• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීනි සමාගමට දැවි තෙල් වෙනුවට කළු තෙල් පාඩුව කෝටි හැත්තෑපහයි! ප්‍රජා සංවිධානවලින් කෙරෙන වාර්ෂික ගසාකෑම කෝටි ලක්‍ෂ ගණනින්! සමාජ හිරිහැරය ඊටත් වැඩියි! මුලතිව් තේක්ක රක්‍ෂිතයේ දැව හෙළීමේදී දැනට අලාභය දෙකෝටි පනස් ලක්‍ෂයකට වැඩියි! දුම්රියේ වාර්ෂික ආදායම කෝටි 200යි! අතිකාල කෝටි 220යි! බද්දේ හොද්ද…!

January 26, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
සීනි සමාගමට දැවි තෙල් වෙනුවට කළු තෙල් පාඩුව කෝටි හැත්තෑපහයි! ප්‍රජා සංවිධානවලින් කෙරෙන වාර්ෂික ගසාකෑම කෝටි ලක්‍ෂ ගණනින්! සමාජ හිරිහැරය ඊටත් වැඩියි! මුලතිව් තේක්ක රක්‍ෂිතයේ දැව හෙළීමේදී දැනට අලාභය දෙකෝටි පනස් ලක්‍ෂයකට වැඩියි! දුම්රියේ වාර්ෂික ආදායම කෝටි 200යි! අතිකාල කෝටි 220යි! බද්දේ හොද්ද…!
Share on WhatsAppShare on Facebook

(1) සීනි සමාගමට දැවි තෙල් වෙනුවට කළු තෙල් පාඩුව කෝටි හැත්තෑපහයි.

සීමාසහිත ලංකා සීනි සමාගමේ පැල්වත්ත සහ සෙවනගල ඒකකවල බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගැනෙන දැවි තෙල් (Furnace Oil) සපයා ගැනීමේ දී 2020 ජූනි සිට 2021 මාර්තු දක්වා කාලයේ දී රුපියල් හැත්තෑපන් කෝටියකට (75,00,00,000) ආසන්න අලාභයක් සිදුවී ඇති බව විගණන ආරංචි කියයි.

එසේ වී ඇත්තේ සමාගමට 2020 දී පත්ව ආ නව සභාපති නිමල චන්ද්‍ර යන අය විසින් එතෙක් පැවැති දැවි තෙල් මිලදී ගැනීමේ ක්‍රියා පිළිවෙත වෙනුවට ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ සැපයුම්කරුවකු තෝරාගැනීමෙන් පසු බව විගණන ආරංචි කියයි.

කතාව මෙසේය.

නව සභාපතිගේ ප්‍රසම්පාදන ක්‍රමවේදය කියාත්මක කිරීමට පෙර සීනි සමාගම ඍජුවම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැවි තෙල් මිලට ගෙන තිබේ. මෙරට දැවි තෙල් කළමනාකරණයේ තනි බලධාරියා එම සංස්ථාවය. ඒ සමයේ සංස්ථාව දැවි තෙල් ලීටරයක් අලෙවි කළ මිල රුපියල් 96කි. එහෙත් සීනි සමාගම සහ ගිවිසුමට එළැඹි සැපයුම්කාර සමාගම ගිවිසගෙන ඇත්තේ ලීටරයක් රුපියල් 94.75කට සපයන බවටය.

සැපයුම්කරු විසින් ඛනිජ තෙල් සංස්ථාවෙන් රුපියල් 96කට මිලට ගනු ලබන දැවි තෙල් ලීටරයක් රුපියල් 94.75කට සීනි සමාගමට සපයන්නේ කෙසේදැයි යන කුකුස ගැන රජයේ විගණන නිලධාරීන් පරීක්‍ෂා කරනු ලැබීමේ දී රහස අනාවරණ වී තිබේ.

සැපයුම්කරු දැවි තෙල් වෙනුවට සපයා ඇත්තේ කිසිදු වටිනාකමක් නැති කළු තෙල්ය (Black Oil). නැව්වලින්, යන්ත්‍ර සූත්‍රවලින් බැහැර කෙරෙන පාවිච්චි කළ කළු තෙල් නොමිලේම ලබාගෙන ඇති බවද අනාවරණ වී තිබේ.

පාවිච්චි කළ කළු තෙල් පරිසරයට හානි නොවන අන්දමින් නැව්වලින් බැහැර කළ යුතු බවට පවත්නා නීති හේතුවෙන් විශාල මෙහෙයුමක් ඒ නැව් සමාගම්වලට අනුගමනය කළ යුතු නිසා ඒවා ඉල්ලුම් කරන ආයතනවලට නොමිලේම ලබාගත හැකි වේ. සැපයුම්කරු සීමාසහිත ලංකා සීනි සමාගමේ පැල්වත්ත සහ සෙවනගල ඒකකවලට සපයා ඇත්තේ ඒ අන්දමින් ලද කළු තෙල් බව විගණනය කියයි. එම තෙල් භාවිතයෙන් සිදූවූ බොයිලේරු හානි, බොයිලේරු අකර්මණ්‍ය වීමෙන් එතනෝල් නිෂ්පාදනය කිරීමට නොහැකිවීමෙන් සිදුවූ පාඩු ආදිය ගණනයේදී සමස්ත පාඩුව රුපියල් කෝටි 75,00,00,000 ආසන්න බව විගණනය පෙන්වා දී ඇත.

(2) ප්‍රජා සංවිධානවලින් කෙරෙන වාර්ෂික ගසා කෑම කෝටි ලක්‍ෂ ගණන්. සමාජ හිරිහැරය ඊටත් වැඩියි.

ප්‍රජා සංවිධානවලට (ග්‍රාම සංවර්ධන, මරණාධාර සහ වැඩිහිටි වැනි) ඍජු කොන්ත්‍රාත් ක්‍රමයෙන් කොන්ත්‍රාත් පැවරීමට මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කෙරුණු 2012/05 චක්‍රලේඛය මගින් රටේ සංවර්ධනය සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදනවලින් 40%ක් පමණ තත්කාර්යයට නොයෙදෙන බව (මාටියා ගසන බව) විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට අවස්ථා ගණනාවකදී මේ වන විට වාර්තා කර තිබේ.

දිස්ත්‍රික්කයකට රුපියල් පන්ලක්‍ෂය බැගින් වන පරිදි දිස්ත්‍රික් 24ට ප්‍රතිපාදන සැලසුවේ වී නම් 2012 ජනවාරි (2022.12.31) දක්වා වසර දහයට 40%ක් වන පරිදි යටිමඩි ගසාගෙන ඇති බවට උපකල්පනය කළහොත් අපතේ යාම අවම වශයෙන් රුපියල් හාරකෝටි අසූලක්‍ෂයක්. (5,00,000 x 24 x 10 x 40 ÷ 100 = 4,80,00,000) බව නිල විගණන මතයයි. නොනිල වශයෙන් කියන අපතය 60%ක් පමණ වූ විට රුපියල් හත්කෝටි විසි ලක්‍ෂයකි. (5,00,000 x 24 x 10 x 60 ÷ 100 = 7,20,00,000)

ඍජු ක්‍රමය යටතේ කොන්ත්‍රාත් පැවරෙන්නේ ප්‍රජා සංවිධානවලට පමණක් බවට චක්‍රලේඛයේ විස්තර වූ හෙයින් කොන්ත්‍රාත් කාක්කෝ හතු පිපෙන්නාක් මෙන් ප්‍රජා සංවිධාන (කුමක් හෝ සමිතියක්) පිහිටුවා ගත්හ. ඒ සමිති බොහොමයක් පැවැත්වෙන්නේ පොදු ස්ථානයක නොව ඒ ඒ සමිතිවල සභාපති, භාණ්ඩාගාරික සහ ලේකම් යන බලපුළුවන්කාරයකුගේ නිවෙසකය. ගමකට එතෙක් සේවය සැදූ සමිතිවල බලය එමගින් දේශපාලන, ධන සහ දාමරික ශක්තිවන්තයන් විසින් අතට ගනු ලැබිණි.

විශ්‍රාමික පොලිස් නිලධාරීන්, විදුහල්පතිවරුන් වැනි ප්‍රජාවට බලපෑම් කළ හැක්කෝ එසේ සමිති පිහිටුවාගෙන ඇත්තෝය. සමිති නිලතලද නිවෙසේ ප්‍රධානියා ප්‍රමුඛ සාමාජිකයන් (බිරිය, දරුවන්, ලේලිලා, බෑනලා) අතරය. ගැත්තෝ කීපදෙනෙක් පමණක් සාමාජිකයෝය.

දේශපාලන හිතෛෂීභාවය නිසා වැඩිදෙනා සාමවිනිසුරුවරුය. ප්‍රජා පොලිස් ඒකකයේ නිලතල දරන්නෝ හෝ සාමාජිකයෝය. කිසියම් ප්‍රජා සංවිධානයක් විසින් ගිවිසුමකට එළඹෙනු ලබන කොන්ත්‍රාත්තුව කවර හෝ හේතුවක් නිසා වෙනත් පාර්ශ්වයකට උප කොන්ත්‍රාත් දීම සපුරා තහනම්ය. එහෙත් සමිතියක් විසින් එසේ පවරාගනු ලබන කොන්ත්‍රාත්තුව සමිතියේ සාමාජිකයන්ගෙන් ඉටුකරවා නොගෙන බාහිර කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලැබෙන ඉහළම ඉල්ලුමට සමිතියේ නිලධාරීන් විසින් සාමාජිකත්වයටද වසන්කර අත යට මුදලට පවරා දෙනු ලැබේ. සමිති විසින් භාරගනු ලැබූ ව්‍යාපෘතිවලින් 95%ක් එසේ බාහිර පාර්ශ්වවලට පවරා අයුතු ලෙස ලාභ උපයාගෙන ඇති බව විගණනය කියයි.

සමාජ පීඩනය

චක්‍රලේඛයේ දුබලතා නිසා සිදුවන මූල්‍යමය හානියට වඩා සිදුවන සමාජමය හානිය පිළිකාවකටත් වඩා භයානක බව විගණනයට අනාවරණය වී ඇත. (වැඩිදෙනකු නොදන්නා මේ තොරතුරු මේ ක්‍ෂේත්‍රය විගණනය කිරීමේ දී තමා අවබෝධ කරගත් බව කී නියෝජ්‍ය විගණකාධිපති මට්ටමේ නිලධාරියකු පැවැසුවේ මේවා නිරාවරණය කිරීම මාධ්‍යයේ යුතුකම බවය.) සමිතිවල නිලතල දරන්නන්ගේ පෞද්ගලික නිවෙසේම පවත්නා බැවින් නිවෙස් හිමි සමිති නිලධාරීන්ගේ මතයට එරෙහි වන්නන් මර්දනයට ‘උසී උසී’ කී විට බුරා පැනීමට සේම හපාකෑමටත් (පහරදීමටත්) නිවෙසේ මෙහෙකරුවන් සේම “අයියයලා”ද යොදාගෙන ඇති බව පොලිස් වාර්තාවලින් එළිවී ඇත. සමිති නිලධාරීන්ගේ මතය නීතිය වේ. ඔවුහු සමිතියේ ඒකාධිපති පාලනයක් ගෙනයති. මේ තත්ත්වය මේ වන විට කොන්ත්‍රාත් කරන නොකරන සෑම ප්‍රජා සංවිධානයකම (සමිති) පාහේ පොදු සාධකය වී තිබේ.

දිවයිනේ විවිධ පළාත්වලින් එවැනි පහරදීම් වැනි විවිධ ගැටුම්කාරී සිද්ධීන් බොහාමයක් වාර්තාවී ඇතත් ඒවා සමාජගත නොවීමට ප්‍රධාන හේතුව ඒ සමිති බොහොමයක් පැවැත්වෙන්නේ පොදු ස්ථානයක නොව ඒ සමිතිවල සභාපති, භාණ්ඩාගාරික සහ ලේකම් යන බලපුළුවන්කාරයකුගේ නිවෙස්වල නිසාය.

රඹුක්කන නගරාසන්නයේ සමිතියක තරුණ වැන්දඹුවක් නීති විරෝධී අන්දමින් සමිතියෙන් නෙරපා ඇත්තේ බලවන්තයකුගේ යෝජනාවට අකමැති වීම නිසාය. එම අසාධාරණකම්වලට එරෙහිව කතා කළ සාමාජිකයකුට වහාම නිවෙසින් දොට්ට බසින ලෙසට නිවෙස් හිමියා තර්ජනය කරනු ලැබුවේය.

සමිතියේ කෙරෙන මේ අකටයුතුකම් සම්බන්ධයෙන් සාමාජිකයන් කීප දෙනෙක් මේ ලියුම්කරුට විස්තර කරමින් ප්‍රාදේශීය ලේකම් රයා ඇතුළු බලධාරීන් දැනුවත් කිරීමට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන බව පැවසූහ.

බලවන්තයෝ නීති විරෝධී කටයුතුවල යෙදෙන්නෝය. දැව පෙළීම, ඇළ දොළෙන් වැලි ගොඩදැමීම්, කසිප්පු, කුඩු, ගංජා ජාවාරම හිතූමතේටය. ඔවුහු සාමදාන විනිශ්චයකරුවන් පමණක් නොව ප්‍රජා පොලිස් ඒකකයේ නිලතල දරන්නෝ හෝ සාමාජිකයෝය.

සමිති බලතල දඩමීමා කරගෙන තමන් නුරුස්සන සාමාජිකත්වයට හිංසා පීඩා කිරීමද නිමක් නැත. (ඉගෙනගන්නා දරුවකු ඇත්නම්, ගෙයක් දොරක් හදාගනී නම්) ඒ ආනිශංසයමය. (හොඳින් විභාගය සමත් වූ දරුවකුගේ සිරුරට ගිනිතැබූ තිරිසනා මෙන් තවත් රටේ සිටින බවද සිහි කරත්වා)

(3) මුලතිව් තේක්ක රක්‍ෂිතයේ දැව හෙළීමේදී දැනට අලාභය දෙකෝටි පනස් ලක්‍ෂයකට වැඩියි.

නිලධාරීන් දෙනෙකුගේත් රාජකාරි තහනම්.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් මුලතිව් තේක්ක රක්‍ෂිතයේ මේ දිනවල දැව සංස්ථාවෙන් ක්‍රියාත්මක කෙරෙන ගස් තුනී කිරීමේ (හෙළීමේ) කාර්යයේදී මේ දක්වා රජයට (මහජනයාට) සිදුවී ඇතැයි කියන අලාභය රුපියල් 2,50,00,000 ඉක්මවා ඇතැයි විගණන ආරංචි කියයි.

සහකාර ප්‍රාදේශීය කළමනාකරුවකුගේ සහ කණ්ඩායම් භාරකරුවකගේ රාජකාරිත් අත්හිටුවලා.

දැව හෙළීම හෝ තුනීකිරීම හෝ යන්නෙන් අර්ථ දැක්වෙන්නේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්‍ෂිතවල ගස් වර්ධනයේදී ඇතිවන භූමි ප්‍රමාණය සීමාවීමෙන් කුඩා ගස්වල වැඩීමට සිදුවන බලපෑම (බාල වීම) අවම කිරීම සඳහා මහ ගස් කපා ඉවත් කිරීමය.

මේ තුනී කිරීමේ (ගස් කපා ඉවත් කිරීමේ) නිසි බලධාරියා දැව සංස්ථාවය. දැව සංස්ථාව ඒ කාර්යය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා අඩුම ලංසුකරුට කාර්යය ගිවිසුමක් මත පවරාදෙනු ලැබේ. කොන්ත්‍රාත්තුව පවරාගනු ලැබූ තැනැත්තාගේ කාර්යය ගිවිසුමේ අන්දමට කැපීමට නිර්දේශිත ගස් නියමිත කාලය තුළ කපා (සංස්ථාවේ) ගිවිසුම්ගත ගබඩාවට ප්‍රවාහනය කර භාරදීමය.

විගණන ආරංචි නොනිල වශයෙන් කියන අන්දමට සංස්ථාවේ උසස් නිලධාරියකුගේ සහායෙන් ආයතනයට (සංස්ථාවට) සම්බන්ධ අයෙකුට නීති විරෝධීව ඒ කාර්යය පවරනු ලැබ තිබේ. කපා ඉවත් කළ යුතු බවට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රමාණය දැව ඝන මීටර් 1,500ක් වුවත් මේ ප්‍රමාණය ඉක්මවා කපා හොර රහසේ (වංචනිකව) බාහිර පාර්ශ්වයකට විකුණා ඇති බව අනාවරණය වී ඇතැයි විගණන ආරංචි කියයි. මේ පිළිබඳ දැව සංස්ථාවේ ඉහළ කළමනාකරණයෙන් විමසූ විට නම සඳහන් කිරීමට අකැමැති වූ නිලධාරියකු පැවැසුවේ තවමත් පරීක්‍ෂණය කෙරෙන බැවින් තොගයේ වටිනාකම දැනට අනාවරණය වූ තක්සේරු අගයට වඩා ඉහළ අගයක් ගන්නා බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ප්‍රාදේශීය සහකාර කළමනාකරුවකුගේ සහ කණ්ඩායම් භාරකරුවකුගේ රාජකාරි අත්හිටුවූ බවයි.

(4) දුම්රියේ වාර්ෂික ආදායම කෝටි 200යි අතිකාල කෝටි 220යි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සෑම වර්ෂයකම ආදායම ඉක්මවා වියදම වැඩිවී ඇතැයි රජයේ විගණකාධිපති කියයි. ඊට හේතුව වියදම් පාලනයේ දුර්වලතා බව සෑම වර්ෂයකම විගණන වාර්තාවලින් පෙන්වා දී ඇත. වියදම් අතරින් අතිකාල ගෙවීමේ දී නියමිත ක්‍රමවේදයක් නැති බව කියයි. රජයේ සෑම නිලධාරියකුටම හෝ සේවකයකුටම හෝ දෛනිකව රාජකාරි කළ යුතු නියමිත පැය ගණනක් ඇතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ රියැදුරු සහ නියාමකවරුනට අතිකාල ගෙවීමේ ඒ නීතිය බල නොපාන බව රජයේ නියෝජ්‍ය විගණකාධිපති මට්ටමේ නිලධාරියෙක් කීවේය. ඒ නිසා ඒ නිලධාරීන්ට රාජකාරි කරන සෑම පැයක්ම අතිකාල පැයක් සේ ගණනය කර ගෙවීම් කෙරෙන බව ද කීවේය. එපමණක් නොව මේ වනවිට විශ්‍රාම ලබා වසර හත අටක් වන ඇතැම් නිලධාරීන් ද කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් විශ්‍රාම වැටුපට අමතරව කොන්ත්‍රාත්තුවේ වැටුපද වශයෙන් දෙආකාරයෙන් වැටුප් ලබන බව ද කීවේය.

විගණකාධිපතිවරයා මේ පිළිබඳ වරක් වාර්තා කළත් ඉන් අනතුරුව ඒ පිළිබඳ පසුවිපරමක් නොකිරීම ද තත්ත්වය උග්‍ර වීමට හේතුවක් බවද එම විගණන නිලධාරියා කීවේය.

(5) බද්දේ හොද්ද

පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් පෙරටු කොටගත් සියල්ලන්ටත් මේ දීමනාව ලැබේ. මහ බැංකු නිලධාරීන්ගෙන් මෙතෙක් ඒ බදු මුදල අයකර නොගත්ත ද අලුත් නියෝගය අනුව අයකර ගැනේ.

එහෙත් ඒ වෙනුවට ඊට වඩා දීමනාවක් මේ වන විට ගෙවනු ලැබේ. (එය වමතින් දී දකුණතින් ගැනීමට සමාන බව කියති)

රාජ්‍ය නිලධාරීන් මාසිකව උපයන ආදායමෙන් බද්දක් ගෙවීම නියෝගයකි. ඒ සඳහා පාදක කරගැනෙන්නේ වැටුප, ඉන්ධන, ප්‍රවාහන සහ ගෙවල් කුලී ආදී දීමනාය. පාර්ලිමේන්තු මංත්‍රීවරු මේ සියල්ලට අමතරව එක් එක් කාරකසභා ආදියට ද සහභාගි වීම වෙනුවෙන් දීමනාද ලබත්.

රාජ්‍ය අමාත්‍යවරයන් ඇතුළු අමාත්‍යවරයන්ටද මාසයකට එක් වාහනයකට ලැබෙන ඩීසල් ප්‍රමාණය ලීටර් 750කි. ඔවුනට හිමි වාහන ප්‍රමාණය තුනකි. ඒ අනුව මාසිකව ලබාගන්නා ඩීසල් ප්‍රමාණය ලීටර් 2250කි. ලීටරයක් රුපියල් 410කි. මේ අනුව ඔවුනට මාසිකව හිමිවන ඉන්ධන දීමනාව පමණක් රු. 9,22,500කට සමානය.

වරාය, ටෙලිකොම් වැනි ඇතැම් රාජ්‍ය ආයතන විසින් මේ බද්ද තම සේවක නිලධාරීකාරකාදීන් වෙනුවෙන් දැරේ.

එහෙත් සෙසු රාජ්‍ය නිලධාරීහු (විගණකයන්ද ඇතුළු) තමන්ගෙන් බදු වශයෙන් කොටසක් අයකරගනු ලැබීම සාධාරණ නොවන බවද, රාජ්‍ය නිලධාරීන් කොටස්කර බදු අයකිරීම අසාධාරණ බවද විගණනයෙන් පෙන්වා දී ඇත.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කංචන වැරදි නෑ! මෝඩයි! ඇමැතිට ප්‍රහාරය සභාපතිගෙන් දිගටම! VIDEO

Next Post

ව්‍යවස්ථා සභාවේ ඉන්න අයට ඥානය පහළ වේවා! ඡන්දයක් තියන වෙලාවක මැතිවරණ කොමිසම පත්කිරීමට උත්සාහ ගැනීම සුදුසු නෑ! VIDEO

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.