• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිසේ ඉඳන් දෙපතුල වෙනකම් මම බ්‍රෑන්ඩ් බලලා තමයි අඳින්නේ! ලෝකයේ වැඩිම ඉල්ලු‍ම තියෙන්නේ තලෙලු‍ පාටට!

March 7, 2022
in Heart
Reading Time: 4 mins read
A A
හිසේ ඉඳන් දෙපතුල වෙනකම් මම බ්‍රෑන්ඩ් බලලා තමයි අඳින්නේ! ලෝකයේ වැඩිම ඉල්ලු‍ම තියෙන්නේ තලෙලු‍ පාටට!
Share on WhatsAppShare on Facebook

රේන්ජ් රෝවර් එක ගත්තේ සෑහෙන්න කට්ටක් කාලා…
ඒක දැකපු ගමන් පින්තූරය කපලා බිත්තියේ අලවා ගත්තා…
ආස වුණේ තාත්තා ගෙනාපු පත්තරේක තිබුණු රෝස පාට රේන්ජ් ‍රෝවර් එකක් දැකලා…
බ්‍රෑන්ඩ් එකක නමක් කිව්වහම ලංකාවේ මොඩල්ස්ලා උඩ බිම බලනවා…
ලංකාවේ ඉන්ජෙක්ෂන් ගහගෙන හම සුදු කරගන්නවා…
අපේ රටේ අය රංගනයයි නිරූපණයයි දෙක පටලවා ගෙන ඉන්නේ…

වෘත්තීයමය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව පිළිගත් නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. 2017 වසරේදී විශ්ව විවාහක රූ රැජින වුයේ ද ඇයයි. ඇය මිලදී ගත් සුපිරි රේන්ජ් ‍රෝවර් රථය නිසා ඇය බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. ඒ නිසාවෙන් ඇයගේ තොරතුරු දැන කියා ගැනීමට මව්රට හාට් ඇයව කතාබහට එක් කරගත්තා.

කොහොමද මේ දවස්වල වැඩකටයුතු ?
ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. මගේ අලු‍ත්ම ගීතය එළි දැක්වූවා. කවුරුත් දන්න මගේ රෝස පාට රේන්ජ් ‍රෝවර් රථය දාලා වෙනස් විදිහක වැඩක් කළා. හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඊට අමතරව මම මොඩ්ලින් ක්ලාස් කරනවා. ඒකත් එක්ක සති අන්තයේ කාර්යබහුල වෙලා ඉන්නවා. බ්‍රෑන්ඩ් ෂූට් ටිකත් කරගෙන කාලය ගත කරනවා.

ඔබේ නවතම නිර්මාණය වන “පාට ගෑ”‍ ගීතය ගැන කතා කරමු…
මේ ගීතය එදිනෙදා ලංකාවේ දකින ගීතයකට වඩා වෙනස් තේමාවකින් තමයි නිර්මාණය කළේ. මෝටිවේෂනල් සෝන්ග් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. මම හිතුවා මිනිසුන්ට යමක් දෙන්න පුළුවන් දෙයක් කරන්න ඕනී කියන එක. කෙනෙක්ට අඬන්නවත්, පරණ මතක හාරා අවුස්සලා දුකට පත් කරන්නවත් මම කැමති නැහැ. මේ ගීතයේ තියෙන්නේ මගේ ජීවිත කතාව. මම බිංදුවෙන් පටන් අරන් තනියම ආ ගමනක් නිසයි අද තැනක ඉන්නේ. මම කවදාවත් මගේ දෙමව් පියන්ගෙන් දේවල් අරන් මගේ හීනවලට ගියේ නැහැ. ගීතය පැය විසිහතරක් ඇතුළත කිසි බූස්ට් කිරීමකින් හෝ පේජ් ප්‍රොමෝෂන් කිරීමකින් තොරව නැරඹුම් වාර ලක්ෂය ඉක්මුවා. මම හිතනවා ප්‍රේක්ෂකයන් ගීතය ආදරයෙන් වැලඳ ගත්තා කියලා.

ඔබ මෑතකදී මිලදී ගත් රේන්ජ් ‍රෝවර් රථය නිසා ඉහළ ජනප්‍රියත්වයක් ලැබුණා නේද?
ඔව්. 2017 වර්ෂයේ විශ්ව විවාහක රූ රැජින ලෙස හා නිරූපිකාවක් විදිහට මාව දැනගෙන හිටියට රේන්ජ් ‍රෝවර් රථය මිලදී ගැනීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වුණා. මම හිතනවා ඉන් නිරූපණ ක්ෂේත්‍රය ගැන තිබුණ කළු පැල්ලම ඉවත් කරන්න ලොකු සේවයක් කළා කියලා. මට එන ප්‍රතිචාර, මාව ෆලොව් කරන විදිහට හා කමෙන්ට්ස් එක්ක මට තේරෙනවා රේන්ජ් ‍රෝවර් රථය ගත්ත එක හොඳ තීරණයක් කියලා.

රේන්ජ් ‍රෝවර් රථය තමාට ආවේණික විදිහට සකසා ගැනීමට හේතු වුණේ මොකක්ද ?
මම පුංචි කාලයේ පටන්ම වෙනස් විදිහට හිතන පතන කෙනෙක්. මම පුංචි කාලයේ ඉඳන්ම හිතුවා ගැහැනු ළමයින්ව සංස්කෘතිය කියන්නේ මේක, අඳින පලඳින විදිහ, කතා කරන්න ඕනී විදිහ මේකයි කියලා රාමුවක් ඇතුළේ හිරකරනවා කියලා. අපිව සමාජයට ඕනී විදිහට හැඩගස්සනවා. නමුත් මම විශ්වාස කළේ නැහැ ඒ දේ. අපිට හැමදාම දියුණු වෙන්න බැරි, පිටරට ලෝකයේ තත්ත්වයට අපිට යන්න බැරි පුංචි කාලයේ පටන්ම අපේ මානසික මට්ටම රාමුගත කරලා මොට කරන නිසයි. මම පොඩි කාලයේ ඉඳන් දකිනවා පිටරට සෙලිබේටීස්ලා පාට පාට වාහන පාවිච්චි කරනවා. ඉතින් ඒවා දකිනකොට මට හීනයක් ආවා රේන්ජ් රෝවර් රථයක් ගන්න. මම ඒ කාලයේ පටන් හැම වාහනයකට ම කැමතියි. රේන්ජ් රෝවර් රථයට ආසා වුණේ තාත්තා ගෙනාපු සති අන්ත ඉංග්‍රීසි පුවත්පතේ දැකපු රෝස පාට රේන්ජ් ‍රෝවර් රථයක පින්තූරය නිසයි. ඒ රථයට ආපු ආසවත් එක්ක ඒක දැකපු ගමන් මම පින්තූරය කපලා බිත්තියේ අලවා ගත්තා. රේන්ජ් ‍රෝවර් සිහිනය සැබෑ කරගන්න මට වසර ගණනාවක් ගත වුණා. ඉතින් මගේ ගෙදර කාර් පාර්ක් එකේ මගේ හීනය තියෙනවා දකිද්දී පුදුමාකාර ආත්ම තෘප්තියක් දැනෙනවා.

රේන්ජ් ‍රෝවර් සිහිනය සැබෑ කරගත්තේ සැමියාගේ උදව්වෙන්ද නැත්නම් දේශපාලන බලයකින්ද?
මම හීන පසුපස දුවපු කෙනෙක්. මට ජීවිතයේ හැම වයසකදීම ඉලක්ක තිබුණා. හීන තිබුණා. මගේ උසස් අධ්‍යාපනය අවසන් කර මා විවාහ වුණා. මම හස්බන්ඩ් මගේ හීනය ගැන දැනගත්තත් මම එයාට ඒ හීනය අරන් දෙන්න කියලා යෝජනා කරලාවත් නැහැ. එයා දන්නවා එයාගේ සල්ලිවලින් මගේ හීනය අරන් දුන්නොත් ඒකෙන් වෙන්නේ මගේ හීනය නැති වෙන එක කියලා. එතකොට ඒක මට තෑග්ගක්නේ. අනිත් දේ වෙන කාගෙන්වත් හයියකින්වත් බලයකින්වත් නෙවෙයි මගේම මහන්සියෙන් හෑබෑ කරගත්තු හීනයක් මේක.

ඇත්තටම සල්ලි කොහෙන්ද මේ වගේ වාහනයක් ගන්න?
මගේ පළවෙනි රැකියාව තමයි ගුරු වෘත්තිය. සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉවර වෙලා ප්‍රතිඵල එනකන් මාස කිහිපයක් ගෙවල් අවට ළමයින්ට ටියුෂන් කළා. මට කවදාවත් අවශ්‍ය වුණේ නැහැ මාස ගානක් ගෙදරට වෙලා මගේ කාලය නාස්ති කරන්න. මම ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව කරන්න තමයි උසස් අධ්‍යාපනයට යන්නේ. වසර දෙකහාමරක් ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව හදාරලා ශ්‍රී ලංකා ගුවන් සමාගමට සම්බන්ධ වුණා. ඊට පස්සේ හොඳ ජොබ් ටේ්‍රනින් එකකට සම්බන්ධ වුණාට පස්සේ තමයි අහම්බෙන් ගුවන් සේවිකාවක් වුණේ. හස්බන්ඩ් ගුවන් නියමුවෙක් නිසා දෙන්නාම ගුවන් සමාගමට සම්බන්ධ වීම පවුල් ජීවිතයට ගැටලු‍වක් නිසා විවාහයෙන් පසු ගුවන් සමාගමින් මම ඉවත් වුණා. ඊට පස්සේ වසර හයක් ඩුබායි පදිංචි වෙලා හිටියේ. එහිදී අහම්බයෙන් මොඩ්ලින් කරන්න පටන් ගත්තා. එහේ තිබුණා Mom and duagther කියලා ෆැෂන් ෂෝ එකක්. මමයි මගේ දුවයි ඊට සහභාගි වෙලා ජයග්‍රහණය ලබා ගත්තට පස්සෙ ඒ රටේ ගොඩක් බ්‍රැන්ඩ්ස් කරන්න පොටෝ ෂූට්වලට ආරාධනා ලැබුණා. වසර පහ හයක් ඩුබායි අබුඩාබි, සාජා කියන ප්‍රාන්තවල වැඩකරල මට ලැබුණු හැම සතේම මම ඉතුරු කරගත්තා. අවසානයේදී මම මගේ හීනය සැබෑ කරගත්තා. ගොඩක් අයට මම මොඩ්ල් කෙනෙක් රෝස පාට රේන්ජ් ‍රෝවර් එකක් තියෙනවා කියලා විතරයි දන්නේ. අවුරුදු 16 ඉඳන් මේ තාක් දුක් මහන්සියෙන් හම්බ කරපු විදිහ කාටවත් පේන්නේ නැහැ.

ඒ වගේම ඔබ මිලෙන් අධික ඇඳුම් පැලඳුම් ආදිය භාවිත කරන කෙනෙක්?
බ්‍රෑන්ඩ් එකක නමක් කිව්වහම ලංකාවේ සමහර මොඩල්ස්ලා උඩ බිම බලනවා. අපේ මිනිසුන්ට තව ලෝකය පිළිබඳ දැනුම අවබෝධයක් අවශ්‍යයි. පිටරට මොඩ්ල් කෙනෙක් අනිවාර්යයෙන් අඳින්නේ බ්‍රෑන්ඩ් නේ. මම පිටරට ඉන්ටවීව් එකකට යනවා නම් හිසේ සිට දෙපතුල තෙක් මම බ්‍රෑන්ඩ් බලලා තමයි අඳින්නේ. මොකද මුලින්ම මනුස්සයෙක් හමුවෙද්දී එයාගේ හිත කියවන්න බැහැ පේන්නේ බාහිර පෙනුම විතරයි. මොඩ්ල් කෙනෙක්ට පළවෙනියටම තියෙන්නේ බාහිර පෙනුම තමයි. නිරූපිකාවක් වුණත් රංගන ශිල්පිනියක් වුණත් සාමාන්‍ය අයට වඩා සෙලිබ්‍රේටී පෙනුමක් පේන්න අඳින්න ඕනී. මම නිතරම ඒක පිළිපදින දෙයක්. මම මගේ ප්‍රතිරූපය වගේම හැමදේම මේන්ටේන් කරන කෙනෙක්.

නිරූපණ කේෂ්ත්‍රය කියන්නේ කොහොම තැනක් ද ලංකාවේ සහ විදේශීය රටවල ගත්තහම?
පිටරටයි ලංකාවයි සංසන්දනය කරනකොට හරියට අහසට පොළොව වගේ. පිටරට වැඩකරලා ලංකාවේ වැඩකරන්න ආවට පස්සේ ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයක්මද තියෙන්නේ කියන එක ප්‍රශ්නයක්. මොඩ්ල්ස්ලාට හරි වෘත්තීයමය වටිනාකමක් නැතිබවක් තමයි ලංකාවේ දකින්නේ. මොඩ්ල්ස්ලාට තදටම කළු පැල්ලම තියන රටක් තමයි ලංකාව. ලංකාවේ සමහරු ක්ෂේත්‍රයට ආ ගමන් ඉන්ජෙක්ෂන් ගහගෙන හම සුදු කරගන්න හදනවා. නමුත් පිටරට මිනිස්සු හරි ආසයි අපේ හමේ පාටට. ලෝකයේ වැඩිම ඉල්ලු‍ම තියෙන්නේ සුදු පාටට නෙමෙයි තලෙළු‍ පාටටයි. අපේ රටේ අය රංගනයයි නිරූපණයයි දෙක පටලවා ගෙන ඉන්නේ. පිටරට මොඩ්ල් කෙනෙක් ගත්තම එයා රඟපාන්න යන්නේ නැහැ. මොඩ්ලින් නම් මොඩ්ලින්.‍ රඟපාන්න වෙනම අය ඉන්නවා එහේ. අනික තමයි චරිතය පවත්වාගෙන යන අය කීයෙන් කී දෙනා ද ඉන්නේ ලංකාවේ. මොඩ්ල් කෙනෙක් වෙන්න මොන තරම් සුදුසුකම් තියෙන්න ඕනි ද. ඕනම ක්ෂේත්‍රයක අධ්‍යාපනයක් නැතුව ගියහම එහි පැවැත්මක් නැහැ.

නිරූපණ කේෂ්ත්‍රයට කෙනෙක් එනවා නම් මුලින්ම කළ යුත්තේ කුමක්ද ?
ලංකාවේ ඕන තරම් අවස්ථාවන් තියෙනවා. ඕනී තරම් යන්න මාර්ග දොරටු විවර කරගන්න පුළුවන් හරි විදිහට මේ ක්ෂේත්‍රයට ආවොත්. එනකොටම නම කැත කරගෙන කෙටි පාරවල්වලින් යන්න ගියොත් අතරමං වීමේ සම්භාවිතාව වැඩියි ක්ෂේත්‍රයේ බහුතරයකගෙන් එන නරක උදාහරණයත් එක්ක. ක්ෂේත්‍රයට කෙනෙක් එනවා නම් පොඩ්ඩක්වත් බිය විය යුතු නැහැ. මුලින්ම දැනුම, ආකල්ප, බාහිර පෙනුම, සමාජ මාධ්‍ය භාවිතය ගැන සැලකිලිමත් වෙන්න.

කිරුළු පැලඳු රූප රාජිනියන් කේෂ්ත්‍රය වෙනුවෙන් හා සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් හා යුතුකම් මොනවාද ?
ජයග්‍රහණය කරන හැම කිරුළට ම වගකීමක්, අරමුණක් තියෙනවා. සමාජයට, කාන්තාවන්ට, දරුවන්ට වගේම මේ ලෝකයට වැඩදායි විදිහට යම් දෙයක් කරන්න. අපි රට නියෝජනයට වෙන රටකට යද්දී මේ රටේ සෑහෙන්න වැඩකොටසක් ඉටු කරලා යන්නේ. කිරුළක් පැලඳි හැම අයෙක්ගේම වගකීම වෙන්නේ සමාජයට මොන යම් හෝ සේවයක් ඉටුකිරීමයි.

-ටෙනායා ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…! කුස ගින්දරට පුතුනේ ඒ එළිය මදී…!

Next Post

මම කරපු කිසිම දෙයක් ෆෙල් නැහැ! අද වෙනකන් එක රුපියලක් අරගෙන නෙමෙයි රඟපෑවේ!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.