• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, December 9, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Holiday

ඇල්ලේ සැප දවසකට ලෙවොන්

August 28, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
ඇල්ලේ සැප දවසකට ලෙවොන්
Share on FacebookShare on Twitter

ඇල්ල තමයි ලංකාවේ පොහොසත්ම කඳුකර ගම්මානය. දිව්‍ය ලෝකේ සඳලුතලය කිව්වත් ඒකට කිසි වරදක් නෑ. ලංකාවට එන විදේශිකයන් පිස්සු වට්ටන ඇල්ල නගරය තමයි අපි මේ සති අන්තය ගතකරන්න තෝරාගත්තේ. ආරුක්කු නවයේ පාලම, පුංචි සිරීපාදෙ සහ රාවණා ඇල්ලේ සිරි නරඹා යන දේශීය සංචාරකයන්ට ඇල්ලේ සුන්දරම ස්ථානය මඟහැරෙනවා. ඒ තමයි ඇල්ල රොක්. ටර්පන්ටයින් වනාන්තර මැදින් යන්න තියෙන මේ සුන්දර අත්දැකීමේ අවසානය වචනයෙන් විස්තර කරන්න අපහසුයි.

ඇල්ලෙ ලස්සන බලන්න නම් කෝච්චියෙන් ඇල්ලට එන්න ඕන. ඇල්ල රොක් බලන්න යනව නම් ඔබගේ ගමනාන්තය වෙන්නෙ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය. කොළඹ ඉඳලා පැය 10ක පමණ ගමනාන්තයකින් පසුව හමුවන ඇල්ල නගරයේ ඔබ ඇවිදින්න එනව නම් අඩුම තරමේ දවස් දෙකක්වත් නවතින්න ඕනෙ.

එක දිගට වැඩකරලා හති වැටිලා මානසික වගේම කායික සුවයක් විඳින්න කොහේ හරි ලස්සන පැත්තක සංචාරය කරන ඔබේ නවාතැන හරි නැත්නම් පරිසරය කෙතරම් සුන්දර වුණත් ඔබේ ගමනෙන් වැඩක් නැතිවෙනවා. ඒ නිසාම තමයි ඇල්ල රොක් එන ඔබට හොටෙල් ලෙවොන් ගැන කියන්න හිතුවෙ. ඇල්ල රොක් එකට ළඟම නවාතැන තමයි හොටෙල් ලෙවොන්.

කිතල් ඇල්ල දුම්රිය ස්ථානය ළඟම තියන නිසා නවාතැන හොයන්න ඔබට එහෙ මෙහෙ ඇවිදින්න ඕනෙ වෙන්නෙ නෑ. සුන්දර කඳු පන්ති පෙළකින් වටවෙලා තියන මේ නවාතැන ඉදිරියෙන් පුංචි ගංගාවක් ගලාබසිනවා. ඇල්ලේ තියෙන සුන්දරත්වය ගැන අමුතුවෙන් ඔබට පද ගළපන්න ඕනෙ වෙන්නේ නෑනෙ. කෙටියෙන් කියනව නම් ඇල්ලෙ සුපිරිම තැනක තමයි හොටෙල් ලෙවොන් ඉදිකරලා තියෙන්නේ.

අතේ තියෙන මුදලට හිතේ හැටියට කාලා බීලා ගෙදර වගේ වැටිලා ඉඳලා යන්න පුළුවන් නවාතැනේ කාමර ගැන නම් විශේෂයෙන්ම කියන්න ඕනෙ. දැව නිමාවෙන් යුතු මේ කාමරයට ඇතුළුවෙන ඔබට සියලු සැපසම්පත් ලැබුණා යැයි සිතෙන්නට පුළුවන්. ඉතාමත් සුවපහසු නිදි යහනට අමතරව තරු පන්තියේ හෝටලයක කාමරයක ඇති සියලු දේ මෙහි ඇති බව නිසැකවම කියන්න පුළුවන්.

මෙහි හිමිකරු වන්නේ රේෂාන් ෆූ චේන්ග් (Reshan fu cheng kao) ඉතා ළාබාල තරුණයෙක් යටතේ පාලනය වන නිසා මෙහි එන සංචාරයක් සතුටු කරන්න ඔහු අද කාලයට ගැළපෙන ක්‍රම යොදාගෙන ඇති බව අපට පෙනීගියා. ඉතා සුහදශීලීව මෙහි එන සංචාරයන්ව පිළිගන්නා චේන්ග් කෝ, චීන සම්භවයක් තියන බණ්ඩාරවෙල ප්‍රදේශයේ තරුණයෙක්. හොටෙල් මැනේජ්මන්ට් පාඨමාලාව තවමත් හදාරමින් සිටින ඔහුගේ මූලික අරමුණ වන්නේ අපේකම ලෝකයට හඳුන්වා දෙන සුන්දර නවාතැනක් බවට මේ ස්ථානය පත්කීරීමයි.

රූෆ් ටොප් අවන්හලකින් සමන්විත ලෙවොන් හෝටලයේ කෑම ගැන නම් ඉතින් අමුතුවෙන් කතාකරන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකීය කුළුබඩු රසට හැපෙන ලංකාවේ කෑම වේලක් ගමකට ගිහින් කනවට වඩා රසට මෙහි ආවොත් ඔබට රස විඳින්න පුළුවන්. ඉතා සුහදශීලී කාර්යමණ්ඩලයේ ආගන්තුක සත්කාර විඳින ගමන් කෑම මේසයේ සිටම උඩරට මැණිකෙලගෙ, පොඩි මැණිකෙලගෙ හැඩ බලන්නත් මෙහි ආවොත් ඔබට පුළුවන්.

ඇල්ල රොක් යනවා නම් මෙතැන ඉඳලා හරියටම කිලෝමීටර් 03යි. රේල් පාර දිගේ ඇල්ල නගරයේ සිට පාගමනින් එන නඩයකට කිතල් ඇල්ලෙන් එකතුවෙලා පාළුවක් නැතුව ඇල්ල රොක් බලල අමතක නොවෙන සති අන්තයක් ගතකරලා යන්න දවසක ඔබත් මෙහෙ එන්න.

Booking.com හරහා හෝ 0702224620, (77) 773 0096 අංකයට ඇමතුමක් දී හෝ ඔබගේ දිනය වෙන්කරවා ගන්න පුළුවන්.

නිශ්ශංක මුවර්

ShareTweetSendShare
Previous Post

සීතාවක බලන්න රාජසිංහ කෝවිලට එන්න

Next Post

අද හෙටම යටවෙන දැරණියගල කරක්ගහමුද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සංචාරකයන්ගේ නොමනා වැඩ නිසා විනාශ වෙන සුන්දර හාවාගල කන්ද I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

රටේ ජනාධිපතිගේ නමවත් නොදන්න මිනිසුන් ජීවත් වන නකල්ස් කඳු මැද හැංගුණු ගම I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි… ඇසින් දුටුව නම් ඔබ වුණත් එය සිතයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ට්‍රිප් ගිහින් මේ වැවේ නාන්න නම් හිතන්නවත් එපා I Sri Lanka Latest News

Load More
Leave Comment
හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

ශානි අබේසේකර මහතාව වාහනයකින් හප්පා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරීන් විසින් පසුගිය දා...

Read more
සජිත් මිහින්තලා ගිය ගමනේදී නායක හාමුදුරුවෝ ආණ්ඩුවේ පතුරු යවයි! වහාම ජනාධිපතිවරණයක් හරි මහමැතිවරණයක් තියලා අලුත් නායකත්වයක් රටට ගේන්න! ආණ්ඩුව අතහැරලා දාපු පොසොන් පිංකම-සති පිරිත-ආලෝක පූජාව සම්පූර්ණයෙන්ම සජිත් බාරගනී! පුදබිමම සූර්ය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරන්නත් පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිහින්තලේ හිමියන්ගේ ජීවිතේට බරපතළ තර්ජනයක්! පක්ෂ භේද එපා! මිහින්තලේ නායක හිමියන්ගේ ජීවිතේ බේරගන්න පෙරට එන්න! විපක්ෂනායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමි ‘පොහොට්ටුවකුත්’ අරන් මාධ්‍ය හමුවට ඇවිත් පොහොට්ටුවෙන් කරන මඩ ප්‍රහාරයක් ගැන විශාල හෙළිදරව්වක් කරයි! ‘කෝටියක් දීපන්.. නැත්නම් උඹ මරනවා!’ වීඩියෝ එකක් පෙන්වා මරණ තර්ජන කළේ කව්ද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමියන්ගේ කෑමට වහ දාලා දෙන්නද යන්නේ? මෙන්න ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අපභ්‍රංස විදුලි බල ගැසට් එක අදත් පාර්ලිමේන්තුවේ පත්තු වෙයි! සජිත්-දයාසිරි-චරිත ඇමැති කංචනව වටකරයි! දෝෂ 42ක් තියෙන බව කංචන පිළිගනී! හදිසියේ ගේන්න හිටපු පනත ජනවාරි දක්වා කල්දාන්නත් එකඟ වෙයි! VIDEO I Sri Lanka Latest News

අපභ්‍රංස විදුලි බල ගැසට් එක අදත් පාර්ලිමේන්තුවේ පත්තු වෙයි! සජිත්-දයාසිරි-චරිත ඇමැති කංචනව වටකරයි! දෝෂ 42ක් තියෙන බව කංචන පිළිගනී! හදිසියේ ගේන්න හිටපු පනත ජනවාරි දක්වා කල්දාන්නත් එකඟ වෙයි! VIDEO I Sri Lanka Latest News

ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අසූචි පොහොර නැවේ ගනුදෙනුව නිසා රටට ඩොලර් ලක්ෂ 69ක් නැති වුණා! මිලියන 1382ක්! අන්තිමේ සල්ලිත් නෑ පොහොරත් නෑ! නැනෝ පොහොර වංචාව නිසා මිලියන 7840ක් රටට නැතිවුණා! මේවා විගණන වාර්තාවේ තියෙනවා! ඒ විගණන වාර්තා හැදුවේ සියලු සුදුසුකම් ඇති විගණකාධිපතිවරයා! එහෙම නැතිව යූනියන්වලින් පත්කරපු හොර විගණකයෙක් නෙමෙයි! හිතවත්කම් නැතිව වහාම විගණන වාර්තාව ක්‍රියාත්මක කරන්න! විපක්ෂනායක සජිත් අදත් අසූචි පොහොර වංචාව ගැන ආණ්ඩුවට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version