ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙන දිනය වන ලබන 15 වැනිදා විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි නීති දිසාව සහ වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව සෑම පොලිස් ස්ථානයකම මැතිවරණ මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මක කොට ඇති බවත්, ඊට අමතරව පොලිස් කොට්ඨාස මට්ටමින් පොලිස් මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කළේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් මේ වනවිට පොලිසිවලට වාර්තා වී ඇත්තේ දහයකට අඩු සංඛ්‍යාවක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
වෙනදා මෙන් ක්‍රියාත්මක වන මාර්ග බාධක යොදා සිදුකෙරෙන හදිසි වාහන පරීක්ෂා කිරීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ගුණසේකර මහතා සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න