• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලොකු සීන් නැහැ! Sri Lanka Latest News

June 10, 2025
in Heart
Reading Time: 3 mins read
A A
ලොකු සීන් නැහැ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාට කුරුල්ලෝ එක්ක ඇවිදින් ආලින්දයේ සිනමාව විකසිත කළ ලස්සන නිම්නාවි ඔන්න මේ සතියේ ‘හාට්’ එකට ගොඩවැදුණා.
නිම්නාවි විතරක් නෙවෙයි, ‘ආලවන්ති’ ටෙලියෙ මෙතුලි විදියටත් ඈ රසික සිත්වල අමතක නොවන මතකයක් වී හමාරයි.
ඔයාලා දන්නවා මේ කියන්නෙ පියුමාලි එදිරිසිංහ ගැනයි කියලා. Sri Lanka Latest News

මේ දවස්වල පියුමාලි ගොඩක් බිසී කියලා ආරංචියි?
ඔව්, ගොඩක් බිසී තමයි. ආලවන්ති, පාට කුරුල්ලෝ ෂූටිං අතරට ෆිල්ම් එකක ෂූටිනුත් වැටුණා. ඒ හින්දා නිවාඩුවක් තිබුණෙම නැහැ.
ෆිල්ම්වලටත් ඔයාට ආරාධනා එනවද?
මේ මගේ දෙවැනි ෆිල්ම් එක. මුලින්ම රඟපෑවේ ‘මීරා’ කියලා ෆිල්ම් එකක. ඒක තව මාස දෙකකින් විතර තිරගත වේවි. මේ දවස්වල ෂූටිං තියෙන්නේ මොහාන් නියාස්ගේ ‘වර්ෂා’ ෆිල්ම් එකේ.
බලාගෙන යනකොට ඔයා හරි ලකී?
මටත් හිතෙනවා මම හරි ලකී කියලා.
නිළියක් වෙන්න හීන දැක්කේ කොයි කාලෙ ඉඳන්ද?
නිළියක් වෙන්න ඕනෙ කියලා හීනයක් මගේ ජීවිතේ තිබුණෙ නැහැ. ඒක අහම්බයක්.
ජාතික රූපවාහිනියේ රූ රැජින තරගෙට ඔබ ආවේ නිළි වරම් ගන්න නෙවෙයිද?
එහෙම හීනයක් එතැන තිබුණෙ නැහැ. පළමු තැන ගන්න හැඟීමක්වත් හිතේ තිබුණේ නැහැ. ඒ වාගේ තරගයකට ගිහින් ටීම් වර්ක් එකක් විදියට වැඩ කරන්න ලොකු ආශාවක් තිබුණා. ඒ නිසයි තරගෙට ඉදිරිපත් වුණේ. අනෙක එතකොට මම ඉගෙනගන්නවා. මගේ වයස අවුරුදු දහඅටයි. ටෙලිවල රඟපාන්න ආරාධනා ඒ කාලේ ආවත් මම ඉගෙනගන්න ඕනේ නිසා ඒවා භාරගත්තේ නැහැ.
රඟපාන්න හිතක් ආවේ කොහොමද එතකොට?
අනේ මන්දා. ඒකට හරියටම හේතු කියන්නත් බැහැ. කොහොම හරි මං ටෙලි රංගනයට ආවා.
පාට කුරුල්ලෝ එකේ මේන් ඇක්ටර් සජිත ඇන්තනී නිසාද තිර පිටපත භාරගත්තේ?
සජිත අයියා එක්ක පළමු ටෙලිය රඟපාන්න ලැබුණු එක සතුටක්. ඒත් රංගනයට ආව හේතුව ඒක නෙවෙයි. ටෙලි නාට්‍යවලට එන්න කලින් මම ටීවී කොමර්ෂල්වල හිටියා. එහෙම දැකලා තමයි පාට කුරුල්ලෝ ප්‍රඩියුසර් චාමර සමරවික්‍රම නිම්නාවිගේ චරිතයට මට කතා කළේ. මුලින්ම මම බැහැමයි කිව්වා. ඉන් පස්සේ කිහිප වතාවක්ම කතා කළා. අනෙක නාට්‍යය ඩිරෙක්ට් කරන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියලා දැනගත්තාම හිතට ආශාවක් ආවා ටෙලිය භාරගන්න. මොකද මම ‘නාඩගම්කාරයෝ’ බැලුවේ ගොඩක් ආශාවකිනුයි. ඒ වගේම මං කලාවට ආදරෙයි. ඉතින් ඔය කියන හැම කාරණයක් එක්කම නිළියක් වෙන්න ආශාව අහම්බෙන් හිතට දැනුණා.
දැන් ඔයා ඉන්නේ චරිත හඹායන පිපාසෙන්?
හඹා යන්නේ නැහැ. මට චරිතවලට ආරාධනා ලැබෙනවා. ඒ වගේම මේ ෆීල්ඩ් එකට හරි ආසයි. දිගටම ෂූටිං වැටුණත් මහන්සියක් දැනුණත් ගෙදර ඉන්න දවසට ‘අදත් ෂූටිං තිබුණා නම්’ කියලා හිතෙන තරමට සෙට් එකේ ගෙවෙන ජීවිතේට ආසයි.
පෙම් චරිත රඟපානකොට ඔයා හරි හැඟීම්බරයි?
ඒක එහෙම වෙන්න එපැයි. නැත්නම් කොහොමද ලැබෙන චරිතෙට සාධාරණයක් කරන්නේ?
බුවිනියි දිනක්ෂියි ඒ ගැන ටිකක් අවුලෙන්ලු ඉන්නේ?
අම්මෝ ඒක නම් අමූලික බොරු. බුවිනි අක්කයි දිනක්ෂි අක්කයි මාත් එක්ක හරිම යාළුයි. අපි හැමෝම එකම පවුලේ අය විදියටයි ආශ්‍රය කරන්නේ. ඒ හින්දා සජිත අයියයි සාරංග අයියයි එක්ක මොන තාලෙට පෙම් ජවනිකා රඟපෑවත් ඒක එයාලා අවුලක් කරගන්නේ නැහැ.
හිට් වේගන එනකොටම මැරි කරන්න හදිසි වුණේ ඇයි?
මම තවම මැරි කරලා නැහැ. එන්ගේජ් වුණා විතරයි තවම. තව ටිකක් මෙහෙම ඉන්නයි කල්පනාව.
පසුගිය දවස්වල සෝෂල් මීඩියාවල ලස්සන ෆොටෝ ෂූට් එකක් ගියානේ?
ඕවා ඔක්කොම බොරු. කවුරු හරි ආශාවට කරන දේවල්. ඕවා ගනන් ගන්න හොඳ නැහැ. කවුරු හරි ඒකෙන් සතුටු වෙනවා නම් එච්චරයි.
අයේෂ්ටත් රඟපාන්න චාන්ස් එක අරන් දුන්නා?
මම නැහැ ඕවට. ආලවන්ති එකේ කට්ටිය තමයි එයා රට ඉඳලා ඇවිදින් මාව බලන්න සෙට් එකට ආව වෙලාවක ඔය අදහස දැම්මේ.
නරක නැහැ නේද ඒ අදහස. එයාටත් රඟපාන්න පුළුවන්?
එහෙම තමයි හිතන්නේ. ලංකාවේ ඉන්නකල් එයාගේ දායකත්වය ආලවන්තිට ලැබේවි.
මැරි කරලා රට ගියාම රංගනයට සමුදෙනවද?
මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි තරමට රංගනයට හිත ගිහින් ඉවරයි. ඒත් ඉතින් මම ඉන්න ඕනෙ එයා ළඟ. එයා හොඳ ලයිෆ් පාට්නර් කෙනෙක්. අයේෂ් මට දෙන ආදරයට ආරක්ෂාවට මගේ සතුට වෙනුවෙන් කැමැති දේ කරන්න මට දුන්න නිදහසට මම එයාට තෑන්ක් කරනවා. ඒ වගේම ගරු කරනවා.
අනාගත හීන ඉලක්ක එහෙම තියෙනවද?
එහෙම ඉලක්ක හීන නැහැ. හෙට දවස ගැන ලොකු සීන් හිතට අරන් නැහැ. සරලව සුන්දරව ජීවිතේට මුහුණ දෙනවා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

ගෙවල්වල ලොකු ලොකු බල්ලො ඇතිකරනවා! උදේට හවසට උන්ව මහපාරට ගෙනල්ලා ජරා කරවලා ගෙදර ගෙනියනවා! ඕක තමයි ලංකාවේ ක්‍රමය! ඉරානේ නම් ඒ වැඩේ තහනම්ම කරලා දාලා! බල්ලෝ හදන එවුන් ඔක්කොම වැඩ ටික ගේ ඇතුළෙම කරෝපල්ලා!  Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමා තිබ්බ අත්සනක් ගැන දැන් දන්නෙ නෑලු! ඒකට වෙන කෙනෙක් අත්අඩංගුවටත් අරන්! ඔය වගේම වෙන රටවල් එක්ක අත්සන් කරපු ගිවිසුම් ගැන මම දන්නෙ නෑ කිව්වොත් මොකද වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.