ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කිරීම සඳහා නීති විරෝධී පෝස්ටර්, කටවුට් ගලවා ඉවත් කිරීම සඳහා සියලු පොලිසි ආවරණය වන පරිදි කම්කරුවන් 1,500ක් තාවකාලිකව බඳවාගැනීමට පියවර ගෙන ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා ‘මව්රට’ට පැවැසීය.
මැතිවරණ නීති කඩකිරීමට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී මැතිවරණ පනතට අනුකූලව පොලිස් ඇප මත මුදාහැරිය හැකි සහ පොලිස් ඇප ලබා නොදී අධිකරණයට ඉදිරිපත් කළ යුතු වරදවල් පිළිබඳ පැහැදිලිව පොලිසිවලට උපදෙස් දී ඇති බවද ඔහු සඳහන් කළේය.
පොලිසිවලට අනුයුක්ත කර ඇති තාවකාලික කම්කරුවන් යොදවා නීති විරෝධී පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමේ මෙහෙයුම් පසුගිය 17 වැනිදා සිට ආරම්භ කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
පසුගිය බදාදා වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 20ක් පමණ පොලිසිවලට වාර්තා වී තිබූ බවත්, ඒ අතර බැණ තර්ජනය කිරීම් සහ නීති විරෝධීව පෝස්ටර් ඇලවීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳ පැමිණිලිද වූ බවයි ඔහු සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න