‘කූඹියෝ’ ගැන රසම රස කතන්දර අපි කොයි තරම් නම් පුංචි කාලේ අහලා තියෙනවද? ‘පායනා කාලෙදී’ සින්දුව අපි ඉගෙන ගත්තෙත් කූඹියෝ මුල් කරගෙනනේ. (Sri Lanka Latest News)
මේ කියන්න යන්නෙත් කූඹියෝ ගැන කතන්දරයක් තමයි. හැබැයි ඒ නම් කෑම හොය හොයා අතන මෙතැන හැම තැනම දුවන රතු පාට කළු පාට කූඹියෝ ගැන නම් නෙවෙයි.
මේ කූඹියෝ ගැන කතාව වෙන එකක්. මතකයිනේ කාලයක් අයි.ටී.එන්. චැනල් එකේ ගිය කූඹියෝ ටෙලිය. ඒකේ කූඹින්ගේ රජාට රඟපෑවේ තුමිඳු දොඩන්තැන්න. තුමිඳු ගැන අටුවා ටීකා මොටද? තුමිඳු කියන්නේ නොම්මර එකේ චරිතාංග නළුවෙක්. ඔහු ඇවිදින් සරල සිම්පල් කැරැක්ටර් එකක්. මේ ගොසිප් එකත් එයා ගැන තමයි. තුමිඳු කියනවා රංගන නළුකමට එයා කොයි තරම් කැමැති වුණත් නළුකම ඔළුවට ගන්න මනාප නැහැලු.
‘අන්න අන්න අපේ කූඹියා එනවා…’ කියලා මඟ තොටේ යන එනකොට ප්‍රේක්ෂකයෝ එයාට කෑගහනකොට ඒවාට සුහද ප්‍රතිචාර දුන්නට සාමාන්‍ය මිනිහෙක් විදියට පාරේ බැහැලා යන්න තියෙනවා නම් ඒක තමන්ට ලොකු නිදහසක් දෙන හැඟීමක්ලු. තුමිඳු ඒක කියන්නේ ලොකුකමකට නෙවෙයි කියලත් ඔහු කියනවා. කොහොමත් තුමිඳු ළඟ ‘පොර ටෝක්’ ‘ලොකු සීන්’ එහෙම නැහැ.
ළඟදීම කූඹියෝ ටෙලියේ දෙවැනි කොටසක් පටන්ගන්නවලු. මේ දවස්වල වවාගෙන ඉන්න ලස්සන හෙයාර් කට් එක ඒ වෙනුවෙන් මුඩු කරන්නලු ඔහු ලැහැස්ති වෙන්නේ. ඊට කලින් කරන්න තියෙන තව පුංචි පුංචි ප්‍රසන්ටේෂන් ටිකක් කරගෙනම එයාගේ ලස්සන කොණ්ඩේ මුඩු කරන්නයි තුමිඳුගේ අයිඩියා එක.
‘අපරාදේ ඒ ෆැෂන් එක තුමිඳුට හරි පෙනුමයි…’
කවුරුත් ඔහුට එහෙම කිව්වා. ඒත් ඊයේ පෙරේදා දවසක යූටියුබ් චැනලයක කතාබහකට ඇවිදින් මේ කඩවසම් කූඹියා කිව්වේ,
‘ජෙහාන්ගේ චරිතය වෙනුනේ හෙයා ස්ටයිල් එක වෙනස් කරන එකවත්, කොණ්ඩෙ මුඩු කරන එකවත් ඔහුට ලොකු කේස් එකක් නෙවෙයි’ කියලයි.
අහන්නත් දෙයක්යැ, ඩබල් ගේම් ගහන ජෙහාන් කියන්නේ බලන්නම වටින කැරැක්ටර් එකක්.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු