• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හලාවතම පිස්සු වැටුණු හැන්ඩි කොල්ලා මෙන්න ජීවිතේට හරි පාඩම ඔන්න ඉගෙන ගන්න…

May 11, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
හලාවතම පිස්සු වැටුණු හැන්ඩි කොල්ලා මෙන්න ජීවිතේට හරි පාඩම ඔන්න ඉගෙන ගන්න…
Share on WhatsAppShare on Facebook

අද වෙද්දී කායවර්ධනය කියලා කියන්නේ මුළු ලෝකයම කතා කරන ඉසව්වක්. ශ්‍රී ලංකාවෙනුත් කායවර්ධන ශූරයන් කිහිප වතාවක්ම බිහිවෙලා තියෙනවා. නමුත් කායවර්ධනය කියන ඉසව්ව සම්බන්ධයෙන් අපේ රටේ තියෙන උනන්දුව නිසි ආකාරව නිවැරැදි ද කියන එක සම්බන්ධව ඇත්තටම අපි කතා කරන්න ඕනේ. ඒකට හේතුව තමයි කායවර්ධනයට අපේ රටේ තරුණ තරුණියෝ කොච්චර උනන්දු වුණත් ඒ සඳහා අපි රජයක් විදියට නිසි ඉඩ දීලා තියෙනවද, නිසි අවස්ථාව දීලා තියෙනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොකද කායවර්ධනය කියන ඉසව්වට අවශ්‍ය කරන බොහෝ කරුණු කාරණා තියෙනවා. මේවා සම්පූර්ණ කරන්න රජයක් විදියට අපට පුළුවන් වෙලා තියෙනවා නම් ඒක හුඟක් හොඳයි. නමුත් ඇත්තටම අපි හිතනවා එහෙම දෙයක් අපට කරන්න ලැබිලා නෑ කියලා. හේතුව, ක්‍රිකට්වලට තරම් අපි වෙනත් කිසිම ක්‍රීඩාවකට අවශ්‍ය කරන පහසුකම් දෙන්නේ නෑ.

අද වෙද්දී නම් ලංකාව පුරාම ජිම් තියෙනවා. මේ ජිම්වල සුදුසුකම් සහිත, සුදුසුකම් රහිත කායවර්ධන ගුරුවරුන් පුහුණුකිරීම් කරනවා. ලූෂන්ලා වගේ අය අපේ රටේ නම ලෝකෙට අරගෙන ගිහින් තියෙනවා කායවර්ධනය හරහා. මේ කතා කරන්න යන්නේ ඒ කිසිම දෙයක් ගැන නෙවෙයි. අපි කායවර්ධනය ගැන හිතලාවත් නැති කාලේ ලංකාවේ හිටපු කායවර්ධන ශූරයෙක් ගැන පහුගිය දවසක ප්‍රසිඩන්ට් අංකල්, එහෙම නැත්නම් ජනාධිපති බාප්පා නමැති සමාජ මාධ්‍ය පිටුවේ පළවෙලා තිබුණා අපූරු කතාවක්. ඇත්තටම මේ කතාවේ දීර්ඝ විස්තරයක් සඳහන් වෙලා නොතිබුණත්, මේ කතාවේ විශාල පණිවුඩයක් දෙන පින්තූර 3ක් තිබුණා. අපි ඒ පින්තූර 3ත් එක්ක මේ කතාව පළකරන්න හිතුවේ මේකේ යම් රසවත් සහ සුන්දර බවක් තියෙන නිසා. ඒ වගේම මේ වෙසක් මාසේ අපි ජීවිතේ ගැන බොහෝ පාඩම් ඉගෙනගත යුතු කාලයක් නිසා. අපේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකම් නැතිවෙලා ගිහිල්ලා. ජීවිතේ හැමදාම තමන්ට වීරයෝ වගේ මේ ඉන්න විදියටම ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න නිසා මේ කතාව අපි ඔබට කියන්න හිතුවා.

මේ කතාවට අදාළ වෙන්නේ හලාවත තරුණ තරුණියන්ව පිස්සු වට්ටපු අපූරු මනුස්සයෙක්. ඔහුගේ නම නිශ්ශංක කියලා තමයි මේ සමාජ මාධ්‍ය පිටුවේ සඳහන් කරලා තිබුණේ. ඔහු ලංකා ශූරතාව දිනූ කායවර්ධන ශූරයා. අපට දින වකවානු ගැන සඳහනක් නොවුණත්, ඒ, 1960-70ටත් කලින් විය යුතුයි කියලා සමහර වෙලාවට අපට හිතෙනවා. ඇතැම් වෙලාවට මේක 1980දී වගේ සිදුවූවක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔහු තමයි හලාවතින් බිහිවෙච්ච ශ්‍රී ලංකාවේ ජාතික කායවර්ධන ශූරයා. ඔහුගේ නම නිශ්ශංක. ඔහු ශ්‍රී ලංකා ධජය යටතේ ආසියානු තරගාවලිය පවා නියෝජනය කරපු කෙනෙක් කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඔහු තමන්ගේ ශරීරය අපූරුවට හදාගෙන ඉතා කඩවසම් තරුණයෙක් විදියට ජීවත් වෙච්ච කාලෙ පින්තූරයක් මේ සමාජ මාධ්‍ය පිටුවේ පළවෙලා තිබුණා. ඒකෙ තිබුණේ මෙන්න මෙහෙම කතාවක්.

‘අද ජීම්කාරයෝ ඕනෙ තරම්. එදා හලාවත සුපිරි පොර කවුද? ලංකා ශූරතාව දිනූ කායවර්ධන ශූරයා. නිශ්ශංක. ඔහු ආසියානු තරගාවලිය නියෝජනය කළා. සුන්දර ලස්සන ඇඟට හලාවත කෙල්ලො පිස්සු වැටුණා. කාලය කෙතරම් නපුරුද කියලා හිතෙනවා. ජීවිතේ කියලා කියන්නේ සුන්දර වගේම අසුන්දර එකතුවක්. කබාය ඉරිලා කුමක් කරන්නද ගීතය ඇහෙනවා ඈතින්….’ එච්චරයි ඔහු ලියලා තියෙන්නේ. පින්තූර 3ක් තියෙනවා. එක් අයෙක් තමන්ගෙ ශරීරය පෙන්වමින් කායවර්ධන ශූරයෙක් බව පෙන්වන පින්තූරයක්. ඒ වගේම ඒ පින්තූරය අතේ තබාගත් වයෝවෘද්ධ පුද්ගලයෙක්ගෙ පින්තූරයක්. සුදු හිසකේ සහිතව අහිංසක සිනාවකින් මුව සරසාගත් මනුස්සයෙක්ගෙ පින්තූරයක්.

මේ අවසාන පින්තූර දෙකේම කලක් විභූෂිතව බැබළුණු, අද වෙද්දී යම් ආකාරයකින් ගරාවැටුණු නමුත් නටබුන් බවේ පවා අභිමානය රැඳි සිරුරක හිමිකම අපට පෙනෙනවා. ශරීරයේ ඉලිප්පුණු මස්පිඬුවල යම් වැහැරුණු බවක් පෙනුණත්, ඔහු එදා කායවර්ධන ශූරයකුව සිටි බවට මේ පින්තූර සාක්ෂි දෙනවා. ඇත්තටම සමාජ මාධ්‍ය පිටුවල පළවෙන සමහර කාරණා ගැන දෙතුන් පාරක් නෙවෙයි හය හත්පාරක්ම හොයලා තේරුම්ගත යුතු බව අපි දන්නවා. නමුත් මේ කතාව ඇත්ත නම් මේක අපූරු කතාවක්. හැබැයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. අපි හැමදාම රටේ නම ලෝකෙට අරන් ගියපු ක්‍රීඩකයන්ව ඉක්මනට අමතක කරනවා. ඒ නිසා මේ මොහොතෙවත් මේ පාඩම ඉගෙනගෙන මේ ක්‍රීඩකයන්ගේ නම්ගම් ඉක්මනට අමතක කරන එක නතර කරලා ක්‍රීඩකයන්ට යැපෙන්න පුළුවන් පරිසරයක් මේ රට ඇතුළේ නිර්මාණය කරන්න හැමෝම කල්පනා කරන්න ඕනේ. අඩුම තරමේ ඒකට කෝටි ගණන් මිලියන ගණන් සල්ලි හම්බ කරන ක්‍රිකට් ක්‍රීඩකයොවත් මූලිකත්වය ගත්තොත් අපේ රටේ ක්‍රීඩාවන්, අර ක්‍රීඩාව, මේ ක්‍රීඩාව කියලා වෙනසක් නැතිව ආරක්ෂා වේවි. අපේ රටේ ඔලිම්පික් කණ්ඩායමේ නායකයෙක් ලංකාව අතහැරලා ගිහින් වෙනත් රටක පදිංචි වෙන්නේ තමන්ටත් අනෙක් අයට වගේ සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය නිසා කියලා. ඔහු කියනවා මට කාර් එකක් අරගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ලංකාව ඇතුළේ නෑ කියලා. ඔහුගේ ක්‍රීඩාව මොකක්ද කියලා වැඩි විස්තර සහිතව පැහැදිලි නොකළත් එහෙම එකක් ඇත්තටම සිදුවුණු බව විතරක් මතක තියාගන්න. ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා වෙලා හිටපු කෙනෙක්ට නගර සභාවක කනත්තක තණකොළ කපන රස්සාව ලැබුණු රටක් මේක. ඇත්තටම මේ අයව ආරක්ෂා කරගන්න නිසි වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුයි වගේම, ක්‍රීඩකයොත් මතක තබාගත යුතුයි කලාකාරයෝ වගේම තමන්ට ලැබෙන මුදල ආරක්ෂා කරගෙන රටට වැඩක් ඇති අය බවට පත්වෙන්න. එහෙම නැත්නම් ජීවිතේ අවසන් කාලෙ දුක සේ ගතකරන ගමන් කාටවත් බැණලා වැඩක් නෑ. නමුත් කලාකරුවන්ට තරම්වත් අපේ රටේ ක්‍රීඩකයන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරලා, ඔවුන්ට පුහුණුවීම් සඳහා අවශ්‍ය මිල මුදල් දීලා, ජාතික ශූරතාව දිනාගත්ත කෙනෙකුටවත් යැපෙන්න පුළුවන් විදියේ ක්‍රමවේදයක් නිර්මාණය නොවෙනවා නම් ඒක හුඟක් කනගාටුදායක තත්ත්වයක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ප්‍රචණ්ඩත්වය ඉහළ යයි! ශ්‍රේෂ්ඨාධිකරණය රිමාන්ඩ් එකේ සිටි ඉම්රාන් ඛාන් නිදහස් කරන්න නියෝග කරයි!

Next Post

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිගෙන් ගුටි කෑ පියත් නිකේෂලව බලන්න ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා 72 වාට්ටුවට යයි! පියත්ගෙ ඔළුවට වැදුණු පොලු පාරකින් ඇහේ පෙනීම අඩුවෙලා! මාරාන්තික ප්‍රහාර කීපයක්ම එල්ල වෙලා! ආයෙත් දේශපාලකයන්ගේ පරණ පුරුදු මතුවෙලා! තරුණ නැගිටීමක් ආයෙත් ඇතිවේවි! VIDEO

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.