසිය බලා ගියේ තම මව නිවෙසේ නානකාමරය තුළ වැටී මියගොස් ඇති බවට හැඬූ කඳුලින් පොලිස් නිලධාරීන්ට පවසා තිබුණා. මෙම ප්‍රාණ භුක්තියට ලියූ නිවෙස කෝටි 3කට වඩා වැඩි බවද අනුමාන කරයි. මෙම ඝාතනයට යොදාගත් ලේ තැවරුණු පොලු‍ කැබැල්ල, කුරානය, ඇඳුම් ආදිය පොලිස් භාරයට ගැනුණු බවයි දැනගන්නට ලැබුණේ. ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සම්බන්ධව වැඩිදුර පරික්ෂණය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපෙදෙස් මත පොලිස් පරික්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතාගේ අනුදැනුම මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ උපපොලිස් පරික්ෂක උපාලි සහ හේමන්ත, කුලතුංග, ප්‍රේමදාස පරික්ෂණ මෙහෙයවනු ලැබුවා.

දෙවෙනි සිදුවීම වුණේ ඉපදිලා දින 12ක් ගතවූ බිළිඳෙකු තලවකැලේ ත්‍රීවීලරයක් තුළ දමාගොස් තිබීමයි. හරියට කියනවා නම් මේ දරුවා මහමග දමාගොස් තිබුණේ සුනඛයන් මහමග අතහැරයන්නා ලෙසිනි. මෙම ත්‍රිරෝද රථය දිනපතාම තලවකැලේ හින්දු කෝවිල අසල ගාල්කර තිබෙන රථයකි. ත්‍රිරෝද රථයේ පිටුපස දමාගොස් තිබියදී නගර සභාවේ සේවයේ නියුතු පවිත්‍රතා සේවකයන් කිහිප දෙනකුට බිළිඳාගේ කෙඳිරිලි හඬ ඇසී ඇත. ඉන් පසුව ඔවුන් වහාම පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ අතර, තලවාකැලේ පොලිසියේ මානුෂීය ගුණාංගවලින් යුතු පොලිස් කාන්තාවක් මවුකිරි දුන්නේ මේ දරුවා, තම දරුවා හා සමානව ලෙස සලකමිනි. ඒ කිරි උගුරු කිහිපය මේ බිළිඳාගේ ජීවිතය ජීවත් කරවන්නට ජීවයක් වන්නට විය.

වර්තමානයේ පොලිස් නිලධාරීන් පිළිබඳ සමාජයේ ඇත්තේ අපැහැදීමකි. එහෙත් එවන් නිලධාරීන් අතර මෙවැනි උතුම් ගුණාංගවලින් යුතු නිලධාරිනුත් සිටීම ගැන අප සතුටු විය යුතුයි. පසුව මේ බිළිඳාව පොලිස් නිලධාරීන් ලිඳුල ප්‍රාදේශීය රෝහලටත්, නුවරඑළිය දිස්ත්‍රික් රෝහලටත් මාරුකර යැවීමට කටයුතු කළා. පොලිස් නිලධාරීන් පැවසුවේ මේ දරුවා ඉපදී දින 12ක් 14ක් පමණ කාලයක් ගතව ඇති බවයි. තමන්ගේ දරුවාට වගේම අනෙක් දරුවන්ටත් අම්මා කෙනෙක් වන්නට පුළුවන් නම් ඒක තමයි අම්මා කියන වචනයේ ශක්තිය. අම්මා යන වචනයට සැබෑ අරුතක් එක් කළ මේ නිලධාරිනිය මුළු ලෝකයටම ආදර්ශයක් ගෙන දුන්නා. ඇයට හිස නමා ආචාර කළ යුතුයි. මේ දරුවාගේ විසඳාගත නොහැකි ප්‍රශ්නයක් තියෙන්න ඇති. එහෙමයි කියලා දරුවන් මෙලෙස මහමඟ දමා යෑම කෙතරම් නින්දත ක්‍රියාවක්ද? දරුවන් මෙලෙස අතහැර යන මවුපියන් දහස්වර හිතින් හඬාවැටෙනවා.

තවත් මෙවැනි අනුවේදනීය සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණා. මවක් තම සිඟිති දරුවාව සෙල්ලම් කිරීමට ඉඩහැර ආහාර පිසිමින් සිට තිබුණා. ඇගේ නොසැලකිල්ල නිසා දරුවා ඇගේ ආරක්ෂාවෙන් මිදී සෙල්ලම් කරමින් සිටියදී නාන තටාකයට ඇදවැටී ජීවිතයෙන් සමුගෙන තිබුණේ ඉතා අකාරුණික ලෙසිනි. මේ අම්මාට තාත්තාට දරුවාව අහිමි වුණේ ඔවුන්ගේ නොසැලකිල්ල නිසයි. මේ කනගාටුදායක සිදුවීම සිදුවුණේ කතරගම මයිලගම පිහිටි සංචාරක නිකේතනයක් තුළදීයි. මෙලෙස මියගොස් තිබුණේ අවුරුදු දෙකහමාරක් වයසැති මනිප්පුගේ කොවින් වින්සිත නමැති සිඟිත්තායි. මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබුණේ අදාළ සංචාරක නිකේතනයේ හිමිකරුගේ සිඟිත්තායි. පසුගිය 09 වැනිදා මේ සිඟිත්තා හෝටලයේ මිදුලේ සෙල්ලම් කරමින් සිට තිබුණා. ටික වේලාවකින් දරුවා ‌පෙනෙන්නට නොසිටීම නිසා මවුපියන් කලබලයට පත්වුණා. සුළු මොහොතකින් සියල්ලන්ගේම හදවත කම්පාවට පත්කරවමින් දරුවා නාන තටාකයේ පාවෙමින් සිටිනු දක්නට ලැබුණා. මේ සිඟිත්තාව දියෙන් ගොඩට ගන්නා විටත් ඔහු මෙලොව හැරගොස් තිබීම කනගාටුදායක සිදුවීමකි

මවුපියන් තම දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වුණා නම් මේ දරුවා අදටත් ජීවතුන් අතර සිටින්නට තිබුණා. පුංචි දරුවන් වතුරට ආසයි. වතුර දැක්කාම අතගානවා. වතුරට බහිනවා. නමුත් ඔවුන් දන්නේ නැහැ මෙහි බරපතළකම. තම දරුවන් එවැනි තැන්වල ගැවසෙන විට මවුපියන් වඩාත් සැලකිලිමත් වය යුතුයි. ඇස් දෙක මෙන් තම දරුවන් රැකබලා ගැනීම මවුපියන්ගේ වගකීමක්. වර්තමානයේ දරුවන් විවිධ අපයෝජන ක්‍රියාවලට යොදාගැනීමට ද හේතුවන්නේ මවුපියන්, දරුවන් කෙරෙහි අවධානයෙන් නොසිටීමයි. මේ පුංචි දරුවකු ජලය සමග සෙල්ලම් කරන්නට යෑමෙන් සිදුවූ පළමු මරණය මෙය නොවේ. දරුවාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ නිලධාරියා පැවැසුවේ මෙවැන්නකි.

“දරුවාගේ මරණය මවුපියන්ගේ නොසැලකිලිමත්කම මත සිදුවූ අපරාධයක්. මේ මරණය සිදුව තිබුණේ හෝටල් පරිශ්‍රය තුළයි. මූලික විමර්ශනවලින් හැඟීයන්නේ මේ දරුවා ජීවත් වූ වටපිටාව තුළ දරුවා අනාරක්ෂිත නාන තටාකයක් තිබී ඇති බවයි. දරුවාට නිසි රැකවරණයක් ලැබිලා නැහැ. මොකද කිසිම ආවරණයක් නැති නාන තටාකයක් එහි තියෙන්නේ. මෙතැන දේශීය සහ විදේශීය සංචාරකයන්ට කාමර ලබාදෙන තැනක්. මේ සිදුවීමට පැහැදිලිව මවුපියන් වගකිව යුතුයි කියලා තේරෙනවා. මේක දරුණු අපරාධයක්…”

දින කිහිපයක පෙර මේ සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන තිබූ නදීක ජයසුන්දර මහතා පවසා තිබුණේ, “අපිත් මේ හෝටලයේ හිටියා. එදා ඉන්නකොටම කිව්වා මේ ළමයා ගැන බලන්නේ නැහැ කියලා. දරුවා ගෝ කාර්ට් එකකට දාලා ඔහේ ඉන්නවා. අපි යනකොට මේ දරුවාට අවුරුදු දෙකයි මාස ගණනක් ඇති. මම එදා කිව්වා මේ ළමයා මෙහෙම තියලා මානසික ලෙඩක් හැදෙයි කියලා. මෙයාලා ළමයා ගැන බලන්නේ නැහැ. උයන්නවත් කවුරුත් ගන්නේ නැහැ. සල්ලි හම්බකරන්න ඕනේ. ඒත් මේ විදියට නෙවෙයි. තව ළමයෙක් ඉන්නවා. ඒ දරුවාත් ඉන්නේ ගෝ කාර්ට් එකේ. අවුරුද්දක්වත් නැහැ…”

මේ වයස්වල ඉන්න පොඩි දරුවන් ගැන මවුපියන් වගකීමෙන් කටයුතු කරන්න වෙනවා. මවුපියන් හිතාමතා දරුවන්ව මෙහෙම අනතුරේ දාන්නේ නැති වුණාට ඔවුන් පුංචි කාලේ ඇස් වගේ ආරක්ෂා කළ යුතුයි.

වර්තමානයේ මිනිස්සු අසිමිත අශාවන් පසුපස හඹායමින් ජීවිත අවුල් සහගත තත්ත්වයට පත්කරගනිමින් සිටනවා. මවුපියන් නිතරම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණවලින් දරුවන්ට කටයුතු කළ යුතු බව බුදුන් වහන්සේ වදාරා තිබෙනවා. මේ සිදුවීමෙන් පැහැදිලි වෙන්නේ මිල මුදල් ජීවිතේ කියලා හිතන මිනිස්සුන්ට ජීවිතේ වටිනා දේවල් මඟහැරෙනවා කියන එකයි. ආපසු හැරිලා බලනකොට සියල්ල සිදුවී හමාරයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඇයි මෙතෙන්ට ආවේ..? ඇයි ආවේ..? ඇයි ආවේ..? රැස්වීමට ආපු මිනිස්සුන්ගෙන් අනුර ප්‍රශ්න අහන්න පටන් ගනී! මිනිස්සු දුන්න උත්තරේ මොකද්ද? VIDEO

Next Post

මෙන්න අලුත්ම කැබිනට් තීන්දුව! සමෘද්ධි ලැබෙන අයටයි නොලැබෙන අඩු ආදායම් ලැබෙන අයටයි ආණ්ඩුවෙන් හාල් කිලෝ 10ක්! හැබැයි පුතෝ මාස 2යි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.