ඡායාරූපය නම් ගොඩක් පරණයි. නැත්නම් ඉතින් ඒක කළුසුදු එකක් වෙන්න බැහැනේ. ෆොටෝ එක ගත්තේ කවුද කියලා නිනව්වක් නැහැ වාගෙම මේ ෆොටෝ එක ගන්න කැමරා එක ක්ලික් කරපු එකේ වටිනාකම ගැන කියන්නත් ඇත්තටම වචන නැහැ. (Sri Lanka Latest News)
වැඩි සෝබනයක් හිතට ගැනීමක් නැතුව එදා ඒ ෂොට් එකට මේ විදියට ළාවට හිනාවක් දීලා ඉන්න ප්‍රවීණයෝ තුන් කට්ටුව ගැන වුණත් වැඩි විස්තර නම් ගම් ලියන්න අවශ්‍ය නැහැ. ඒ තරමට ඔවුන් කලාවට ළැදි මිනිස්සුන්ගේ හිත්වල හැමදාමත් ජීවත් වෙනවා.
එකට ඉඳගෙන බොහොම සමීපව ඉන්න මේ තුන් දෙනාගෙන් දෙන්නෙක්ම අද ජීවිත ගමනෙන් සමු අරගෙන ගිහින් අවසානයි. ප්‍රවීණ සංගීතඥ විශාරද ඩබ්ලිව් ඩී. අමරදේවයන් නම් යන්න ගියේ එතුමාගේ ජීවිතයේ සැඳෑ සමය තුළ නිස්කලංකව දවස ගෙවමින් ඉන්න කාලෙයි. ප්‍රවීණ නිවේදක සොඳුරු ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් කාටත් හොරා නොසිතූ වෙලාවක යන්න ගියේ දාමරිකයකුගේ ම්ලේච්ඡ වෙඩි පහරකින්. ප්‍රවීණ ගායක සංගීතඥ විශාරද වික්ටර් රත්නායක අදටත් සිය කලා කටයුතුවල නියැළෙමින් දවස ගෙවනවා. හැමදාම සතුටින් ඉන්න කියලා අපි ඔහුට දිගාසිරි පතනවා.
කොහොමත් කලා කෙත හරි මනරම් ලෙස අස්වැද්දූ කලාකරුවන් තිදෙනකුගේ වටිනා එකමුතුවක් වෙනුවෙන් මෙච්චර වටිනා සැමරුවකට කැමරාව මානපු ෆොටෝ මහත්තාටත් අපේ ගෞරවය දුන්නා ඔන්න.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු