• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරියානාවෙන් මතු වී ලෝකයම මවිත කළ අද්භූත සතා…

April 24, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
මරියානාවෙන් මතු වී ලෝකයම මවිත කළ අද්භූත සතා…
Share on WhatsAppShare on Facebook

රාත්‍රී අඳුර මහ සයුර සිපගනිමින් තිබිණි. බටහිර අහස් කුස කෙළවර හිරුගේ කිරණ සැඟව යන අයුරු කියාපාමින් ගිනියම් පැහැයෙන් දිලිසුණේ තවත් දවසක නිමාව කියාපාමිනි. මොකක්දෝ ගුප්ත නිහැඬියාවක් කියාපාමින් මහ සයුරේ ජල කඳ නිසොල්මන්ය. එහෙත් යමක් සිදුවෙතැයි යන හැඟීමක් ජනිත කරවන පරිසර ස්වභාවයක් හාස්පස පැතිර යමින් තිබෙන බව ඕනෑම කෙනකුට සිතෙන තේරුම්ගත නොහැකි හැඟීමක් මිනිස් සිත් තුළට කාන්දු කරන්නට මහ සයුර වෙහෙස වනවා සේ දැනෙයි.

පැසිෆික් මුහුදේ බටහිර දිශාවට බරව ගමන් කළ ජපානයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගමන් වේගයද තරමක් වෙනස් වූයේ තමන් ගමන් කරනුයේ ලොව මවිතයට පත් කළ මරියානා අගාධය පිහිටි ප්‍රදේශය ආසන්නයෙන් යන්න දන්නා නිසා විය යුතුය. නෞකාවේ සිටි පිරිස අතර විවිධාකාර කසුකුසු පැතිර ගියේ ඔය අතරේය. ඔවුන් තම තමන් දන්නා ආකාරයේ අතීත කතන්දර සිහිපත් කරමින් මරියානා අගාධයේ බිහිසුණු බව සිහිපත් කරමින් සිටියේය.

හිටි හැටියේ මහ සයුරේ පෙර තිබූ නිහඬ නිසොල්මන් බව ගිලිහී ගියේය. ජල තලය ක්‍රමානුකූලව කැලතෙන ස්වභාවයක් දක්වා වර්ධනය වෙමින් නෞකාවේ ගමන් ස්වභාවයද වෙනස් කරමින් යම් තරමකට පැද්දෙන්නට පටන් ගත්තේය. ඇතුළත සිටියවුන්ගේ සිත් තුළ ජීවිත පිළිබඳ සැකය බිය දෙගුණ තෙගුණ වන්නට පටන්ගත් අතර ඔවුහු තම තමන්ගේ ජීවිත පිළිබඳ අවිනිශ්චිත හැඟීම් ඇතිකරගත්හ. තවකෙක් කිසිදා අත් නොවිඳි බිහිසුණු සහ මාරාන්තික අත්දැකීමක් ගැන භීතියෙන් කටයුතු කළහ. ගතවූයේ නිමේෂයකි. අතිවිශාල බරකින් යුත් නෞකාව මීටරයක් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉහළට එසවී යළිත් මහ සයුර මතට පහත් වූයේ ඇතුළත සිටියවුන් අතර මරණයේ බිය ඇතිකරමිනි. ඊළඟ වාරයේ නෞකාව සයුර තුළ සැඟවී යතැයි කාගේත් සිතුවිල්ල විය. එහෙත් ක්‍රමයෙන් ජල කඳ යළිත් සන්සුන් විය. නිහඬ විය. නෞකාවේ ගමන් වේගයද යථා තත්ත්වයට පත්විය. මුහුදේ එම භයානක ප්‍රදේශය පසුකරන තුරු කිසිදු ප්‍රාණියකුට වචනයක් හෝ කතා කරන්නට අමතකව තිබිණි.

පසුව සිදුවූ දෙය පිළිබඳ කාගේත් කතාබහට ලක්විය. ලොකු සතෙක් මුහුද යටින් ඇවිත් නෞකාවේ වැදුණා යැයි කපිතාන්වරයාගේ තීන්දුව විය. බොහෝ දෙනෙක් එය පිළිගත්තේය. එහෙත් ඊළඟ තර්කය වූයේ නැවක් මීටරයක් දෙකක් ඉහළට ඔසවන්නට තරම් ශක්තිමත් විශාල සතකු කොහේ සිටියාද යන්නයි.

මේ පුවත පසුව ලැව්ගින්නක් සේ පැතිර ගිය අතර කාගේත් නිගමනය වූයේ විශාල මෙගොල්ඩන් සතකු මරියානා අගාධය තුළින් මතුවී අවුත් නෞකාවේ වැදීමෙන් එසේ සිදුවූවා යන්නයි. දිගින් කිලෝමීටර් 1,500ක් පමණත්, ගැඹුර කිලෝමීටර් 11ක් පමණත් ඇතැයි සැලකෙන මරියානා අගාධයේ විශ්වාස කළ නොහැකි ප්‍රමාණයේ ජීවීන් සිටිනු ඇතැයි බොහෝ දෙනකුට සැක සිතන්නට මෙම සිදුවීම හේතුපාදක වූ අතර විවිධ පර්යේෂණ කණ්ඩායම් ඊට යොමු වීමටත් මෙය ප්‍රදාන සාධකයක් වූවාට සැකයක් නැත.

කෙසේ නමුත් බොහෝ විද්වතුන්ගේ මතය වී තිබුණේ මරියානාවේ ජීවයක් පවතින්නට ඉඩක් නොමැති බවය. එහෙත් සෝවියට් නෞකාවක් වූ වික්ටාස් නමැති නෞකාවේ පිරිසද මෙහි ජීවයක් ඇතැයි යන්න තර්කානුකූලව පිළිගත් පිරිසකි. ඔවුන් පවසන්නේ කාලයේ බලපෑමට හසු නොවූ හඳුනා නොගත් අමුතු ජීවීන් පවා මෙහි සිටිනු ඇති බවයි.

1960 වසරේත් මරියානා අගාධය පිළිබඳ ආන්දෝලනාත්මක මතවාද ඉදිරිපත්වූ කාලයකි. එකල ස්විට්සර්ලන්ත පර්යේෂකයන් වන ජැක් පිකාඩ් සහ ඔහුගේ මිතුරකු එක්ව විශේෂ සබ්මැරීනයක් නිර්මාණය කර මරියානාව තරණය කරන්නට කටයුතු කර ඇති අතර ඔවුන් විනාඩි 20ක් පමණ එහි පතුලේ රැඳී සිට ඇත. ඒ තුළ ජීවය පවතින බව තමන් සියැසින් දුටු බවත් ඔවුන් පවසා ඇති අතර බොහෝ දෙනෙක් තර්ක කරනුයේ මුහුදේ සාමාන්‍ය පීඩනය මෙන් 1,100 ගුණයක පීඩනයක් සහිත මරියානාව තුළ ජීවය රඳාපවතින්නේ කෙසේද යන්නයි.

කෙසේ නමුත් ජැක් තවත් විශේෂ රහසක් හෙළිකර තිබේ. ඒ, එකවර අතුරුදන් වීමේ හැකියාව සහිත තැටියක් හා සමාන යමක් තම සබ්මැරීනය වටා කරකැවුණු බවත්, එය හිටි හැටියේ අතුරුදන් වුණු බවත්ය. එය යානයක්ද ජීවියෙක්ද යන්න තමන්ට කිව නොහැකි බවද ඔහු පවසා ඇත.

මෙවැනිම තවත් පර්යේෂණයක් කිරීමට ඩොමා චැලෙන්ජර්ස් නෞකාව කටයුතු කර ඇත. ඔවුන් අධිතාක්ෂණය සහිත යකඩ බෝලයක් මරියානා අගාධය තුළට යවා ඇති අතර එය ඉතා සූක්ෂ්මව නෞකාවේ සිට නිරීක්ෂණය කළ හැකි ආකාරයට තාක්ෂණයද යොදාගෙන ඇත. මෙම විශාල ලෝහ ගෝලය මරියානාව තුළදී කිසියම් සතකුගේ ග්‍රහණයට හසුවූ බවත් ඉතා අසීරුවෙන් එය යළි ගොඩට ගෙන බලද්දී එය යම් සතකු විසින් සපා කා ඇති ආකාරයකුත් දිස්වූ බව ඔවුන් පවසා තිබේ.

බොහෝදෙනකු පවසන්නේ වසර මිලියන එකහමාරකට පෙර වඳවී ගියා යැයි සැලකෙන මෙගොල්ඩන් නමැති ජීවීන් කිසිදු ආපදාවකින් තොරව මේ තුළ වෙසෙන බවයි. මීටර් 20-30 අතර දිගින් යුත් ටොන් 50ට වැඩි බරකින් යුත් විශාල සතකු වන මෙගොල්ඩන් සතුන් ඇතැම් විට ඊටත් වඩා විශාල විය හැකි බවත් පර්යේෂකයන්ගේ මතය වී තිබේ. මෙම අසාමාන්‍ය ජීවියාගේ දතක්ද සොයාගන්නට පර්යේෂකයන් සමත්වී ඇති අතර එයින් යම් තරමකට සැකය ස්ථිර කරගන්නටද හැකිව තිබේ.

කුමාර රත්නායක
තොරතුරු – කාංචනා මධුවන්ති

SendShareShare
Previous Post

හෙට කැබිනට් රැස්වීම අතිශය තීරණාත්මකයි! මහින්දගෙන් ජනපතිට එරෙහි යෝජනාවක්! අලුත් ඇමැතිවරු කාගෙ පැත්ත ගනීද?

Next Post

වෙළෙඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් යුගල තරගාවලියේ කුසලාන ශූරතාව සෙලාන් බැංකුවට…

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.