හිතේ ගතේ කාන්සිය නිවාගන්න නිවාඩුවක් ගතකරන්න හුඟක් අය තෝරාගන්නේ නුවරඑළිය. එහෙමත් නැතිනම් බණ්ඩාරවෙල. කොළඹ රත්වෙලා ගෙවන ජීවතය පොඞ්ඩක් සැහැල්ලු කරගෙන කූල්වෙන්න යන මේ ගමනෙ වැඩිම ආශ්වාදයක් ගන්න පුළුවන් කෝච්චියෙන් ගියොත් කියලත් මතයක් තියෙනවා. හැබැයි ඒ කතාව බොරුවක් කියලා බළන්ගොඩ බෙලිහුල්ඔය හරහා බණ්ඩාරවෙල ගිය කෙනෙක් නම් කියයි. මොකද මේ පාර කොච්චර සුන්දරද කියල ඒ අය දන්නවා.
අපි මේ පාර නිවාඩුව ගතකරන්න යන්නෙ ඒ පාරෙන්. හැබැයි බණ්ඩාරවෙල නම් නෙවෙයි. කොළඹ ඉඳලා බණ්ඩාරවෙලට යනව කියන්නේ ටිකක් වෙහෙසකර ගමනක්. ඉතින් අපි හිතුවා ඒ වෙහෙස ටිකක් නිවාගෙන කූල්වෙලා යන්න පුළුවන් තැනක් ගැන ඔබට කිව්වොත් හොඳයි කියලා. මේ නවානැන තියෙන්නෙ බෙලිහුල්ඔය. බෙලිහුල්ඔය කියන්නේ ලංකාවෙ තියෙන ලස්සනම පැත්තක් කියලා කවුරුත් දන්නවා.

ඔබ මේ පාරෙන් බණ්ඩාරවෙල, නුවරඑළියෙ ගිය කෙනෙක් නම් මතක් කරල බලන්න ඔබේ හිත නතරවුණු තැනක් මේ පාරේ තියනවා. ඒ තැන ටිකක් බලකොටුවක් වගේ. එක්දහස් අටසිය ගණන්වල සුදු ජාතිකයෙන් නිර්මාණය කරපු මේ නවානැන හඳුන්වන්නේ ඵදමබඑ ත්සැකා නමින්. මේ නිර්මාණය සුදු ජාතිකයෙක්ගෙ වුණාට වර්තමානයේ මෙහි හිමිකාරීත්වය දරන්නේ ඉමල්කා ගෲප් සමාගම.
කාමර 24කින් සමන්විත මේ නවාතැනට ඔබ එනවා නම් කලින් දැනුම්දීමක් කරලා ඔබට අවශ්‍ය වීව් එකක් සහිත කාමරයක් තෝරාගන්නවා නම් වඩාත් හොඳයි. ඊට අමතරව ඔබ වැඩකරන තැන සංවිධාන කරන දවසේ චාරිකාවකට වුණත් මේ නවාතැන විවෘතයි. ඔබ දුර පළාතක මංගල දිනය සැමරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒකටත් ඔබට මේ නවාතැනේ ඉඩ සැලසිලා තියෙනවා.
කෑම බීම ගැන කතාකරන කොට මෙහි වගාකරන එළවළු, පලතුරුවලින්ම ඒ ආහාර සකස් කරන බව තමයි කළමනාකාරතුමා අපි එක්ක කිව්වේ. ඒ බව අපටත් දැකගන්න ලැබුණා. කාර්යමණ්ඩලයත් ඉතාම සුහදයි. ඉතින් වැඩි කතා මොකටද? මේ දේවල්වල ඇත්ත නැත්ත දවසක් ඔබ ඇවිත්ම බලන්න.
නිශ්ශංක මුවර්