• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, June 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ගුරු හොඳනම් ජීවිතේ දිනුම්

May 17, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ගුරු හොඳනම් ජීවිතේ දිනුම්
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතරින් වැඩි ප්‍රමාණයක් හොඳ ප්‍රතිඵල ලබාදෙනවා සේම යහපත උදාකරන්නේද ගුරු ග්‍රහය බවට පැරැන්නන් තුළින් ජ්‍යොතිෂය දන්නා සියලු දෙනා විශ්වාස කරති. ඕනෑම දෙයක් වර්ධනය කරන්නාද, දෙගුණ තෙගුණ කරන්නාද ගුරු ග්‍රහයා බවම පිළිගැනෙයි. එහෙයින් ඕනෑම මනුස්සයකුට දියුණු වීමටත් සාර්ථක වීමටත් ගුරුගෙන් ලැබෙනුයේ අසීමිත ශක්තියකි. එසේ ගුරු යහපත් දේට නොපැකිලව උදව් උපකාර කරන ග්‍රහයෙකි. එසේ ගුරු ග්‍රහයාගෙන් ලැබෙන හොඳ දේ අතර කීර්තිමත් නාමය, සාමාන්‍ය දැනීම, කලබල නොවීම, මධ්‍යස්ථව කටයුතු කිරීම, ගෞරවය රැකගැනීම, සමාජයට ප්‍රිය වීම ආදියට ගුරු ග්‍රහයා ප්‍රධාන වෙයි. තවද සමාජයට ප්‍රිය උපදවන හොඳ ගුණධර්මවලටද ගුරු ග්‍රහයා අධිපති වෙයි. උසස් අධ්‍යාපනය, නිරෝගීභාවය, චරිතවත් බව, ගුරුවරුන්ට සැලකීම, පිරිසිදු බව ගුරුගෙන් ලැබෙන අමතර දේවල්ය. ඒ අනුව ගුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ සිටින ස්ථානය අනුවද ඔබට ලැබෙන පලාපල සුබ අසුබ බව මෙලෙස හඳුන්වා දිය හැකිය.

ගුරු ලග්නයේ

ගුරු ග්‍රහයාට ලග්නය ප්‍රබල සහ බලවත් ස්ථානයකි. නිරෝගී කඩවසම් හෝ ප්‍රියමනාප අඟපසඟක් ලබයි. සියලුම කාර්යන්ගේ දක්ෂයකු ප්‍රවීණයකු බිහිකරයි. මේ අය කරන කියන සියල්ලෙන්ම ජය ලබන්නට වාසනාව ඇත්තන්ය. ගෞරව නාම ලබන්නේය. කීර්ති ප්‍රශංසා අඩු නොවේ. දීර්ඝායුෂ විඳීමට වාසනාව ඇත්තන්ය. තමා කරන සියල්ල තුළින් සාර්ථක ප්‍රතිඵල ලබන්නට වාසනාව ලැබෙයි.

ගුරු දෙවැන්නේ

යම් කෙනකුගේ කේන්දරයේ ගුරු ග්‍රහයා සිටිනුයේ දෙවැන්නේ නම් ඔහුටද ඉතා ප්‍රියමනාප සිරුරක් සහ මුහුණක් ලැබෙයි. තම පවුලට ඉතා තදින් ආදරය කරයි. බිරියට, දරුවන්ට පණ මෙන් ආදරය කරන්නෙකි. සිය උපන් තත්ත්වයට වඩා ඉතා ඉහළ උසස් තත්ත්වයකට පත්වීමේ භාග්‍යය මේ අය සතු හෙයින් ජීවිතයේ මැදි වයසේදී ඉහළ දියුණුවක් ලබයි. කිසිවකට පසුබට නොවේ. ධන යෝග සහිතව දෙවැන්නේ ගුරු සිටීමෙන් ජීවිතයේ වාසනාව උදාවන්නේ බලාසිටියදීමය.

ගුරු තුන්වැන්නේ

සිය සහෝදර සහෝදරියන්ට ඉතා හොඳට සලකන කෙනකු වෙයි. එහෙත් සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වේ. නිතරම සිය සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යෑමට උනන්දු විය යුතුය. මේ අයට එක් ස්ථානයක එක දෙයක් කරගෙන කාලයක් ඉන්නට හැකියාවක් නැත.

ගුරු හතරවැන්නේ

මේ අයට යාන වාහන සැප සම්පත් මෙන්ම ධන ධාන්‍යද මවුපියන්ගෙන් ලැබෙනු ඇත. එසේම කිසිදු මහන්සියකින් තොරව ධනය ඉපැයීමේ හැකියාව ඇත. සමාජයෙන්, නෑදෑයන්ගෙන් හොඳ සැලකුම් ලැබෙයි. සැප සේ ජීවත්වීමට ලැබේ.

ගුරු පස්වැන්නේ

ගුරු පහේ නම් දරුවන් වෙනුවෙන් පවා හරිහම්බ කර ඉතිරි කර දියුණුවක් ලබයි. පවුලේ යම් යම් ප්‍රශ්න පැනනැඟුණද ඒවා ඉවසාගෙන ඉදිරියට යනු ඇත. මවුපියන් ගැන නිතර සිතයි. හොඳ අධ්‍යාපනයක් ලබා ජීවිතය සාර්ථක කරගන්නට සිතයි.

ගුරු හයවැන්නේ

මේ අය සිය සෞඛ්‍යය ගැන ඉතා හොඳින් සිතා බලා කටයුතු කළ යුතුය. එසේම සිය අවශ්‍යතා සඳහාත් වැඩකටයුතු සඳහාත් අන් අයගේ උදව්ද ලැබෙනු ඇත. ණයවීමට කිසිදු කැමැත්තක් නැති අතර සිය වුවමනා කෙසේ හෝ තම මහන්සියෙන් සපුරා ගනී.

ගුරු හත්වැන්නේ

විවාහයෙන් පසුව දියුණුව ලැබීමට වාසනාව ඇත. යහපත් විවාහයක් සිදුවනු ඇත. ව්‍යාපාර කර දියුණු වීමට ඉතාමත් දක්ෂ අය වන අතර මේ අයට ඉහළ නිලතල ලැබීමටත්, රටතොට ප්‍රසිද්ධ වීමටත් වාසනාව ඇත. ආදරණීය බිරියක් ලැබෙනු ඇත.

ගරු අටවැන්නේ

විවාහයෙන් පසුව ඉඩකඩම් දේපොළ ලබා සාර්ථක ජීවිතයකට මඟ පෑදේ. ඉතා ඉහළ ගුණධර්ම ලබනු ඇත. කිසිදු දුකක් නැති මරණයක් හිමිවන්නේය.

ගුරු නවවැන්නේ

ගුරු ග්‍රහයාට හොඳම සහ සුබ ස්ථාන අතරින් නවවැන්න විශේෂ වෙයි. අන් අයගේ ගරු සැලකිලි නම්බු නාම නොඅඩුව ලැබේ. සියලු සැප සම්පත් කිසි අඩුවක් නැතිව ලබයි. වැඩිහිටියන්ගෙන් මවුපියන්ගෙන් ගෞරව ලැබෙයි.

ගුරු දසවැන්නේ නම්

ගුරු දහයේ සිටින විට හෙමින් හෙමින් අරමුණු කරා යයි. දියුණුවට කලබල නැත. රජයේ ඉහළ තනතුරු අපේක්ෂා කළ හැකිය. හොඳ රැකියාවකට වාසනාව ඇත.

ගුරු එකොළොස්වැන්නේ

හොඳ මිතුරන් ලබයි. කෙසේ හෝ දියුණු වීමට වාසනාව ඇත. සිය සැමියාට බිරියට ආදරය කරයි. සහයෝගයෙන් දියුණුව කරා යයි.

ගුරු දොළොස්වැන්නේ

දුක් කරදර සහිත වුවද අනෙකුත් ග්‍රහයන් බලවත් වීම තුළ අසුබතා මඟහැරෙනු ඇත. අන් අයට ඇප උපස්ථාන කරන්නට සිදුවිය හැකිය. නීතියෙන් දඬුවම් ලබන්නට සිදුවිය හැකිය. ප්‍රවේසම් විය යුතුය.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී
ජයශ්‍රී නන්ද කුමාර කුරුණෑගල

Share357Tweet223SendShare89
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් පහසු හා සුරක්ෂිත ගෙවීම් ක්‍රම රැසක්

Next Post

විමල්ගේ හිටපු මන්ත්‍රී පාස් නැතිව පාරේ ගිහින් පොලිසියට සද්දයකුත් දාලා (VIDEO)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Exclusive

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…

April 22, 2023
ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…
Exclusive

ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…

April 9, 2023
93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!
Exclusive

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!

January 18, 2023
2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න
Exclusive

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

January 2, 2023
ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…
Exclusive

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

November 16, 2022
රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…
Exclusive

රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…

November 8, 2022
Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...

Read more
Sri Lanka Latest News

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version