• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිංදු හදලා දෙන්නේ මුල් හතර දෙනාට විතරයි…

August 3, 2021
in Heart
Reading Time: 4 mins read
A A
සිංදු හදලා දෙන්නේ මුල් හතර දෙනාට විතරයි…
Share on WhatsAppShare on Facebook

ගමෙන් ලැබුණු ප්‍රතිචාර තවම ඒ විදියමයි…
හිරු එක අපිව අමතක කරලා නැහැ…

පසිඳු නිලක්ෂණ කියන්නේ හිරු ස්ටාර් වේදිකාවේ බොහෝ කතාබහට ලක්වුණු තරුවක්. අවසන් තරගකරුවන් හතර දෙනා අතරට එක් නොවුණත් පසිඳුට අති විශාල ජනප්‍රියත්වයක් හිමි වෙලා තිබුණා. ඒ අතරේ පසිඳුගේ පළමු ගීතය පසුගියදා අන්තර්ජාලයට එකතු වුණා. මේ පසිඳු නිලක්ෂණ අපි එක්ක කළ කතාබහ.

පසිඳුගේ අලුත් සිංදුවට ඉතා විශාල ප්‍රතිචාර ලැබෙන බව පේනවා. ඒ හින්දා ඒ සිංදුව හැදුණු විදිය ගැන අපි මුලින්ම කතා කරමු?
මේක අහම්බෙන් වුණු වැඩක් කිව්වත් හරි. මම මගේම කියලා නිර්මාණයක් කරන්න සූදානමින් හිටියේ. ඒත් රටේ තත්ත්වයත් එක්ක ඒක ටික ටික කල් ගියා. ඒ අතරේ ෑඩදනැ ඵමිසජ එකේ ප්‍රදීප් අයියා සිංදුවක් කරන්න මට ආරාධනා කළා. ඒ ආරාධනාව උඩ තමයි මේ සිංදුව නිර්මාණය වුණේ.

මේ වගේ සිංදුවක් තෝරා ගත්තේ ඇයි කියලා ඇහුවොත්?
කොහොමත් මල් සිංදුවක් නොවෙන ඒත් ජනප්‍රිය වෙන්න පුළුවන් සිංදුවක් කියන්න ඕනෑ කියලා තමයි මම හිතා ගෙන හිටියේ. මේ සිංදුව ඒකට ගැළපෙනවා කියලා මට හිතුණා.

හිරු ස්ටාර් වැඩසටහන ඉවර වෙලා දැන් සෑහෙන කාලයක් වෙනවා. පසිඳුගේ පළමු නිර්මාණය එළිදක්වන්න ගත්ත කාලය වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්තටම වැඩියි. ඒත් හිරු ස්ටාර්වලින් පස්සේ රටේ තිබුණු තත්ත්වය තමයි ඒකට බලපෑවේ. වැඩසටහන ඉවර වුණු ගමන්ම මම මගේම කියලා වැඩක් පටන් ගත්තා. ඒත් ඒ කාලය තුළ තනිවම ඒක එළියට දාගන්න බැරි වුණා.

හිරු ස්ටාර් අවසන් තරගකරුවන් කිහිප දෙනාට හිරු ආයතනය මඟින්ම ගීත නිර්මාණයක් කරලා දෙනවා කියලා තමයි බොහෝ දෙනා හිතා ගෙන ඉන්නේ. පසිඳුට ඒ අවස්ථාවක් ලැබුණේ නැද්ද?
හිරු ස්ටාර් තරගයේ අවසන් තරගකරුවන් හතර දෙනාට විතරයි එහෙම නිර්මාණයක් ලැබෙන්නේ. මම තරගාවලියේ පස්වැනියාට ඉවත් වුණේ. ඒ හින්දා මට එහෙම නිර්මාණයක් ලැබෙන්නේ නැහැ.

හැබැයි ඒ වගේ තරගාවලියක පස්වැනියා දක්වා එන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. එහෙම පසුබිමක තරගයෙන් පස්සේ පස්වැනියා ගැන නොසලකා හරින එක සාධාරණ නැහැ නේද?
හිරු ආයතනයෙන් එහෙම නොසලකා හැරීමක් නැහැ. ගොඩක් වැඩවලට අපිට කතා කරනවා. ඒත් මගේ කැම්පස් එකේ වැඩ සහ පොළොන්නරුවේ ඉඳන් එන්න තියෙන අපහසුතා හින්දා ඒවට සහභාගි වෙන්න මට බැරි වුණා. එහෙම වුණේ හිරු එක අපිව අමතක කෙරුව හින්දා නෙවෙයි.

ඒත් ඔබේ පළමු ගීතය වෙනත් ආයතනයක රේඩියෝ නාළිකාවක් හරහා තමයි මුලින්ම ප්‍රචාරය වුණේ?
මෙහෙමයි. මගේ මුල්ම ගීතය යූටියුබ් දැම්මට පස්සේ ෂා එෆ්. එම්. එකටයි, ශ්‍රී එෆ්. එම්. එකටයි මම ගිහින් දුන්නා. ශ්‍රී එෆ්. එම්. එකේ හිටිය යාළුවෙක් හින්දා ඒක මුලින්ම ශ්‍රී එකේ ගියා. ඒකයි වුණේ. එහෙම නැතිව වෙන ප්‍රශ්නයක් නැහැ.

අපි පොඩ්ඩක් කතාව වෙනස් කරමු. විශ්වවිද්‍යාල වැඩකටයුතු කරන ගමන් පසිඳු කොහොමද ගායන කටයුතුවලට කාලය වෙන් කර ගන්නේ?
මම හිරු ස්ටාර් සඳහා සහභාගි වෙද්දිත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඒ කාලෙත් ඒ දෙක සමබර කර ගන්න මට පුළුවන් වුණා. දැනුත් මම ඒක කරනවා. මගේ අයියත් කැම්පස් එකේ ඉන්න හින්දා මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

කොහොමද ගමෙන් ලැබෙන ප්‍රතිචාර. තවම වෙනස් වෙලා නැද්ද?
තවම ඒ විදියමයි. අදටත් අපේ ගෙදරට හැමදාම කවුරුහරි එනවා කතා කර කර ඉන්න.

රියැලටි වැඩසටහන්වලින් එන බොහෝ තරු කෙටි කාලයකින් හැමෝටම අමතක වෙලා යනවා. ඒ තත්ත්වය වෙනස් කරලා හැමදාම හැම දෙනාම කතා කරන තරුවක් වෙන්න පසිඳුට පුළුවන් වේවි කියලා හිතෙනවාද?
ඒ විදියේ තරුවක් වෙන්න තමයි මට අවශ්‍ය. ඒ සඳහා වෙනස් විදියේ නිර්මාණ කරන්න අවශ්‍යයි. එක සැරේ ජනප්‍රියවෙන නිර්මාණයකට වැඩිය කාලයක් හැමෝම කතා කරන, හැමෝගෙම හදවතට දැනෙන නිර්මාණ කරන්න අවශ්‍යයි. මගේ මුල්ම සිංදුව හිට් වෙන විදියේ එකක්. ඒත් මගේ ඊළඟ සිංදුව ගොඩක් වෙනස් වේවි. එවැනි නිර්මාණ හරහා කාලයක් රැඳිලා ඉන්න පුළුවන් කියලා මම හිතනවා.

කවදාද අපිට ඒක අහන්න ලැබෙන්නේ?
මේ අවුරුද්දේ දෙසැම්බර් වගේ වෙනකොට ඒක අහන්න දෙන්න පුළුවන් වේවි කියලයි මම හිතන්නේ.

-චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මහින්දානන්දට කොරෝනා!

Next Post

කොරෝනා මරණ 74ක්!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට සාධාරණයක් ඉටු කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ මනෝරි සලේ සහ පුතා මල්වතු...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.