• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඩදියලුම මියගිය තරුණිය ඔබට තියා ගිය පණිවුඩය කියෙව්වද? I Sri Lanka Latest News

May 25, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උඩදියලුම සිදුවීම මේ වන විට මුළු රටේම ඉතා ආන්දෝලනාත්මක සිදුවීම බවට පත්ව තිබේ. ඉන් ඉතා ශෝචනීය තරුණියක මියගියාය. මේ මරණය සම්බන්ධයෙන් විවිධ කතන්දරද පැතිරෙමින් තිබේ. මේ තරුණයා ඈව හැර ගියාද? නැත්නම් මියයන තුරු ඈ වැලඳගෙන උන්නාද? එසේත් නැත්නම් ඈ මියයන්නේ හුදෙකලාවද? ඇත්තටම ජංගම දුරකතනවලට සංඥා නැති වුණාද? මේ සියල්ල ගැන වෙනමම අධ්‍යයනය කළ යුතුය. අප මේ ලියන්නේ ඒ වෙනුවෙන් නොවන බව ඔබට සිහිපත් කළ යුතුය.(Sri Lanka Latest News)

දැන් පස්ශාත් මරණ පරීක්ෂණ පැවැත්වීම පත්තරකාරයන් ලෙස අපේ රාජකාරිය නොවන බව අප විශ්වාස කරන්නෙමු. ඒ නිසා අප මින් මතු මෙවැන්නක් සිදු නොවන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුය. ට්‍රැවල් කිරීමත්, රාත්‍රියේ කූඩාරම් ගැසීමත්, මේ සියල්ල ගැන මීට වඩා උනන්දු විය යුතු බව අප තරුණ තරුණියන්ට ඉතා ආදරෙන් මතක් කරන්නෙමු. මේ සිදුවීම ඒ සඳහා ඔබට විශාල පාඩමක් කියාදෙනු ඇත.

සාමාන්‍යයෙන් ඔබ වනාන්තරයක නතර වන්නට යනවා නම් එහිදී ආරක්ෂාවට අවශ්‍ය කරන උපක්‍රම හොඳාකාරවම දැන සිටිය යුතුය. එසේම ආරක්ෂාව සඳහාත් තමන්ගේ පහසුව සඳහාත් වුවමනා කරන උපකරණ සියල්ල ඔබ රැගෙන යා යුතුය. ඉන් අනතුරුව වනාන්තරයක දිග පළල දන්නා, මං මාවත් දන්නා, නතර විය යුතු තැන් දන්නා මඟ පෙන්වන්නෙක්, ගම් වැසියෙක්, අහල පහළ අයෙක් ඔබ සමග යා යුතුමය.

ඒ සඳහා මුදල් වියදම් වීම හෝ ඒ සඳහා යම් වෙහෙසක් දරන්නට සිදුවීම ගැන ඔබ නොතකා සිටිය යුතුය. එසේ නොවුණහොත් මෙවැනි විපත් අනිවාර්යයෙන්ම සිදුවීමට ඉඩ තිබේ. ලංකාවේ ප්‍රධාන පෙළේ වනාන්තර සියල්ලෙහිම පාහේ අලි, කොටි, වළස්සු වැනි සත්තු අනිවාර්යයෙන්ම ඔබට හමුවිය හැකිය. එහිදී අලියාගේ පහරදීමේ සීමාව, කොටියාගේ පහරදීමේ සීමාව, වළහාගේ පහරදීමේ සීමාව ඔබ දැන සිටිය යුතුය.

අලි එන බවට ඔබට ලැබෙන ආරංචිය පිළිබඳ ඔබට ඉතා ඉහළ අවබෝධයක් තිබිය යුතුය. වෙනත් සතෙක් ඔබ අසල ගැවසෙන බවද අවබෝධ කරගන්නට තරම් ඔබට දැනුම තිබිය යුතුය. වල් ඌරා පවා සමහර විට ඔබට අනතුරු සිදුකළ හැකි සතෙකි. යම් කිසිවෙක් එය එසේ නොවේ යැයි තර්ක කරන්නේ නම් අපට කියන්නට තියෙන්නේ එය ඔබේ නොදන්නාකම බවය.

මේ සිදුවීම දෙස බලන විට උඩදියලුම සුරැකීමේ සංවිධානයේ මඟ පෙන්වන්නන් සහ එම සංවිධානය නියෝජනය කරන්නන් පවසන කාරණා ඔබ කිසිසේත්ම බැහැර නොකළ යුතුය. මක් නිසාද යත් ඒවා උඩදියලුමට පමණක් නොව, ඕනෑම තැනකට අදාළ නිසාය. මේ සංචාරක ගමනාන්තයේදී ඔවුන් දෙදෙනා එක් මඟපෙන්වන්නකු සමග මේ ස්ථානයට පැමිණ ඇත.

එසේ පැමිණෙන ඔවුන් තමන්ගේ නවාතැන් ගැනීමේ ස්ථානය තෝරා ගන්නේ පොදුවේ ඒ සඳහා වෙන් කරන ලද ස්ථානය නොවේ. ඇතැම් විට ඒ ස්ථානය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නොතිබුණා විය හැකිය. නමුත් සිදුවිය යුත්තේ වනාන්තරයක හෝ කුමන හෝ ස්ථානයක රාත්‍රිය ගතකරන්නට නතර වන විට ඒ සඳහා නියම කරන ලද ස්ථානයේ, නියම කරන ලද කාලයේ, නියම කරන ලද ආකාරයෙන් නතර වීමය.

එසේම තවත් ඉතා වැදගත් කාරණයක් හඳුනාගන්නට තිබේ. ඒ, පිරිසක් සමග මිස හුදෙකලාව වනාන්තරවල නතර නොවිය යුතු බවය. ශ්‍රී ලංකාවේ වනජීවී සහ වන සංරක්ෂණ නීතිරීති අනුව ඔබට ඔබේ ජීවිතය ආරක්ෂා කරගැනීමට අවසාන තත්පරය තෙක් සතෙක් සමග සටන් කර හෝ ඒ සතා මරදැමිය නොහැක. කිසිම සතෙක් මරාදැමීමට ඔබට අවසර නැත. ඔබට අවසර ඇත්තේ සතුන්ටත්, ගහකොළවලටත්, පරිසරයටත් හානි නොවන ආකාරයෙන් එම පරිසරයේ සුන්දරත්වය විඳින්නටත්, දකින්නටත් පමණි.

මේ තරුණයන්ට අලියා එන බවට වූ පූර්ව ආරංචි කිසිවක් ගැන අවබෝධයක් තිබී නැත. එසේම මෙහි ඉතා වැදගත් කරුණක් වන්නේ ඔවුන් වනාන්තරය තුළදී සපයාගත යුතු මූලිකම ආරක්ෂාව වන ගිනිමැලයක් දල්වා ගැනීමට තරම්වත් දැනුමක් නොතිබීමය. ඔවුන් කුමන හේතුවක් නිසා ගිනිමැලයක් දල්වා ගත්තේ නැද්ද යන්න කිසිසේත්ම පැහැදිලි නැත. ඇතැම් විට ඔවුන් දල්වා ගත් ගිනිමැලය නිවීගියා යැයි කිසිවකු අනුමාන කළ හැකි නමුත් එසේ ගින්න නිවීගිය බවට හෝ සලකුණක් මේ ස්ථානයේ දකින්නට නොලැබේ. එසේම අලියා සමග වූ ගැටුම අවස්ථාවේදී ඔවුන් කුමන ස්ථානයකට පලා ගියේද, ඒ සඳහා නිසි ආරක්ෂක පියවර ගත්තේද, කෑගැසුවේද, ගිනිමැලයක් දැල්වූයේද, ඒ කිසිවක් නැත. ඔවුන් සතුව අලි වෙඩි හෝ එවැනි වෙනත් කිසිවක්ද තිබී නැත.

ඒ නිසා මෙසේ පහරදීමකදී වෙන කරන්නටවත් වෙන කියන්නටවත් දෙයක් හෝ යමක් නැත. එසේම මෙහිදී දැකගන්නට තවත් ශෝචනීයම කාරණයක් වන්නේ ජංගම දුරකතනවල සංඥා නොමැති බව දැන දැනත් වනාන්තරයේදී තමන්ට මුහුණ දෙන්නට සිදුවන ගැටලුවකදී පිළියමක් පිළිබඳ කිසිම පූර්ව සූදානමක් ඔවුන් සතුව නොතිබීමය. ඇතැම් වෙලාවට සංඥා රහිත ස්ථානවලදී සමහර දුරකතන වර්ගවලට සංඥා තිබේ. ඒ නිසා එවැනි දුරකතනයක් රැගෙන යෑම, එසේත් නැතිනම් පණිවුඩයක් ලබාදිය හැකි ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීම, පණිවුඩයක් ලබාදිය හැකි ස්ථානයක් සොයාගෙන යෑම ඔබ විසින් කළ යුතුමය.

වනාන්තරයක නතර වන විට ඔබ සපයාගත යුතු මූලික දේවල් කිහිපයක් තිබේ. ඒවා ඔබ සතුව තිබිය යුතුය. කූඩාරමක් පමණක් තිබීමෙන් ඔබට වනාන්තරයේ නතර වීමට නොහැකිය. මූලික ප්‍රථමාධාර කිහිපයවත් ලබාදිය හැකි ආකාරයේ බෙහෙත් මල්ලක් ඔබ සතුව තිබිය යුතුය. ශ්වසනාධාර ලබාදීමේ ක්‍රමවේද, රෝගියෙක්ට මූලික ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේද දන්නා කෙනෙක් ඔබ සමග සිටීනම් ඔබ ඉතා සුරක්ෂිතය.

එසේම වනාන්තරය තුළදී රාත්‍රියක් ගතකරන්නේ නම් තනිව කූඩාරම් ඉදිකර ගන්නවාට වඩා කූඩාරම් කිහිපයක් එම ස්ථානයේ ඉදිකර ගැනීම ඉතා ඥානාන්විත ක්‍රියාවකි. මෙවැනි අවස්ථාවකදී අලියාගේ කුයිල පවා දන්නා ගැමියන් ඔබට අදාළ ගමෙන් සොයාගත හැකිය. ඔවුහු ඈත සිට අලියා එන බවට ආරංචි කියන්නට තරම් දක්ෂයෝය. ඒ නිසා එවැන්නන් නොසිටී නම් ඔබ කළ යුත්තේ වනාන්තරවල රැඳී නොසිටීමය. අලියා කොටියා, වළහා වැනි මිනීමරු සතුන් ගැන ඔබ තබන විශ්වාසය අතිශය භයානකය. වනාන්තරයේදී හෝ ගංගාවකදී ඇළක දොළකදී හෝ වැවකදී අදාළ ගැමියන් ලබාදෙන පුංචි පණිවුඩයක්වත් ඔබ ඉතා සිහිබුද්ධියෙන් අසා සිටිය යුතුය.

සමහර විට ඔවුන් ඔබෙන් ආතල් ගන්නවා යැයි ඔබට සිතිය හැකිය. ‘ඔය මිනිස්සු ගන්නේ ආතල් එකක්…’ යැයි ඔබ තවත් අයකු සමග පවසන්නට ඉඩ තිබේ. නමුත් වැදගත්ම කාරණය වන්නේ ඔබේ ජීවිතය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ඔබ සතුව වීමය. වනාන්තරය, ගංගාව, ඇළ, දොළ නොදන්නා තැනක් නම් එතැන සෙල්ලම් දැමීමට ඔබට කිසිසේත්ම අවසර නැත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපි හොලිවුඩ් චිත්‍රපටවලින් දැක්ක දේ ඇත්ත වෙන්නයි යන්නේ! නිව්යෝක් නගරය ගිලා බහින්න පටන් අරන්! PHOTOS I Sri Lanka Latest News

Next Post

රනිල් ජපන් අගමැති කිෂිඩා හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.